අඩවියේ හිතවතුන්

Tuesday, June 21, 2016

වර්තමානයේ දුප්පත්කමේ කිරුළ ලද සශ්‍රීකත්වයෙන් බැබැළුන ඓතිහාසික ඌව




“තදින් එන සුළං හඬ සලකා හූවේ
පෙදෙන් නම යෙදුණු බව පවසමි ඌවේ“


ජන කවියා පැවැසු පරිදි ඌවට නම් ලැබුණේ කඳු මුදුන් සිට සිසාරා හූ හඞ නඟමින් එන සුළං හඬ හේතුවෙන්, ඌව යන නම සැදුණු බවකි. එසේම උල්පත් බහුලව පැවැති පළාතක් බැවින් ඌල් නමින්ද පසුව කටවහරින් ගොස් ඌව නමට නාමකරණය ලද බව ද, පැවැසේ. මේ ආකාරයට ඌව නමින් නම ලැබීමට තවත් ඉතිහාස කතාන්දර ගණනාවක්ම පවති.




මහවැලි මහ නදියෙන් පෝෂණය වන්නාවු ද, පිදුරුතලාගල, නමුණුකුල, මඩොල්සිම කඳුවැටියෙන් ද, හපුතලේ කඳු මුදුන්වලින් ද ඇරඹෙන වළවේ ගඟ, මැණීක් ගඟ, ඌමා ඔය, කිරිඳි ඔය, බඳුලු ඔය, ලොග්ගල් ඔය, හෑපොළ ඔය, ගලඔය, මාතැටිල් ඔය, කුඹුක්කන් ඔය, උල්හිටිය ඔය, මාඳුරුඔය, ඇතුළු මහා ගංඟා, ඔයවල් වලින් සුසැදි සශ්‍රීක වු ඌව පළාත රටේ ඓතිහාසික වැදගත් තැනක් හිමි කරගත් පළාතකි.


මහවැලි නදි නිම්නයේ සඟවා ඇති ප්‍රාග් ඓතිහාසික යුගයට දිවෙන ඉතිහාසය ද එලෙසම රාවණා ඇල්ල ගිරි ශිඛර අතර ද සිරව ඇති ඉතිහාසයක් ඇති බවද පැවසිය යුතුය. ඌවේ මනරම් බව සොබාදහමෙන් සිතුවම් කළ රටේ උසම දියඇල්ල වු බඹරකන්ද ද, කාගෙත් නෙත් සිත් වසඟ කරන දියළුම, දුංහිඳ, රාවණා ඇල්ල, පීස්ස ඇල්ල බෝඹුරුඇල්ල ආදි දිය ඇලි ද, ඒවා නිර්මාණයට දායකවූ ප්‍රතාපවත් පෞරුෂයකින් නැඟි සිටි නමුණුකුල, මඩොල්සිම, හපුතලේ කඳු ද සොබාදහම ඌවට උරුම කරදුන් අමිලවූ මනරම් දයාද විය.


බුදුරාජාණන් වහන්සේගේ පහස ලැබූ මේ රටේ පළමු බිම්කඩ මහියංගනය විය. එසේම මුතියංගණය, කිරිවෙහෙර ලොව බෞද්ධ ජනයාටම පුජනීය ස්ථාන බවට පත්විය. එසේම ආසියාතික සමාජ රටාවකට ඉතිහාසයෙන් උරුමකම් කියු අපේ රටේ වැසියන් බෞද්ධාගමින් පෝෂණය විය. ඒ අනුව ඌව දනව්ව පුරා ඓතිහාසිකව වැදගත් කමින් යුක්ත බෞද්ධ වෙහෙර විහාර රාශියක් ඉදිවුණි. ඒවාද ඌව බැබැළු ආභරණ විය.



දුටුගැමුණු  රජ දවස රට එක්සේසත් කිරිමේ මහා සටනක් දියත්වු බව ඉතිහාසයේ සඳහන් වේ. එම සටනට ඌව වෙල්ලස්සෙන් මිල කල නොහැකි දායකත්වයක් ලබාගත් බවටද ඉතිහාසය සාක්ෂි දරයි. යුද්ධයක් කිරිමට ප්‍රථමව ඊට රට සුදානම් කළ යුතුය. රටේ ආර්ථිකය ඊට අනුරුප ලෙස ශක්තිමත් කළ යුතුය. ඒ සඳහා කෘෂි කර්මාන්තය නඟා සිටුවා ආහාර අතින් ස්වයංපෝෂිත බවක් ගොඩනඟා ගත යුතුය. ඒ සඳහා මනා සැලසුම් සහගතව සුදානම් විය යුතුය. දුටුගැමුණු  රජතුමාගේ සහෝදරයා වු සද්ධාතිස්ස කුමරුට එම වගකිම පැවැරු බවත් ඒ අනුව වෙල්යායවල් ලක්ෂයක්, වෙල්ලස්සට, ඌවට උරුම වු බවත් ඉතිහාසය පවසයි. ඌව යනු මහා ධාන්‍යාගාරයක් බවට පත්වු වෙල්යායවල් ලක්ෂයක්ද, වැව් අමුණු ලක්ෂයක් ඉක්මවු ප්‍රමාණයක් ද, මනා ස්වයං පෝෂිත භාවයෙන් යුත් ගෙවතුවලින් ජනාවාස වූ බිමක්ද, මේ සශ්‍රීකත්වය හේතුවෙන් කායික හා මානසික ශක්තියෙන් හෙබි ජනතාවක්ද උරුම වු සුවිශේෂී බිමක්ද බවට ඌව පත්විය. 



1815 මාර්තු 02 වන දින මුළු ශ්‍රී ලංකාද්වීපයම බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට පත්විමත් සමඟ ස්වදේශික ලාංකික ජනයා මහත් මානසික පීඩාවකට, ආර්ථික කඩාවැටීමකට, සංස්කෘතික විනාශයකට ගොඳුරු වන්නට විය. මෙම ආර්ථික සමාජ බිඳවැටීම හමුවේ අධිරාජ්යවාදී බලපැමෙන් රට මුදවා ගැනිමට, මව් බිමට නිදහස ලබා ගැනිමට එඩිතරභාවයකින් නැඟීසිටීමට නම්, ආර්ථික, මානසික ශක්තිය අවැසි විය.  එම තත්වයන් සැපිරී තිබු ඌව දනව්ව එහිදි පෙරමුණු කාර්යයන් ඉටු කළ බව අප කවුරුත් දන්නා ඉතිහාසයේ දැක්වේ. ඉංග්‍රීසීන් විසින් හඳුන්වන ඌව වෙල්ලස්ස කැරැල්ල, සැබෑ ලෙසම ජාතික නිදහස් සටනක් විය. එය ඌවේ ජනයාගේ නායකත්වයෙන් හා දායකත්වයෙන් ඇරඹිණි. 1815-1818 කාලය තුල ඉංග්‍රීසීන්ට රට අත්හැර යාමට තරම් ප්‍රබල බලපෑමක් එල්ල කළ, ඔවුන් කළකිරීමකට ලක්කළ, මෙම සටන ස්වදේශිකයන්ගේ තනතුරු, තානාන්තර, තුටු පඬුරු හමුවේ පාවාදිමේ හා, බිඳවැටිම් හමුවේ ජාතික නිදහස් සටන අඩපණ විය. සටනින් පසු තුන් අවුරුදු කාලයක් ඉංග්‍රීසීන් විසින් දියත් කළ යුධ නීතිය හේතුවෙන් ඌව දනව්ව මහත් විනාශයකට ගොදුරුවිය.  වැව් අමුණු විනාශ කරණ ලදී. කෙත් වතු ද, ඵල දරන ගස් ද කපා බිම හෙළිය. හරකාබාන මරා දැමිණි, වෙහෙර විහාර බිමට සමතලා කරන ලදි. ඌව ජන ශුන්‍ය ප්‍රදේශයක් බවට පත් කිරිමේ හා රටේ ආර්ථික කොඳුනාරටිය බිඳ දැමීමේ මෙහෙයුමක් දියත් විය. ඌවේ අභිමානය, සශ්‍රීකත්වය, සුනුවිසුණු කර දමා අදට වසර 200 කට ආසන්න වී ඇත.


2015 වසරේ මුදල් අමාත්‍යංශයේ වාර්තා පවසන පරිදි ලංකාවේ පළාත් නමය අතුරින් දරිද්‍රතාවය වැඩිම පළාත එනම් දුප්පතුන් වැඩිම පළාත ඌවය. ඌව දුප්පත් වුවාද? දුප්පත් කළාද? සැබැවින්ම ඌව පළාත බලහත්කාරයෙන් දුප්පත් කළ පළාතකි. 1948 නිදහසින් පසු පාලකයින්, බලධාරින් ඌව වෙල්ලස්සට සාධාරණයක් ඉටු කළේ නම් 2015 වන විටත් දුප්පත්කමේ අංක එක ලබමින් ඌව දුප්පත්කමේ කිරුළ හොබවන්නේ නැත. ලංකාවේ දුප්පත්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තේරීමේදි වසර ගණනාවක්ම පසුගිය කාලයේ වැඩිම දුප්පතුන් සිටිතැයි වාර්තාවූ එනම් දුප්පත්කමේ අංක එක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සියඹලාණ්ඩුව විය. 1815-1818 පැවැති අධිරාජ්යේ විරෝධී සටනේදී “සිය බලයෙන් ඉංග්‍රීසීන්ට විරුද්ධව ආණ්ඩුවක් සැදී ප්‍රදේශය”  පසුව සියඹලාණ්ඩුව නමින් විරුදාවලිය ලදී. එම ප්‍රදේශය ලංකාවේ දුප්පතුන් වැඩිම ප්‍රදේශය වුවේ කෙසේද? එසේම ලංකාවේ දෙවනුව දුප්පතුන් වැඩීම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය රිදිමාලියද්ද ද, තෙවනුව මීගහකිවුල ද, සිව්වෙනුව, කන්දකැටිය ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාශය ද වේ. මේ සියලු කොට්ඨාශ ඌවට උරුම විය. සශ්‍රීකත්වයේ හා ස්වයංපෝෂිත භාවයෙන් අංක එකට තිබූ පළාතක් දුප්පත්කමින් පළමු තැනට පත්වු මෑත ඉතිහාසය එබඳුය. ලෝකයේ යුධ අපරාධ හොයන යුගයක, දඩුවම් දෙන යුගයක, වන්දි ගෙවන යුගයක, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් සහමුලින්ම යටත් කරගෙන කළ මහත් විනාශය, කළ මහා කොල්ලයට අප රටටද සැබෑ ලෙසම වන්දි ගෙවිය යුතුය. සාධාරණය ඉටු කළ යුතුය.



එබැවින් ඌවේ අභිමානවත් ඉතිහාසය නැවත ලිවිය යුතුය. නැවත කියවිය යුතුය. ඒ අනුව ඉදිරි ලිපි  තුලින් ඌව වෙල්ලස්සේ  ඉතිහාසය නැවත සටහන් කරමු. එහි පළමු දිගහැරුම මෙලෙස නිමා කරමු.


මා විසින් "කර්ම" සඟරාවට ලියූ ලිපියකි

98 comments:

  1. Major MacDonald of the British Army set fire to the houses, burnt the grain and killed the cattle as an act of retaliation. The Army could shoot any native male over 14 years of age. Many collaborators were shot and some were exiled. Even the family members were taken prisoners. Keppetipola Disawe- the prominent leader of the Uva rebellion of 1918 was executed and his family was deported. Keppetipola Disawe ’s son died under the captivity. After 30 years the British Army used the same cruel fist to defeat the 1848 revolt that was headed by Gongalegoda Bada and Puran Appu . Inhuman and sadistic punishments were inflicted on the villagers and the Army destroyed the fertile social fabric. Many people became the victims of hostile actions and starvation.

    ReplyDelete
    Replies
    1. පමාවි පිළිතුරු ලිවීමට සිදුවීම ගැන කණගාටුවෙමි. අසනීප තත්ත්වයෙන් පසු වීම එයට හේතුවිය. ආක්‍රමණිකයන් රටට කළ විනාශය සුළු පටු නොවුණී. විනාශයේ දිග පළල පිළිබඳ යම් තොරතුරු ප්‍රමාණයක් ඓතිහාසික මුලාශ්‍ර කිහිපයක සටහන් වී ඇත. ඒ ගැන ඉදිරියේ දි කතා කරමු. අදහස් දැක්වුවාට ඔබට බෙහෙවින් ස්තූතියි.

      Delete
  2. ඌවේ අභිමානවත් ඉතිහාසය යළි ලියන ඔබට නොවක් තුති. ඌවේ වැසියෙකු වීම ගැන මම අභිමානයට පත්වෙමි.

    ReplyDelete
    Replies
    1. ඔබට බෙහෙවින් ස්තූතියි.

      Delete
  3. ඉතිහාසයේ හොරනෑව පිඹිමින් පමණක් ඉඳලා වැඩක් නෑ. මේ ලිපියේ ඊළඟ කොටස්වලින් ඌව සඳහා ඔබේ සැළසුම් ඉදිරිපත් කරාවි යැයි සිතමි. නැතිනම් මෙවැනි ලියවිල්ලක ප්‍රයෝජනයක් නැත!

    ඊළඟට මව්බිම සූරැකීම, වීර කැප්පෙටිපොළ බලකාය.... ඕවායින් තමයි අපේ ඇස් ඉදිරිපිටම අප දැන සිටි ජවිපෙට කෙලවුණේ!

    වාක්‍යයක් ඉලක්කමෙන් ඇරඹීම (උදා: 2015 වසරේ මුදල් අමාත්‍යංශයේ) සුදුසු නැත.

    ReplyDelete
    Replies
    1. එය ඉංග්‍රීසි භාෂාවෙන් ලිවීම්දී නුසුදුසු බව ඉගෙන ගෙන තිබේ.

      සිංහල භාෂාවෙන් ලිවීමේදී ද එය නුසුදුසු බවට ඉතා විශ්වාසයෙන් කරන ලද ප්‍රකාශයක් මුල්වරට හමුවුයේ අදයි. ඊට ඔබට ස්තුතියි.

      Delete
    2. @ කෙන්කියුෂා

      සිංහල මුද්‍රිත ලේඛන, පොත්පත්වලත් අනුගමනය කර ඇත්තේ ඒ "සම්මතය" ම තමයි. දැකලා නැද්ද "ක්‍රිස්තු වර්ෂ එක්වා දහස්.....", "ශ්‍රී බුද්ධ වර්ෂ.......", "ශ්‍රී ශකරාජ වර්ෂ ප්‍රමාණයෙන්..." කියා වාක්‍ය ඇරඹෙනවා?

      උදාහරණ: උඩරට ගිවිසුම

      හැබැයි බ්ලොග්වලට අපට වෙනත් "සම්මතයක්" අවශ්‍ය නම් සාදා ගත හැකියි. මගේ අදහස වෙනත් "සම්මතයක්" අනවශ්‍ය බවයි!

      Delete
    3. අනික එය ඉංග්ලිෂ් සම්මතයක් නම් අප එය අනුගමනය කළාට වරදක් නෑ.

      බලන්න මෙතැන මේ වෙන කොට ඉන්න පිරිසේ නම්-

      දුයිෂෙන් (රෂියන්)
      ට්‍රාන්ස් සිල්වේනියා (යුරෝපීය)
      ---ලොජිස්ට් (ඉංග්ලිෂ්)
      කෙන්කියුෂා (පපන්)
      සා රස (පාලි)

      අති බහුතරය විදේශික ඌරුවේ....!!

      Delete
    4. උඩරට ගිවිසුමේ සිංහල ඉලක්කම් තියනවා. (1, 2, 3 .... අරාබි, I.II, III ....ලතින්. ගිවිසුමේ තියනවා වෙනම ජාතියක ඉලක්කම්.). මට හරියටම ෂුවර් නෑ සිංහලට ආවේනිකද ඉන්දියාවටත් පොදුද කියල. සොයා බලන්න පුලුවන් කාට හරි

      අප්පටසිරි සා රස පාලිද?

      Delete
    5. //අප්පටසිරි සා රස පාලිද? //

      :D දහ අට පාලි..

      // "සා රස" යනු gibberish නේද? //
      හෙලයේ මහා ගත් කරු, මාර්ටින් වික්‍රමසින්හ භාරය ට අයිති, ඔහු ගේ පොත් පල කරනා ප්‍රකාශක සමාගමත් gibberish වෙන්න ඇති නේ..

      Delete
    6. රසික "කොළඹ ගමයා "

      Delete
    7. //හැබැයි බ්ලොග්වලට අපට වෙනත් "සම්මතයක්" අවශ්‍ය නම් සාදා ගත හැකියි. මගේ අදහස වෙනත් "සම්මතයක්" අනවශ්‍ය බවයි!//

      සිංහල බ්ලොග් යනු තවත් සිංහල ලියවිලි මිස අනෙකක් නොවේ. ඊට අමුතු සම්මත අනවශ්‍ය බව මම ද සිතමි.

      Delete
    8. ඔබ පිඹින හොරණෑව කුමන අඩව්වකටදැයි නොතේරෙණමුත් ඉතිහාසය ලිවීම කියවීම හොරණෑවක් නොවන බව කාරුණිකව දන්වමි. ඉතිහාසයෙන් අතීත වෘත්තාන්තයන් ගෙනහැර පෑම පමණක් නොව අතීතය හා වර්තමානය සම්බන්ධ කොට අනාගතයට මඟ සලසන පාලමක් සපයන බව දන්වමි. ඉතිහාසය නැමති කවුළුවෙන් අනාගතයට අාලෝකධාරා එක්කරගත් රටවල් මෙන්ම පුද්ගලයන්ද ඔබ හදුනනු ඇත.

      ඉතිහාසයෙන් අනාගතය වෙනුවෙන් ආදර්ශයන් හා ශක්තීන් උකහා ගැනීමේ වරදක් නැත. කෙළවීම හෝ විනාශය සිදුව ඇත්තේ සමාජයට බව පැහැදිලිය. ඉලක්ක ගැනීමේ වරදක් නැත. ඉලක්ක සැපිරුනේ නම් ඔබ ඇතුළු බොහෝ දෙනා සතුටුවෙනු ඇත. ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වූ විට ඒ සඳහා වෙහෙසෙනවුන්ට ඔබ වැන්නන්ගෙන් චෝදනා විවේචන එල්ලවීම වැළැක්විය නොහැක. තේරුම් ගන්නා ලෙස ඉල්ලමි. වඩා හොඳ සමාජයක් වෙනුවෙන් ඔවුන් අරගල කළ බව


      භාෂාව චලනය වන දෙයකි. එය ගතිකත්වයක් ගනු ඇත.
      “වහරනු සෙරෙන් සපයා” යනුවෙන් සිදත් සඟරා කතුවරයා දක්වා තිබෙනුයේ කලානුරූපව වෙනස් වන ව්‍යවහාර බස, නිසි වියරණයෙන් සකස් කරගත යුතු බව ය.

      එමඟින් බසෙහි පරිණාමයට ඉඩ කඩ සැලසෙන අතර වාක්‍යයන් ආරම්භයේදීද වසරකින් ඉලක්කමකින් ඇරඹීම දෝෂයක් නොවන බව දන්වමි.

      Delete
  4. /* වැව් අමුණු විනාශ කරණ ලදී. */

    ඔය වසර දෙසීයකට පෙර විනාශ කරන ලද වැව්වල ස්ථාන සඳහන් ලේඛනයක් තියේ ද? ඒවායින් කීයක්, අප ජවිපෙ ඇමතිකම් දැරූ කාලයේ සෑදූ වැව් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිවලට අඩංගු වුණාද?

    විස්තර දැන ගන්න කැමතියි.

    ඒ විස්තර ජවිපෙ වෙබ් අඩවියෙන් සොයා ගන්න බෑ!

    ReplyDelete
    Replies
    1. රජරටට සහ වයඹට සාපේක්ෂව රටේ අනෙකුත් ප්‍රදේශවල කුඩා වැව් එතරම් ව්‍යාප්තව තිබී නෑ, ඒ ප්‍රදේශවල ප්‍රචලිතව තිබී ඇත්තේ හේන් ගොවිතැන සහ කුරක්කන් (පාට?) සංස්කෘතියක්.

      Delete
    2. ඒ වගේම වැව් සහ අමුණු සාමාන්‍යෙයන් එකට පිහිටින ඒවා නොවේ, වැව් තියෙන්නේ වියලි තැනිවල, අමුණු හදන්නේ තෙත් කලාපයේ.

      Delete
    3. /* ඒවායින් කීයක්, අප ජවිපෙ ඇමතිකම් දැරූ කාලයේ */

      ඉහත වාක්‍යකණ්ඩය පහත පරිදි නිවැරදි විය යුතුය.

      ------ ඒවායින් කීයක්, අර ජවිපෙ ඇමතිකම් දැරූ කාලයේ-------

      Delete
    4. රජරට නම් ඉන්දියානු ආක්‍රමණ හා ජන සංක්‍රමණ නිසා වැව් අමුණු යුරෝපීයයන් එන්න බොහොම ඉස්සර නටඹුන් වුනා. ඒවා පිලිසකර කිරීම ආරම්භ වුනේ බ්‍රිතාන්‍ය පාලන සමයේ

      Delete
    5. අවමංගල්‍ය සභාවක කතා පැවැත්වීමේදි නව යුග දිවියකට පත් යුවලක් සිටිනමුත් ඔවුන් සඳහා උපදේශාත්මක කතාවක් එහිදි කළ නොහැක. ඔබගේ ප්‍රශ්න වලින්ද බලාපොරොත්තු වන්නේ එවැන්නකි. තැන නොතැන හදුනමි. සමහර ප්‍රශ්න පිළිතුරු දීමට තරම් නොවන බැවින් බැහැර කරමි. ඔබට ස්තූතියි

      Delete
  5. දුයිෂෙන් ගේ මනරම් ලිවීමට ස්තුතියි.

    අපි තවමත් 1815 දී සිදුවූ යුධ අපරාධ විනාශයන් ඉතිහාසයේ තිබිය යුතු බවටද මීළඟ පරම්පරා එම ඉතිහාසය දැනගත යුතු බවටද මමද එකඟ වෙමි. නමුත් 2015 න් පසුවත් ඒවාට වන්දි ලබාගත යුතුය මතයේම එල්බසිටීමට මම පුද්ගලිකව එතරම් ආකර්ශනයක් නොදක්වමි. මගේ අදහස නම් ඒවා ඉතිහාසයේ එක් පරිච්චේදයක් ලෙස තිබෙන්නට හැර අප ඉදිරියට යා යුතු බවයි.

    මගේ පුද්ගලික අත්දැකීමක් ලිවීමට ඉඩ ඉල්ලා සිටිමි. පරමාණු බෝම්බ ප්‍රහාරයට ලක්වූ ජපන් මිනිසුන්ගේ පවුල් වල සාමාජිකයන් මම ඇසුරු කර තිබේ. ඔවුන් කිසිවෙකුත් ඇමෙරිකානුවන්ට චෝදනා නොකරති. ඔවුන් පරමාණුක බෝම්බ කෞතුකාගාරය බැලීම එන දහස් සංඛ්‍යාත ඇමෙරිකානුවන්ට වචනයකින් හෝ බැල්මකින්වත් අපහසුත්වයක් ඇතිකරනවා මම දැක නැත. අද ජපනුන් ආර්ථික සමාජයීය සහ බොහෝ ක්සේස්ත්‍ර වල තාක්ෂණික වශයෙන් සිටින්නේ ඇමෙරිකානුවන්ට වඩා බොහෝ ඉදිරියෙනි.

    බෞද්ධ අභාෂය ලැබූ රටක් වන අපද අතීතයේ අපේ රටට ප්‍රහාර එල්ලකළ යුරෝපීයයන් අභිබවා අපේ රට දියුණු කිරීමට මහන්සියෙන් ම වැඩකරමු.

    අපිද මේ රටවලදී අපේ ක්ෂේස්ත්රයට අදාළ තාක්ෂණයක් ඉගෙනගෙන පැමිණ අපේ රටේ දියුණුවට යමක් එක් කිරීමට බලාපොරොත්තු වෙමු. ඔබලාද ඔබේ ක්ෂේස්ත්රයෙන් ඊට අවශ්‍ය වටපිටාව නුදුරේදී නිර්මාණය කරදෙනු ඇතැයි ශුභවාදී බලාපොරත්තුවක් තබා ගැනීමට සිතමි.

    ReplyDelete
    Replies
    1. මොකටද ආචාර්ය තුමනි මෙහේ එන්නේ.ඔය උඩ හකර හතේ නෙලන පොර වගේ මෙහෙන් ඉගෙන ගෙන එහේ ඉඳන්එහෙටහ කරක කර මෙහෙට බණ කියන්න. සමන්ත මහත්තයා ඔන්න හරියට වෙරළු ගහක් යට ඉදන් හෙල්ලුවා වගේ ටොකු අනිනවා.ඔය කෙන්යුක්ෂා කයන දේ කරන්න තමුන්නාන්සේලා කරන දේ ගැන සැලසුම් ගැනත් කියනවානම් හොදයි. නැත්නම් නිකන්ම පොර ටෝක් කාරයෙක් විතරයි.

      Delete
    2. udara jayasinghe මහත්මයා, මම කිසිවෙකුට ටොකු ඇනීමට උත්සහ කර නැත. කෙනෙකුට එසේ සිතේ නම් එය මගේ ලිවීමේ අඩුපාඩුවක් නිසා විය හැකිය.

      දුයිෂෙන් ගේ නිපුණතත්වයන්ට දේශපාලනය පමණක් නොව ඉතිහාසය සිංහල සහ අධ්‍යාපනය ක්ෂ්ස්තරයන්ද ඇතුලත්වෙන බව මම අසා ඇත. ඔහුගේ එක් ක්ෂේස්තරයක් වන ඉතිහාසය ගැන ඔහු මෙසේ බ්ලොග් සටහනක් හෝ පුවත්පතක සටහනක් තැබීම පලකට නැති දේ ලියවෙන බොහෝ ලියවිලිවලට වඩා වටී.

      මම ලිවීමට වඩා අවශ්‍ය වුවේ ඉතිහාසය දැනගනිමින් නමුත් ඉතිහාස එසේ තිබෙන්නට හැර අපි ඉදිරියට යා යුතු බවයි. යටත්විජිත සමයද ලෝක යුද්ධසමය මෙන් මුළු ලෝකය පුරාම පැතිරුණු අඳුරු කාලයකි. එකල අදට සමාන කිරීමට උත්සහ කිරීමම අවිද්‍යාත්මක මගේ හැගීමයි. මම පුදගලිකව සිතන්නේ නම් ඒ අඳුරු යුග ගැන කතා කලයුත්තේ නැවත එවැනි යුග ඇතිවීම වලක්වා ගැනීමේ අරමුණින් මිස ඒවායේ වාඩුව පිරිමසා ගැනීමේ අරමුණින් නොවෙන බවයි.

      ඉතිහාසය වෙනුවෙන් වන්දි ගතයුතුය යන ජාතිකවාදීන් පිනවන මතයට මම එකඟ නොවන්නේ එහි මිල සලකා බැලීමෙනි. දෙවන ලෝක යුද්ධය ඇතිවීමට පළමු ලෝක යුද්ධයෙන් පසු ඇතිවූ වර්සයි ගිවිසුමේ (Treaty of Versailles) 231 වෙනි වගන්තිය, ලන්ඩන් උපලෙඛනයන් මගින් මෙසේ ජර්මනියෙන් යුධ වන්දි ගැනීම් ද හේතු වූ බව ද ඉතිහාසය කියනා බව අප අමතක නොකළ යුතුය. ඉතිහාසය වෙනුවෙන් වන්දි ගැනීමේ මිල සමහර විට ඉතිහාසයටත් වඩා අඳුරු අනාගතයක් ද විය හැකියි.

      මගේ බ්ලොග් ලිවීමෙන් දීමට උත්සහ කරනා පණිවුඩය නම් "අප සියලු දෙනාම අපේ ක්ෂේස්ත්රයෙන් යමක් කරමු" යන්නයි.

      මම අවසානයේ දුයිෂේන්ට තබා ඇත්තේ ඒ පණිවුඩයයි. එහි උපහාසයක් ගැබ් කිරීමට මම උත්සහ කර නැත.

      එහි ඇත්තේ ශුභවාදී බලාපොරොත්තුවක් පමණකි.

      මම දුයිශේන්ගේ ලියවිල්ලට මම දැක්වූ ප්‍රතිචාරයට ප්‍රතිචාර දැක්වීමට udara jayasinghe මහතාට මගේ ප්‍රණාමය.

      Delete
    3. ඔබ තුමන් මා වැරදියට වටහා ගැනිම පිළිබඳ මා දැඩිව කණගාටුවෙමි.මා අදහස් කලේ ඔබව නොවන බව නැවත වරක් සාවධානව කියවුවහොත් ඔබටම පැහැදිල වනු ඇත. ඔබ යමක් කිරිමට අත්සහ ගන්නා බව දනිමි එබේ අනන්‍යතාවය නොදන්නා වුවත්. ඔබගේ බ්ලොගය මට කියව්න්න යයි නිර්දේශ කලේ මාගේ මිතුරියක් වන සදවියමන් ලියන සකුන්තලාය.ඇයත් ඌවේම උපන් තැනත්තියක් තමයි මම දන්න විදිහට. ඔබ කර ඇති ඉල්ලීම අගය කරන අතර ලංකාවෙන් ඉගෙන පිටරටට කරකර මෙහෙ දොස් දකින සම-හරක් මහත් වරු මිස ඔබ නොවේ. ඔ‍බ ගන්නා වැයම ලංකාවේ දියුණුවට හේතු වේවා යයිද දේශපාලකයින් සියලල්ටම එම වැයමට අවශ්‍ය මාර්ගය සකස් කිරීමට ප්‍රඥාව බුද්ධිය පහල වේවා යයි ද ඉත සිතින් පතමි.ඔබගේ එක් බ්ගොග් පෝස්ටුවක් කියවු විට දෙවන වසර රසායන විද්‍යා දේශණයක් සිහි වූ අතර බියර් ගැන, ජංගම දුරකථන ගැන ගොන් කතා නොලියා තමන් ඉගෙන ගන්න‍ා ක්ෂේත්‍රය ගැන අනුන් දැනුවත් කිරිමට මෙලෙස ලිවිමට උත්සහ ගන්නේ ඇයි කියා සිතුවෙම්. මම ක්යුවේ කුමක්ද යන්න එබට වැ‍ටහුනේ යයි සිතන අතර ඔබගේ සිත්රිදවිමක් වූවා නම් සමාව අයදිමි.

      Delete
    4. @ කෙන්කියුෂා-
      මේ උදාරා ජයසිංහ අවඥාවෙන් කියා ඇත්තේ මගේ රසිකොලොජි බ්ලොගයේ මේ දක්වා මා ලියා පළ කර ඇති ලිපි තුන්සීය අතුරෙන් මා ලියූ බියර් පිළිබඳ ලිපි පහ සහ ජංගම දුරකථන සම්බන්ධ ලිපි දාහතර ගැනයි.

      ඒවා කියවා නැති අය සීටී නම් මෙන්න නැවතත් ඒ සඳහා අවස්ථාවක්!

      1. බියර් බීම

      2. ජංගම දුරකථන භාවිතය

      @උදාරා -
      ඔබ මගේ ලිපිවලට ලබා දෙන ප්‍රචාරය ගැන මගේ අවංක ස්තුතිය පිළිගන්න. ජයවේවා.

      Delete
    5. උදාර මිත්‍රයා,
      ඔබ මගේ ලියමන වැරදියට වටහා ගත්තේ නැති බව මම දැන සිටියෙමි. මම ඔබේ ලියමන වැරදියට වටහා ගත්තේ ද නැත. සමහර විට මම ඔබට "මහත්මයා" කියා අමන්තරණය කිරීම ඔබට එවන් දුරස් හැගීමක් ගෙන දුන්නේ ද මට සිතේ. මට කිසිම සිත රිදීමක් නොවුනි. නමුත් දුයිෂේන්ගේ සිත රිදීමට යම් ඉඩක් තිබු තැනක් වසා දැමීමට පමණක් මම උත්සහ කලෙමි.

      ඔබ කියූ දේ හරියට හරි. සාවදානව කියවන අය ඉතා අඩුයි. එක වරක් මගේ මිතුරියක් යම් පර්යේෂණ පත්‍රිකාවක් බාගත කර එවන මෙන් ඉල්ලා ෆේස්බූක් සටහනක් තැබූ විට බොහෝ දෙනා කර තිබුනේ ඇයට සුභ පැතීමයි.

      මගේ අරමුණ අපට ලැබෙන පර්යේෂණ අරමුදල් වලින් අපි කරන්නේ කුමක්ද යන්න ගැන මිනිසුන්ට චිත්‍රයක් මැවීමයි. ඊට පුද්ගලික තොරතුරු එතරම් වැදගත් නොවේ. අනෙක, මම විශ්වාස කරන්නේ පුද්ගලිකත්වයක් රැකගැනීමට අවැසි කිසිදු අයෙකු කිසිදු විටෙක පුද්ගලික තොරතුරු විවෘත්ත බ්ලොග් අවකාශයට නිදහස් නොකළයුතු බවයි.

      යම් සිදුවීමකට පැකිලීමකින් තොරව සමාව ඉල්ලීම ඔබේ පරිණත භාවය පෙන්වන නමුත් මෙහි සමාව ඉල්ලීමට කිසිදු දෙයක් නොමැති බවද මෙය ඉතාම සුමට සංවාදයක් බවද මම සිතමි.

      වෙලා ඇතොත් අර ඔබට මතක් වූ දෙවන වසර රසායන විද්‍යා දේශනා ගැන තව තොරතුරු ටිකක් අපට කියන්න. ඊට සුදුසු තැන මෙතන නොවේ යයි ඔබ සිතනවා නම් එය අපේ බ්ලොග් පිටුවේ හෝ සඳ වියමන් ගේ බ්ලොග් පිටුවේ ලියා තැබුවත් බොහෝ සතුටු වෙමි.

      ටික කලකට පෙර මමද විශ්ලේෂණාත්මක රසායන විද්‍යාඥයෙක් ලෙස කටයුතු කලෙමි. ක්ෂේස්ත්රයේ නිපුනයෙකු මගේ සටහන් කියවූ බව දැන ගැනීම සතුටකි

      Delete
    6. රසිකොලොජිස්ට් - RasikologistJune 22, 2016 at 10:07 PM තල වේලෙන්නේ තෙල් වලටලු- මී බෙටි මොකටද වේලන්නේ.ඔබ බ්‍ලොග්කරුවාගේ දේශපාලනය අවඥාවට ලක්කරමින් මා කරන දේ ප්‍රශ්ණ කරයි. අමනයින්ගේ ගොබ්බ ‍වැඩ ප්‍රවර්ධනය කිරීමට ම‍ට අවශ්‍ය නැත.තොප්පිය දාගත්තාට කමක් නැහැ මහත්මයා, මා අදහස් දැක්වුයේ කෙන්කියුෂා සමග මිස ඔබ සමග නොවේ.

      Delete
    7. @ උදාරා

      මා ඔබ කරන දේ ප්‍රශ්න කර ඇත්තේ කොහේද? මා ඔබට කියා ඇත්තේ මෙපමණකි!

      /* June 22, 2016 at 10:07 PM
      @උදාරා -
      ඔබ මගේ ලිපිවලට ලබා දෙන ප්‍රචාරය ගැන මගේ අවංක ස්තුතිය පිළිගන්න. ජයවේවා.
      */

      Delete
    8. ඉතිහාසය සම්බන්ධයෙන් වූ ලියමන පිළිබඳ කැටයම් දමමින් සංවාදයක් ඇතිවීම සම්බන්ධයෙන් සතුටුවෙමි. ලොව බලවතුන් විසින් එදත් දුර්වලයන් තලා පෙලන ලදි. අදත් එයම සිදුවෙමින් තිබේ. අධිරාජ්‍යවාදින්ගෙන් ඉතිහාසයේ අපට සිදුවූ හානිය තක්සේරු කර නොමැත. බ්‍රිතාන්‍යයන් විසින් රටට කළ හානියත් අපේ රටට අයත් සම්පත් සොරාගෙන යාමත් (අපට අයත් වටිනා පුරා වස්තු විශාල ප්‍රමාණයක් තවමත් ඔවුන් සතුව ඇත) අප අනුමත කරන්නේ නැත. ඔබ සතු දේපළ එනම් ඔබ දුක් මහන්සියෙන් ඉපයූ දේ කවුරුන් හෝ මංකොල්ල කන්නේ නම් ඔබද ඉවසනු ඇතැයි නොසිතමි. ඔබ පැවසු අයුරින්ම වන්දි ඉල්ලා සටන් නොවදිමි. එසේම පෘතූග්‍රීසි, ලන්දේසි, ඉංග්‍රීසි ජාතිකයන් සමග ප්‍රශ්නයක් ඇත්තේ නැත. අපට ප්‍රශ්නය ඇත්තේ පීඩකයන් සමග පමණි. එසේ නැතහොත් අසාධාරණ අයුක්ති සහගත ක්‍රමය සමග පමණි.ජාතිකවාදි මානසිකත්වයක් අනුමත නොකරමි. ජාත්‍යන්තරවාදයට පක්ෂවෙමි. ඉතිහාසය අපට කැමති පරිදි ලිවිය නොහැක. එය ඉතිහාසයේ සිදුවූ අයුරින් ලිවීමට සිදුවේ.

      ඉතිහාසයේ සිදුවූ වැරදි නැවත නැවත සිදුනොවිය යුතුයි. අපගේ බලාපොරොත්තුව ඉතිහාසයෙන් අලෝකයක් ගෙන වර්තමානයද අභිබවා ඉදිරියට යාමකි. එහිදි ඉතිහාසයෙන් රැගෙන යායුතු දේවල් මෙන්ම අතහැර යායුතු දේවල්ද ඇති බව කාරුණිකව පවසමි. සමාජ සංවර්ධනය අපට නැවතිය නොහැක. රට හෝ ලොව අපස්සට යායුතු නැත.

      අදහස් දැක්වූ සැමදෙනා වෙනුවෙන් ලියමි. ඉතිහාසය මගින් අතීත සිදුවීම් අධ්‍යනය කරයි. නිදහස, සුරාකෑමට එරෙහි වීම ආදි ඉතිහාසයේ ක්‍රියාකාරකම් වල ඵල ඔබ අප අද භූක්ති විදින්නෙමු. අනාගත පරම්පරාවද වර්තමාන අපගෙන් යමක් ඉල්ලා සිටින බව ඔබට හැගේද? එය ඉටු කිරීම ඔබ අපගේ වර්තමාන යුතුකමයි. අද අප කරන දෙය හෙට ඉතිහාසයේ ලියවෙනු ඇත. වර්තමානයද පැරදිය යුතු බව අපගේ අදහසයි. වත්මන් මිනිසා හා අතීතය අතර ඇති සබඳකම බිදිය නොහැක. ඒත් අතීතයෙන් ශේෂවු සමහර සබඳකම් මුලිනුපුටා දැමිය යුතුය.

      පර්යේෂකයන් හා සමාජ විද්‍යාඥයන්ට මෙන්ම දේශපාලඥයන්ට මෙන්ම ඔබටද ඉතිහාසය ඉගනීම ප්‍රයෝජන රාශියක් අත්පත්කර දෙනු ඇත. ජාතික අර්බුදයන්ට විසදුම් සෙවීමේදි ඉතිහාසය මාර්ගෝපදේශකයෙක් කරගත හැක.

      අදහස් උදහස් ඉවසිය හැක. ඒවා රිදුම් නොදෙන බව කාරුණිකව දන්වමි. කුහකකම්, අමනකම්, අන්තවාදි මත පිළිකුල් කරමි.

      යමු යමු ඉදිරියට ඔබ බලාපොරොත්තු වනදේද අපේ අදහස් සැලසුම්ද යම් යම් මට්ටමෙන් ඉදිරියේදි පෙළගැස්වීමට බලාපොරොත්තු වෙමි.

      අදහස් දැක්වූ ඔබ සැමට බෙහෙවින් ස්තූතියි.

      Delete
    9. ලියවිල්ල මෙන්ම අගනා පිළිතුරක් බව සිතමි. එහිදි ඉතිහාසයෙන් රැගෙන යායුතු දේවල් මෙන්ම අතහැර යායුතු දේවල්ද ඇති බවට මමද එකඟ වෙමි. ඔබ පවසා ඇති පරිදිම වඩාත් වැදගත් වන්නේ ඉතිහාසයේ සිදුවූ වැරදි නැවත නැවත සිදු නොවීමයි.

      අගනා සංවාදවලට මුලපුරන මෙවැනි හරවත් ලියවිලි තවත් ලියා තබන මෙන් අරාධනා කරමි.

      Delete
    10. ////ඉතිහාසයේ සිදුවූ වැරදි නැවත නැවත සිදුනොවිය යුතුයි. අපගේ බලාපොරොත්තුව ඉතිහාසයෙන් අලෝකයක් ගෙන වර්තමානයද අභිබවා ඉදිරියට යාමකි. එහිදි ඉතිහාසයෙන් රැගෙන යායුතු දේවල් මෙන්ම අතහැර යායුතු දේවල්ද ඇති බව කාරුණිකව පවසමි. සමාජ සංවර්ධනය අපට නැවතිය නොහැක. රට හෝ ලොව අපස්සට යායුතු නැත. // දුයිෂෙන් නොසිතු දිසාවකට සාකච්චාව රැගෙන ගිය "කොහෙද යන්නේ ... මල්ලේ පොල් වගේ කමෙන්ටු කරුවන්ට" ගැලපෙනම පිළිතුරක්... සංවාදය සැහෙන්න රසවත් ඉදිරියටත් ඔබව කියවන්න බලාගෙන සිටිමි.. ජයවේවා !!!

      Delete
    11. kawindu jayasinghe මිත්‍රයා, දුයිෂේන්ගේ ලිපියේ ආරම්භය පරීක්ෂා කර බලන්න. ලිපියේ හැදින්වීම ලෙස පෙනෙන්නට තිබෙන්නේ //මහවැලි මහ නදියෙන් පෝෂණය වන්නාවු ද, පිදුරුතලාගල, නමුණුකුල, මඩොල්සිම කඳුවැටියෙන් ද, හපුතලේ කඳු මුදුන්වලින් ද ඇරඹෙන වළවේ ගඟ, මැණීක් ගඟ, ඌමා ඔය, කිරිඳි ඔය, බඳුලු ඔය, ලොග්ගල් ඔය, හෑපොළ ඔය, ගලඔය, මාතැටිල් ඔය, කුඹුක්කන් ඔය, උල්හිටිය ඔය, මාඳුරුඔය, ඇතුළු මහා ගංඟා, ඔයවල් වලින් සුසැදි සශ්‍රීක වු ඌව පළාත රටේ ඓතිහාසික වැදගත් තැනක් හිමි කරගත් පළාතකි.//

      දුයිෂෙන්ගේ ලිපිය සමාප්තිය පරීක්ෂා කර බලන්න. දුයිෂෙන් භාෂාවන් ගැන ප්‍රවීනයෙකු බැවින්, මම සිතන්නේ ලිපියේ සංක්ෂිප්ත නිගමනයන් හෝ ලබාදෙන ප්‍රධාන පණිවුඩ බවයි. එවැනි පණිවුඩ දෙකක් මට පෙනේ (තවත් මට නොපෙනෙන ඒවා තිබිය හැකිය.) එකක්, //ලෝකයේ යුධ අපරාධ හොයන යුගයක, දඩුවම් දෙන යුගයක, වන්දි ගෙවන යුගයක, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් සහමුලින්ම යටත් කරගෙන කළ මහත් විනාශය, කළ මහා කොල්ලයට අප රටටද සැබෑ ලෙසම වන්දි ගෙවිය යුතුය. සාධාරණය ඉටු කළ යුතුය.//

      අනෙක, //ඌවේ අභිමානවත් ඉතිහාසය නැවත ලිවිය යුතුය. නැවත කියවිය යුතුය.//

      මගේ කොමෙන්ටුව ආරම්භ කර ඇත්තේ මෙමෙ සංක්ෂිප්ත නිගමනයන් දෙක ඉලක්ක කරගෙනයි. "මල්ලේ පොල්"..... මේ පොල් මොකටද කොහෙටද ගෙනියන්නේ අයි මෙතන සිටම ගෙනියන්නේ ? මෙහෙම පොල් ගෙනයන එකද හොඳම විදිය ?" කොමෙන්ට් එකක් මිස කොහෙද යන්නේ මල්ලේ පොල් කොමෙන්ට් එකක් නොවේ. එය පසුව ගොස් ඇති දිශාව වෙනස් වුවත් ආරම්භය "කොහෙද යන්නේ ? මල්ලේ පොල්" නොවේ.

      Delete
    12. කෙන්කියුෂා...ඔබේ පිළිතුරේ කිසි වැරද්දක් නොදුටුවෙමි.. "කොහෙද යන්නේ මල්ලේ පොල් " උත්තර දී ඇත්තේ ඔබ නොවේ... ඔබ කියා ඇති ප්‍රමුඛ වාක්‍ය සහ දුයිෂෙන් ගේ ලිපියේ අන්තර්ගතය තේරුම් නොගත් දෙපිරිසක් ( දුයිෂෙන් ජාති වාදී අදහසක් දෙන්නේ යැයි වැරදි වැටහිමක් සහිතව ) දෙපැත්තක සිට වාද කරනු පෙනේ.. ඒ මල්ලේ පොල් වැඩකි... මම ලිව්වේ ඒ අය ඉලක්ක කරගෙනයි...

      Delete
    13. කවිඳු මිත්‍රයා, ඔබ කියන දේ විශාල ගතයුත්තක් තිබෙනවා.

      පර්යේෂණ පත්‍රිකා වල ආකෘතිය ගැන මට ඇති දැනුම පදනම් කරගනිමින්, දැනුම හුවමාරුව වෙනුවෙන් ලියවෙන ලිපියක තාර්කික සැකැස්ම ගැන සරල ලිපියක් ලිවීමට සිතිවිල්ලක් ඇති වුනා.

      Delete
  6. මහින්ද චින්තනය නැමති පත්‍රිකාව කියෙවුව්වා වගේ..... ජයවේවා!

    ප ලි: ඇනෝ...දැන් පැමින නෙලන්න!

    ReplyDelete
    Replies
    1. මහින්ද චින්තය කෙටුම්පත් කර වර්ෂ 2005 දී මහින්ද ගේ ඡන්දයට කඩේ ගියේ ජවිපෙ නේද? දුයිෂෙන් ඒ කෙටුම්පතෙන් කොටසක් මෙතැන ලිව්වාට ප්ලේජරිසම් වෙන්නේ නෑ!!!

      Delete
    2. We helped PA win presidential election — JVP
      by Jayantha de Silva

      When President Mahinda Rajapakse’s image was lowered by his own party hierarchy during the Presidential Elections, the Janatha Vimukthi Peramuna (JVP) tirelessly worked to ensure his victory Tilvin Silva General Secretary of the JVP said at a media conference yesterday to explain the JVP’S Village (Gama Javipeta) slogan.

      JVP Parliamentarians Nandana Gunatileke, Sunil Handunetti and Vijitha Herath were present.

      Tilvin Silva said that out of the 330 Provincial Councils the Janatha Vimukthi Peramuna submitted nominations for 270 PC’s. Unlike other parties whose nominations were rejected, the nomination lists submitted by the JVP were accepted by the Elections Commissioner.

      The support extended by the JVP helped the Peoples Alliance win the Presidential elections. The Mahinda Chinthanaya was drafted with the participation of the JVP, Tilvin Silva said. But UNP is continuing to harass JVP activists and through misunderstandings, even the PA supporters had resorted to violence against the JVP, he said.

      The perpetrators of violence have stepped up their acts knowing that the JVP would emerge victorious in the forthcoming PC elections, Tilvin Silva said.

      Asked how the JVP is going to develop the village Tilvin Silva said that the JVP with the active participation of the Peoples Participative Groups or Jana Sahabagi Sanward and bodies. As a priority, the rural roads would be developed.

      The JVP will give political leadership to the development programmes. Citing the Tissamaharama PC whose six JVP members contributed their salary to a development fund. On the same line, other PC’s also would be developed, Tilvin Silva added.

      http://www.island.lk/2006/03/22/news10.html

      ;-)

      Delete
    3. // We helped PA win presidential election — JVP //

      මහින්ද ගේ කුම්බලා මාලු කා විඳවූ ජේ වී පී බලල්ලු රනිල් ගේ කාරල්ලා මාලු කන්නට ගොස් වුනු කාරියා.......

      :D

      Delete
    4. ෆොන්සේකාගෙන් (2010) දී කන්න ඇත්තේ බල මාළුයි පොලුයි වෙන්න ඇති!

      Delete
    5. අකුරුද වචනද වාක්‍යද ගණිකා වෘත්තියට භාවිතා කිරීම ගැන කණගාටුවෙමි. මීට වඩා බුද්ධිමය සංවාද බලාපොරොත්තු වෙමි.

      Delete
    6. දුයිෂෙන් මහතාණෙනි, එක-එක රස්තියාදු පොළවල් වල නතර වී ඒ තැන් වල සල්ලාපයේ යෙදෙන අය සමග කථාවට නොගොස් ඔබේ ගමන යන්න.

      Delete
    7. /////ඉතිහාසයේ සිදුවූ වැරදි නැවත නැවත සිදුනොවිය යුතුයි. අපගේ බලාපොරොත්තුව ඉතිහාසයෙන් අලෝකයක් ගෙන වර්තමානයද අභිබවා ඉදිරියට යාමකි. එහිදි ඉතිහාසයෙන් රැගෙන යායුතු දේවල් මෙන්ම අතහැර යායුතු දේවල්ද ඇති බව කාරුණිකව පවසමි. සමාජ සංවර්ධනය අපට නැවතිය නොහැක. රට හෝ ලොව අපස්සට යායුතු නැත. // දුයිෂෙන් නොසිතු දිසාවකට සාකච්චාව රැගෙන ගිය "කොහෙද යන්නේ ... මල්ලේ පොල් වගේ කමෙන්ටු කරුවන්ට" ගැලපෙනම පිළිතුරක්... සංවාදය සැහෙන්න රසවත් ඉදිරියටත් ඔබව කියවන්න බලාගෙන සිටිමි.. ජයවේවා !!!//

      Delete
  7. ලස්සනයි, එච්චරයි.

    ReplyDelete
  8. ඌවේ විනාශයට පාලකයින් වගකිවයුතුවා සේම වත්මන් ආර්ථික රටාවට නොගැලපෙන ඌවෙ පිහිටීමත් ඊට බලපෑවා කියලයි මට හිතෙන්නේ.. එදා මෙන් අද තනිවම ස්වයන්පෝෂිත පළාතක් ගැන බලාපොරොත්තු තියාගන්න බෑ.. ඌවේ අභිමානවත් ඉතිහාසය කියන ගමන්ම වත්මන් ඌව සංවර්ධනය කරන්න ඔබ ඉදිරිපත් කරන සැලැස්මත් කෙටියෙන් හෝ දක්වන්න පුලුවන්නම් අගෙයි..

    ReplyDelete
    Replies
    1. ///ඌවේ අභිමානවත් ඉතිහාසය කියන ගමන්ම වත්මන් ඌව සංවර්ධනය කරන්න ඔබ ඉදිරිපත් කරන සැලැස්මත් කෙටියෙන් හෝ දක්වන්න පුලුවන්නම් අගෙයි..///

      මේකට අවශ්‍ය යමක් කලින් කියවිලා තියෙනවා නේද...
      අර කවුද සීයා කෙනෙක් කියපු විදිහට කිරි හරක් ඇති කරන්න අවශ්‍ය පහසුකම් ලබා දී කිරි මිලදී ගැනීමට ක්‍රමවේදයක් සැකසීම...

      Delete
    2. විශාල කතාන්දරයක් කෙටියෙන් පැවසීම අපහසුය. එසේ කළහොත් සමහරු නැට්ටෙන් අල්ලා තරම කීමට මහන්සී ගනු ඇත. එවිට මුළු කතාන්දරයම විකෘතියක් වනු ඇත. නමුත් මම ඔබගේ ඉල්ලීමට ගරු කරමි. එය ඔබට දැනගැනීමට අයිතියක් ඇති බවද පිළිගනීමි. එයට යම් ක්‍රමවේදයක් ඉදිරියේදි ගොඩනගාගමු.
      අදහස් දැක්වූ ඔබට බෙහෙවින් ස්තූතියි.

      Delete
  9. ඉදිරියත් බලමු.

    ReplyDelete
  10. ඌව ගැන ආදරයෙන් ලියල තියෙන මේ බ්ලොග් එකට අපි ගරු කරමු.
    දේශ පාලනය ගැන කතා කරන බ්ලොග් සටහනක ඒ ගැන වාද කරමු.

    ReplyDelete
  11. බුදුන්ගේ පා පහස ලද බවට කිසිඳු පුරා විද්‍යාත්මක සාක්ෂී නෑ නේද....?



    ReplyDelete
    Replies
    1. //බුදුරාජාණන් වහන්සේගේ පහස ලැබූ මේ රටේ පළමු බිම්කඩ මහියංගනය විය.// මටත් ඒක ප්‍රශ්නයක්.

      Delete
    2. ඇයි මිතුරනි, අර සිරීපාදේ තියෙන්නේ ගෙඩිය පිටිං? දැකලා ම නැද්ද?

      අනික අර ගාථාවේත් කියවෙන්නේ බුදුන් ගිය ස්ථාන "මයියංගනං නාගදීපං කල්‍යාණං පද ලාංඡනං..." යනාදී වශයෙන්?

      සුද්දෝ වෙල්ලස්සෙන් එළවපු සිංහල මිනිසුන් ඒ ප්‍රදේශයට ආවෙත් බුදු සාදු ආපු එක වතාවක මයියංගනේ හිටපු යක්‍ෂ ගෝත්‍රිකයින්ව ඒ පළාතෙන් පන්නලා දාපු හින්දානේ!

      එත්නික් ක්ලෙන්සින් කියන කන්සෙප්ට් එක මං මුලින්ම ඇහැව්වේ ඒ කතාවෙන්!

      !!!
      ඔයිට වඩා මොනවද හලෝ සාක්‍ෂි, ඈ?

      Delete
    3. ඉතිහාසය ලිවීමට පදනම් කරගන්නා ප්‍රධාන මුලාශ්‍ර දෙකකි.
      01. සාහිත්‍යමය මුලාශ්‍ර
      02. පුරාවිද්‍යාත්මක මුලාශ්‍ර
      Maathalan ඔබ ඇසු කාරනයට අදාල වන්නේ පළමු කාරණයයි.
      ඔබට බෙහෙවින් ස්තූතියි.

      Delete
  12. දුයිෂෙන් අප නොදන්නා සමහර ඌවෙ ඉතිහාසය සම්බන්ධ කරුණු දැනගත්තා මේ පොස්ට් එකෙන්. මෙය ඔබ කලකට පෙර පුවත්පතකට ලියු ඌවෙ ඉතිහාසය සම්බන්ධ ලිපියක් බවයි පෙනෙන්නේ .. ඉංග්‍රීසින් ඒ පළාතේ දේවල් විනාශ කළා කියන එක අපිටත් අපේ මුත්තලා එහෙම කියලා තියෙනවා. උදාහරණයක් ලෙස අපේ මුත්තා ඉස්සර පෙන්වනවා එයාලා ගෙදර ඉඳන් නගරයට යන පාර දෙපස තියෙන වර්තමාන තේවතු ඔක්කොම ( ඒ පැත්තේ තියෙන හොඳම ඉඩම් ) එයාලගේ මුතුන් මිත්තන්ගෙන් විදේශිකයින් බලෙන් වගේ ගත්තු ඒවා කියලා .. දැන් ඒ පැත්තේ ගම්මාන තේවතු අතර ජලරක්ෂිත ලෙස තිබු ඉඩම් වලට පැතිරිලා.... තේ අපේ අපනයන භෝගයක් තමයි .. එත් ඉතිහාසය ඒ වගෙයි... මම හිතන්නේ නෑ ඔබ කියන්නේ තේ ගලවලා දාලා කැලෑ වවන්න කියලා .. නමුත් සිද්ධ වෙච්ච දේ ඒ විදිහට කියන එක තමයි ඉතිහාසය කියන්නේ නේද ??

    ReplyDelete
    Replies
    1. නමුත් දැන් දැන් ඉතිහාසය ගොඩක් අයට නයාට අඳු කොළ වගේ වෙලා...
      නිකං නෙමේ ගහන්නේ උඩ පැන පැන...

      Delete
    2. ඒ කාලේ කොහෙද කවිඳු මුතුන් මිත්තන්ට ඉඩම්. අමු බොරුනේ.. ඔක්කෝම අයිති රජ්ජුරුවන්ට. එහෙම නැත්නම් පන්සල්වලට.. අපේ අයත් ඔහේ කියන්නැහේ ඇදලා අරිනවා.. උළු දාලා හුණු පිරියම් කරලා ගෙයක් හදාගන්න දීලා නෑ පුළුවන් එකාටවත්..

      Delete
    3. ඇත්තද මන්දා ඔය ජෙප්පන්ගේ හරි කාගේ හරි හොඳ යෝජනවාක් තිබුනලු අඩි 3000 ට ඉහළ ප්‍රදේෂ සියල්ලම ආයෙත් වනාන්තර වලට වෙන් කරන්න. ඒක කාගේ උනත් හොඳ යෝජනාවක්. අනික මහවැලි ව්‍යාපාරය සැලසුම් කරලා තිබුනේ අවුරුදු 30 කින් නිම කරන්න. ඒ කියන්නේ පරිසර තත්වයන් බල බලා.. අපේ උන් හිතුවේ මහවැලි ගඟ හුවැං හෝ වගේ එකක් කියලා.. අපේ උන් කොහොමත් හිතන්නේ එහෙමනේ.. ජලාශ ගැන දන්න සුද්දෝ ආවම හිනාවෙනවා අපේ වැඩ දැක්කාම.. වික්ටෝරියා අවට පරිසර අද විනාශයි..

      Delete
    4. // ඔක්කෝම අයිති රජ්ජුරුවන්ට. එහෙම නැත්නම් පන්සල්වලට.. //

      Truth, whole truth, nothing but the truth!!!!

      except when someone was given a land by the king as a gift (with a deed inscribed in copper plates) .. very very rare occasion...

      Delete
    5. ලොකු පුතේ ඔයා සරසා මාතා හැර - කවිඳු ඉන්නේ වැඩ කරන්නේ ඉංග්‍රීසින් හැදූ ඕස්ට්‍රේලියාවේය. මා ඉන්නේ එංගලන්තයේය. දැන් මේවා එංගලන්ත වැසියන්ටද විකාර කතාය. එංගලන්ත වන්දියට මෙහි වැඩ කරන සිංහල දෙමල ඉංග්‍රීසි වැඩකරන ජනතාවගේ බදු මිස ඒ කාලයේ ඔය ආක්‍රමණය කර සමගම හෝ රජ පවුල සල්ලි දෙන්නේ නැත. අබෝරිජින් වරුන්ටත් වන්දියක් අරන් දුන්නා නම් හොඳය. පුලුවන්නම් ඇමෙරිකාවේ මුල් ඉන්දියන් වරුන්ටත්.

      Delete
    6. ඉඩං ගැනනං කියන්න පුලුවං මහත්වරුනි. ඉස්සර රජකාලෙ ඉඩං දීලා තියෙන්නෙ ගම්වර හැටියටනෙ. එහෙම නිලමෙ කෙනෙක් වගේ ලොක්කෙක්ට ගං දෙකක් විතර ලොකු ඉඩමක් රජ්ජුරුවො දුන්නහම උන්දැත් තමුංගෙ ආවතේව වැඩ කරන අයට එව්වයෙං අත දිගෑරලා කොටස් දීල දැම්මා. කලක් ඇවෑමෙං කාට කාටත් ඉඩං බෙදිලා ගියා. හැබැයි ඔය කාටවත් ඔප්පු තිරප්පු තිබ්බෙ නෑ. ඒ කියන්නෙ ලියකියවිලි නෑ. ඔය කාලෙ තමයි සුද්දට රට ගියේ. ඉතිං සුද්දට ඉඩං ඕනැ උනා වවන්න. ඉඩං නිකං ගන්න බෑනෙ. ඉන්න එකාලා එලවන්න ඕනැ. ඒකට සුද්දා ගැහුවා නියම තුරුම්පුවක්. "තමුංගෙ ඉඩකඩංවල හිමිකම ලේඛන සහිතව ඔප්පු කරහල්ලා. එහෙම නැති එව්වා සේරම ආණ්ඩුවෙ ඉඩං" කියලා ප්‍රකාශයක් නිකුත් කරලා පටං ගත්තා ලංකා මැනිම. ඒකෙං කරේ රජයේ ඉඩං මැන වෙන්කිරීම. හැබැයි යටි අරමුණ වුනේ ඉඩං මංකොල්ලකෑම. සමහර රදල නායකයො ගාව තිවිච්චි සන්නස්, තෝම්බු දීලා ඔවුන්ගෙ ඉඩං බේරගන්න ඇති. ඒත් එව්වා මොකවත් නැති කටවචනෙට පමණක් ඉඩං වවං කාපු මිනිස්සුංට තමුංගෙ ඉඩං නැතිවුනා. එව්ව ඔක්කොම ආණ්ඩුවට. ඒ ඉඩං නොවටිනා තරං සුළු මුදලකට ආණ්ඩුවෙං විකුණුවා වතු වැවිලිකරුවන්ට. ඒ අතරෙ සුද්දන්ට හිතවත්කං කරපු, මනින්න ආ අයට දඩමස්, රා, ගෑනු සපයපු ආරච්චිලා එහෙමත් අක්කර අට දහය ගත්තා. පැරණි ලංකා මැනුංවල ඉඩං විස්තර ලැයිස්තු බැලුවං ඒ ආරච්චිල වරුංගෙ නං හිට කියෙව්වැකි. සුද්දො ලංකාවෙ ඉඩං කොල්ලකෑවා කියන එකනං මං සහසුද්දෙංම ඔප්පු කරලා කියනවා. හැබැයි ඔවුන් මුහුදු මට්ටමෙන් අඩි 5000 (හරියටම මේ උස මතක නෑ) ට වැඩිය උස් බිම්වල වගා හෝ ඉදිකිරීම් කරන්න එපා කියලා නීථියක් දාලා ඒ උස මට්ටම වෙනමම මායිං ගල් වර්ගයක් දාලා ලකුණු කරලා තියෙනවා. මං දන්න තරමිං මේ නිතිය වලංගු නැත්තෙ නුවරඑලියට විතරයි. නුවරඑලිය ටවුමත් ඒ මට්ටමට වැඩිය උසයි වගේ මට මතක. මේ නීථියනං කඩන්නෙ මෙතෙක් කල් මේ රටේ බලයට පත්වෙච්චි පක්ෂ වල හිටිය සහ ඉන්න දේසපාලුවොයි උන්ට බත සපයන මුදලාලිලයි තව උංගෙ කටු කන නිලදහජාරියොයි තමයි. මේ හැමදේම මෙතරං සහසුද්දෙං කියන්න දන්නෙ සුද්දට මේ රටේ ඉඩං මංකොල්ලකන්න පිහිටුවපු, අවුරුදු දෙසීයක් පරණ මැනුං දෙපාර්තමේන්තුවෙ නිකං බලි කුරුටුගාලා මාසෙ ගාන හම්බු කොරගන්න රස්සාවක් මාත් කොරන හිංදයි. ඌව පලාතට කරල තියෙන විනාසෙ මේ දෙපාර්තමේන්තුවෙ පරණ ක්‍ෂේත්‍ර පොත් අස්සෙ හැංගිලා තියෙනවා. එදා සුද්දා මේ පලාතෙ පොලවට කරපු විනාසෙම දැං ඉන්න ප්‍රධාන පක්ෂ දෙකේම දේසපාලුවො කරනවා මගෙ ඇස්දෙකටම පෙනි පෙනී.

      Delete
    7. //ලොකු පුතේ ඔයා සරසා මාතා හැර - කවිඳු ඉන්නේ වැඩ කරන්නේ ඉංග්‍රීසින් හැදූ ඕස්ට්‍රේලියාවේය. මා ඉන්නේ එංගලන්තයේය. දැන් මේවා එංගලන්ත වැසියන්ටද විකාර කතාය. එංගලන්ත වන්දියට මෙහි වැඩ කරන සිංහල දෙමල ඉංග්‍රීසි වැඩකරන ජනතාවගේ බදු මිස ඒ කාලයේ ඔය ආක්‍රමණය කර සමගම හෝ රජ පවුල සල්ලි දෙන්නේ නැත. අබෝරිජින් වරුන්ටත් වන්දියක් අරන් දුන්නා නම් හොඳය// අජිත් ඔබ කියන කතාව සත්‍යයකි. ඉංග්‍රීසින් සංස්කෘතික විනාශයන් කලේ ලංකාවේ පමණක් නොවේ. අබෝරිජින් වරුන්ට මේ ලඟක් වනතුරුම ඔවුන් සලකා තිබුණේ "සත්තු " ලෙසයි . Categorised under Flora and Fauna..ඇත්තට දැන් ඉන්න එංගලන්ත , ඕස්ට්‍රේලියා වැසියන්ටත් මේවා පුදුම සහගත කතාය. එහෙත් ඔවුන්ගේ මුතුන් මිත්තන් එසේ වින්ෂයන් කල බව ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ නැත. ඕස්ට්‍රේලියාවේ පාසැල් වල ඔවුන් අබෝරිජින් වරුන් අමු අමුවේ මරා දැමු බව අපේ දරුවන්ට උගන්වනවා.. ඒ කාලෙට අපේ සුපුන් එහෙම ගෙදර ඇවිත් එවා කතා කරන කොට මම කියලා දෙනවා ලංකාවේ සිදුවුණ දේවල්. ඇත්ත ඇති සැටියෙන් කිව්වා කියලා මිනිස්සු ඒ යුගයට යන්නේ නැහැ. එහෙම අතීතයක් තිබුනා කියලා දැන ගන්නවා සහ එවන් දේවල් ඉදිරියට නොවිය යුතුයි කියලා ඉගෙන ගන්නවා.. ලංකාව ඉන්දියාව වගේ රටවලින් ඉන්ග්රිසින් පිටවී ගිහින් එත් අබෝරිජින්වරු ඉංග්‍රීසින් සමග තවම ජිවත් වෙනවා. ඒ නිසා ඔවුන්ට ඉතිහාසය නැවත නැවත මතක් වෙනවා ඇති . අනික ඒ ගොඩක් මෑත ඉතිහාසයක් නිසා. අපි කියන්නේ ඒවා හෝද හෝදා මඩේ දාමින් ඉන්නේ නැතිව ඉදිරියට යන්න කියලයි... පොඩි සරළ ප්‍රශ්නයක් අහන්නම් .. මේ විදිහටම අතීතය පැත්තකට දාලා ඉස්සරහට යන්න බැරිද ලංකාවේ අපිට උතුරේ ..දකුණේ පහුගිය භීම සමයන් අමතක කරලා??? මා සිතු පරිදි දුයිෂෙන් මෙහි අතීතයේ සිදුවූ දේවල් කියනවා මිස ඉංග්‍රීසින් සමග ගැටුමකට යන්නට අර අදිනු නොපෙනේ.. මා වැරදි විය හැකිය . ඔහුගේ පිළිතුරැ අවශ්ය වන්නේ එහෙයිනි.

      Delete
    8. //එංගලන්ත වන්දියට මෙහි වැඩ කරන සිංහල දෙමල ඉංග්‍රීසි වැඩකරන ජනතාවගේ බදු මිස ඒ කාලයේ ඔය ආක්‍රමණය කර සමගම හෝ රජ පවුල සල්ලි දෙන්නේ නැත.// හරියට හරි අජිත්.. හැබැයි ඒ මුදල් වලින් මොනවා හෝ ආධාර දීමක් කරලා ඔය පළාත් වල සංවර්ධනයක් කරන්න හිතුනා නම් ඒක වැරදි වැඩක් නෙවෙයි..

      Delete
    9. //ඇත්තද මන්දා ඔය ජෙප්පන්ගේ හරි කාගේ හරි හොඳ යෝජනවාක් තිබුනලු අඩි 3000 ට ඉහළ ප්‍රදේෂ සියල්ලම ආයෙත් වනාන්තර වලට වෙන් කරන්න. ඒක කාගේ උනත් හොඳ යෝජනාවක්// අහලා තියෙනවා . මම හිතන විදිහට ඔවුන්ගේ හිටපු නායකයා තමයි ඕක කිව්වේ.....නරක යෝජනාවක් නෙවෙයි .. ලොකු සංවර්ධන ව්ව්‍යාපාර කරලා .. ගම්මි නගර අළුතින් හදලා.. මිනිස්සු අනික් ප්‍රදේශවල පදිංචි කරලා තේ වෙනුවට ආදේෂක භෝග එහෙම වවලා . අවුරුදු බර ගනනකට පස්සේ ක්‍රියාත්මක කල හැකි යෝජනාවක් ..

      Delete
    10. //ඒ කාලේ කොහෙද කවිඳු මුතුන් මිත්තන්ට ඉඩම්. අමු බොරුනේ.. ඔක්කෝම අයිති රජ්ජුරුවන්ට. එහෙම නැත්නම් පන්සල්වලට.. අපේ අයත් ඔහේ කියන්නැහේ ඇදලා අරිනවා.. උළු දාලා හුණු පිරියම් කරලා ගෙයක් හදාගන්න දීලා නෑ පුළුවන් එකාටවත්..// එහෙම සිද්ධි තිබිලා තියෙනවා හැබැයි ඔය සුරංග කියලා තියෙන කතා කියවන්න ..සමහර මිනිස්සුන්ට ගම පිටින් දීලා තියෙනවා මම කියන ගම එහෙම පාරම්පරික ගමක්...

      Delete
    11. සුරන්ගගේ කොමෙන්ට් එකෙන්ම මම කියපු දේ තර්කයක් අනුව ගත්තත් ඔප්පු වෙලා එවරයි. ඒ කියන්නේ සුද්දා ගත්තේ රජ්ජුරුවන්ගේ ඉඩම් කියන එක. ඒවල හිටියේ රජ්ජුරුවන්ට කඹුරපු උන්... තමන්ගේ ශ්‍රම ශක්තියෙන් වගා කරන, දඩයම් කරන දෙයින් පවා කොටසක් රදලයින්ටයි මාලිගාවට පූජා කරපු. ඒ විතරක් නෙමෙයි ඇහැට කනට පේන කෑල්ලක් හිටියා නම් නිවන් සුව පතා ඒකත් (බඩුව.) මහ රජානන් වහන්සේට පූජා කරපු උන්. එහෙම උන්ට කොහෙද අබිමානයක්. උන්ට කියන්නේ වහල්ලු කියලා. මේ බව නොදත් වහල්ලු කලේ තව දුරටත් වහල්ලු ලෙස ජීවත් වෙන්න නිකන් අපරාදේ ජීවිත පූජා කරපු එක. මොළේ තියෙන මිනිස්සු වඩා ප්‍රජාතන්ත්‍රවාදි සුද්දත් එක්ක එකතු උනා. අදත් මේ මෝඩ මත වල එල්ලිලා ඉන්න මිනිස්සු සමන්තලගේ බයිලා වලට අහු වෙලා අතීතය ගැන පාරම් බබා ඉන්නවා. කවිඳුලා නම් ගොඩ ගිහින්.. අනිත් උන්ටත් කියන්නේ ආන් ඒ විදියට හිතන්න බලපල්ලා කියලා.. අතීතේ මක්කා හරි තිබුනා නම් ඒවා පිඔත් වල ඔහේ තිබුනාවේ. 21 වෙනි ශත වර්ෂයට අනුව හිතන්න පුරුදු වෙයල්ලා දැන්වත්...

      සියළු දෙනාටම බන්ඩාර හාන්දුරු දෙයියන්ගේම පිහිටයි..

      Delete
    12. "පිඔත්" වල ලෙස නොව, "පොත්" යනුවෙන් නොවැරදි විය යුතුය...

      Delete
    13. ///දැන් මේවා එංගලන්ත වැසියන්ටද විකාර කතාය. එංගලන්ත වන්දියට මෙහි වැඩ කරන සිංහල දෙමල ඉංග්‍රීසි වැඩකරන ජනතාවගේ බදු මිස ඒ කාලයේ ඔය ආක්‍රමණය කර සමගම හෝ රජ පවුල සල්ලි දෙන්නේ නැත. ///

      එයාලට ඒවා විකාර කතා වෙන්නේ ඔවුන් මංකොල්ල කාර පරම්පරාවක පසු පුරුක් බව තේරෙන නිසා වෙන්න ඇති. එහෙම නැත්තන් දැන් එයාල ගොඩක් සිවිලයිස් නිසා ඉස්සර බලහත්කාරයෙන් වෙන රටකට පැනල හිටපු රජා එලවල බල්ලෝ බළල්ලු වගේ මිනිස්සු මරපු ඒවා ඒ ඒ රටවල බලෙන් බිස්නස් කරලා ඒ රටවල තිබ්බ සම්පත් හුරගෙන කාපු ඒවා සුරංගනා කතා කියල හිතෙන නිසා වෙන්න ඇති...

      රජ පවුල සහ සමාගම දැන් මිනිස්සුන්ට සල්ලි නොදෙන එක ඇත්ත. නමුත් ඔවුන් ඒ රටට ආදායම් උපයා දීල රට දියුණු කරලා කැමති කැමති සම්පත් හුරගෙන සල්ලි කරලා, මිනිස්සුන්ටත් අපේ වගේ රට වලට ඇවිත් හිතුමනාපෙට වතු වවාගෙන තමන්ගේ ආර්ථිකේ ගොඩ නගා ගන්න දීපු එක හරහා රටේම මිනිස්සුන්ට ශක්තිමත් ආර්ථිකයක් ඇති කරපු එක දැන් ඉන්න පරම්පරාවට වැදගත් කමක් නැහැ කියලද ඔයා කියන්නේ...

      ඒ කාලේ මෙහෙ ඇවිත් ඒ ඒ ක්‍රියාකාරකම් වල යෙදුනු ඔවුන්ගේ මිතුන් මිත්තන්ට වඩා ඒවා වඩා වැදගත් වෙලා තියෙන්නේ ඔය නුතන යුගයේ මිනිස්සුන්ට තමා...

      ඔවුන් දැන් ඉන්නේ ඒ අත්තිවාරම මත ඉදි කරපු ශක්තිමත් ගේ ඇතුලේ...
      ඒ හදපු ගේ ඇතුලේ ඉන්න මිනිස්සු දැන් කැමති නැතුව ඇති ඒ ගේ හදපු විදිහ ගැන කතා කරන්න...

      ආතල මුත්තල හොරකං කරලා මංකොල්ල කාල ඉඩ කඩම් අරගෙන පෝසත් වෙලා ඒ බුදලේ පරම්පරාවෙන් අයිති වෙච්ච නුතන යුගයේ එකෙක් කවදාවත් කැමති වෙනවද උන්ගේ මහ එවුන් දියුණු උනේ බලහත්කාරකං වලින් බව කියන්න හෝ පිළිගන්න. අසාධාරණයට ලක් වෙච්ච උන්ගේ දුප්පත් ළමයින්ට කීයක් හරි දෙන්න...
      උන් හදන්නේ උන් පරම්පරා ගත වළව් කාරයෝ වගේ ඉන්න නේ...

      මේවා ඇති උනෙත් ඔය කියන කාලේ...

      https://en.wikipedia.org/wiki/London_Underground

      Delete
    14. @ කවිඳු,
      බෑවුම අංශක 30ට වැඩි වනාන්තර නැවත වනවගා කරන බව ජවිපෙ 1982 ජනාධිපති ඡන්දයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණු අතර විජේවීර තම කතාවලදී ද ඒ බව කීවේය.

      කෙතරම් ප්‍රායෝගිකදැයී නොදනිමි. නමුත්, කඳු පලාත්වල වනාන්තර වවන විට තැනීතලා කැලෑ එළි කරන්නට හැකියි!

      Delete
    15. @ සුරංග,
      බ්‍රිතාන්‍ය පාලකයින් ඉඩම් අත්පත් කර ගත්තේ මුඩු බිම් පනත (Barren Land Act - 1888) යටතේ බවයි මා කියවා තියෙන්නේ. වනාන්තර සංචිත ඒ ගොඩට වැටුනා!

      රත්නපුර පැත්තේ තියෙන සියළුම ඉඩම් නින්දගම් සහ පසුව ඒවා විකුණු හෝ අනියම් දරුවන්ට දුන් ඒවා.

      Delete
    16. කඳුකරයේ කැලෑ වැවීම මිනිසුන් ඉවත් කර එම ඉඩම් වල කැලෑ වැවිමක් ලෙසින් නෙමෙයි දැනට ඇති ෆයිනස් වනය ඉවත් කර ඒ ඒ ප්‍රදේශ වල දැනට ඉතිරි වෙලා තියෙන ගස් වර්ග සම්බන්ධ අධ්‍යනයක් කරලා එම වර්ගම නැවත වැවිමක් වශයෙනුයි සිද්ධ කල යුත්තේ...
      ජල උල්පත් සිඳීම, ජලාශ රොන් මඩෙන් වැසි යාම අවම වී බොහෝ දුරට නායයාම් පවා අඩු වන්නට එය හේතුවක් වනු ඇත...

      වන වගාව සම්පුර්ණ කිරීමට අවම වසර 15 ක් පමණ ගත වේවි...
      එතෙක් කාලයෙන් කාලයට සිටුවිය යුතු පැළ වර්ග වරින් වර සිටුවීමට සිදු වනු ඇත...
      වනාන්තර වැවීම සම්බන්ධ ප්‍රයෝගික අත්දැකීම් සහිත උදවිය ලංකාවේ හිඟ නැත. නමුත් එය දිගු කාලින ක්‍රියාවලියකි...

      Delete
    17. @කවිඳු හා සුරංගගේ ගේ මුල් කොමෙන්ටුව දෙකටම මටද එකඟ විය හැකිය. ඊළඟ කොමෙන්ටු දෙකටත් එසේ එකඟ විය හැකිය.
      ලොකුපුතා කියන කතාවෙන්ම තේරෙන්නේ මේ බ්ලොග් ලිපියේ අදහස් සම්පුර්ණයෙන්ම ගිල ඇත්තේ ඔහු බවයි. මේ අධිරාජ්‍යවිරෝධි කතාවක් ඇද්ද විට අවුරුදු 66ක්ලංකාවේ කෙලි කරපු එවුන් ගේ වැරදි නිකම්ම නිවී යයි. ඊට පස්සේ එන්නේ රට බේරාගත් මහා රජ්ජුරුවහන් වහන්සේලා ගැන කතාවය/ උන් භය නැතුව මේ විදේශ ඇමතිලා ඉදිරියේ ප්‍රං බාපු කතාවය. එංගලන්තයේ නැවතිලා අසයිලම් ගෙන හිටි හරියට මාක්ස්වාදය වත් නොදන්නා එකෙක් හොඳ පක්ෂයක් ජාතිවාදී කළ කතාවය.

      Delete
    18. //මේ අධිරාජ්‍යවිරෝධි කතාවක් ඇද්ද විට අවුරුදු 66ක්ලංකාවේ කෙලි කරපු එවුන් ගේ වැරදි නිකම්ම නිවී යයි.//

      රොබට් මුගාබේ සිම්බාබ්වේ අගාධයට ගෙන ගියෙත් අධිරාජ්‍යවාදී ඉතිහාසය හා විදේශීය කුමණ්ත්‍රන මන්තරේට මුවාවෙලා තමයි. තුන්වන ලෝකයේ කෙසෙල් ජනරජවල පාලකයන්ට හා දේශපාලකයින්ට තියන හොඳම තුරුම්පුව තමයි පරණ අදිරාජ්යවාදීන් හා දැන් විදේශීය බලපෑම් ගැන කතා කිරීම

      Delete
    19. මහින්දලට වගේම ජෙප්පන්ටත් මේ යටත් වීජිත වහල් මානසිකත්වය බොහෝම වටිනවා. මොකෝ දෙගොල්ලම ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන අය නෙමෙයි. විප්ලව කියන්නේ නිකන් ලැබෙන දෙයක් නෙමෙයි. මරලා ගන්න ඕන එකක්. ඒක තමයි රුසියාවේ උනෙත් අපේ ජනතාවගේ වාසනාවට මෙහේ උනෙත්.

      Delete
    20. කියවන්න පින්වත්නි... බොහෝම වටිනා ළිපියක්..

      http://vidya-gaweshana.blogspot.com/2016/06/blog-post_86.html

      Delete
    21. අජිත් අයියේ, වාලදීය උඩින් බහින්න...
      මම කොතනකවත් කියල නැහැ අපිට වන්දි ලැබිය යුතු බවක්, මට කියන්න උවමනා ඔවුන් කල වරද වරදක් බවටවත් පිළි ගැනීමට ඔවුන්ට හැකි විය යුතු බවයි...
      මම මුලින්ම කිව්වේ ඉතිහාසය දැන් දැන් සම හරක් ට නයාට අඳු කොළ වගේ කියන එක...
      ඒක ඇත්ත බව මෙතන කමෙන්ට් බහුතරයකින් පැහැදිළි වෙනවා...
      ඔයා අවුරුදු 66 ක් ගැන විතරක් කතා කරනවා, සුද්දෝ (සහ අනෙකුත් යුරෝපියන්) අපිට හොඳම එකෙන් කරපු අවුරුදු 443 ගැන කතා කරන්න කැමති නැහැ...

      Delete
    22. මහ රජ්ජුරුවන්ට හෝ වෙනයම් කෙනෙක්ට හෝ බිං පංගුව ගෙවාගෙන හරි වවාගෙන කන්න තිබුන ඉඩං ටික ගෙඩ්ඩ පිටිංම කිරීටයේ යටතට ගැනීමෙන් එව්වාගේ හිටිය මිනිස්සුන්ට ඒ ඉඩං එහෙම්පිටිංම අහිමි වුනා. ආං ඒක, නින්දගම් අයිතිකරුට කොටසක් දීලා ඉතුරු ටික හරි භුක්තිවිඳින්න ලැබීමට වඩා දරුණුයි කියලා මාතලංට තේරුම් ගන්න පුලුවංද ?

      Delete
    23. රසිකොලොගිස්ට්
      /බ්‍රිතාන්‍ය පාලකයින් ඉඩම් අත්පත් කර ගත්තේ මුඩු බිම් පනත (Barren Land Act - 1888) යටතේ බවයි මා කියවා තියෙන්නේ./
      මුඩුබිම් කියලා කිව්වට එව්වා තමයි ගමේ මිනිස්සුන්ගේ හරක් තණකොළ කාපු, මිනිස්සු වගා කරපු, ගහක් කොලක් කපාගත්තු ඉඩම්. ඉතිං ඒවා මුඩුබිම් නෙවෙයි. ඔප්පු නැති ඉඩම්. ලිඛිත සියල්ල සත්‍ය නොවේ.

      Delete
    24. හරි ඒ ඉඩම් නැති උනාය කියමුකෝ.. දැන් මහවැලි ඉඩන්, ආන්ඩුවේ ඉඩන්, මැම්බර්ගේ ඉඩන්, අල්ලපු ඉඩන්, අර ඉඩන් මේ ඉඩන් ඔක්කෝම දීලත්, වගා ණයයි, නිකං පෝරයි ඉතරක් නෙවෙයි. අස්සැන්නතෙ ආන්ඩුවෙන් අරගෙන, සමුද්දියත් දීලා තාමත් ගොඩ එන්න බැරි සුද්දෝ නිසාද... උන් මේක දාලා ගියේ මේ කම්මැලියෝ කවදාවත් ගොඩ ගන්න බැරි නිසා.. උන් කැමති වහල්ලු වගේ ඉන්න.. ඒකනේ අදටත් ගම් වල උන් මහින්දට මනාප.

      Delete
    25. මාතේ
      ඉතිං ඔය වී ගොවිතැං කරන ගොයියො, වී මෝල් හිමියෝ, හාල් මුදලාලිලා ඇතුලුව කී දාහක් ඔය කුඹුරු වලින් ජීවත් වෙනවාද ?

      Delete
    26. ගොයියෝ හිඟන්නෝ....

      Delete
    27. මෙහි ඇති සමහර අදහස් වලට මීට උඩින් දී ඇති පිළිතුරු ද අදාල බව කාරුණිකව දන්වමි. වඩා වැදගත් වන්නේ සැබෑ යහපත් වෙනසක් කිරීම සඳහා සිදුවන ක්‍රියාකාරිත්වයයි. මනරම් වචන මෙහි ලිවීමේ වරදක් නැත. ජනතාව වෙනුවෙන් ඔබලාගේ භාවිතය ගැන මම නොදනිමි. ලිවීමෙන් පමණක් මානවාදින් හෝ විප්ලවවාදින් බිහි නොවන බව දනිමි. හොන්ඩර් ගනන් සමහර ලියන්නන් තුල අවුංසයක තරම් වටිනාකම් නොමැති බව හැඟේ.

      විප්ලවය යනු බියවිය යුතු දෙයක් නොවේ. ධනේෂ්වර විප්ලවය සිදු නොවුනේ නම් නැතහොත් පමා වුවේ නම් ඔබ අප භුක්ති විදින මේ බොහෝ දේ අහිමි වීම හෝ පමාවීම සිදුවනු ඇත.

      අසියාතික සමාජ ක්‍රමයේදි ඉඩම් වල අයිතිය රජුට තිබුනු අතර ඒවා භුක්ති විදිනු ලැබුවේ ස්වදේශික ජනයාය. ඊට රජු ඉඩ ලබාදි තිබුණි. සුරංග නිවරදිය.

      මුඩුබිම් පනත්, විහාර දේවාලගම් පනත් මගින් ඉඩම් මංකොල්ල කැම් සිදුවිය. ජන ජීවිත උඩු යටිකුරු විය. රටෙට් මධ්‍යයම කඳුකරයේ මහවැසි වනාන්තර විනාශ කරන ලදී. පයිනස් ටර්පන්ටයින් වැනි වගාද ඇරඹිනි. කෝපි තේ කොකෝවා ආර්ථික වැවිළි ඇරඹිණි. මේ කතාන්දරය සංවේදි මෙන්ම සංක්‍රීර්ණය. අද වන විට මධ්‍යම කඳුකරය අසාද්‍ය මට්ටමේ පවති. 2015 නිකුත් කළ NBOR වාර්තාවට අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 69.7% නාය යාමේ අවධානමේ පවති. මේ මහා කඳුයට අපේ මිනිසුන් සිය ගණනක් මෑතකදීද නායයාම් මගින් මිහිදන් වූ බව ඔබද දන්නවා ඇත. අනාගතයේ කොතරම් මිනිසුන් මේ කඳු ඔළුව මත පතිත වි මිහිදන් වනු ඇත්දැයි අපද නොදන්නා අතර ඔවුන් කළ විනාශය අනාගත පරම් පරාවටද භුක්ති විදීමට සිදුවනු ඇත.

      නාමමාත්‍රික නිදහස ලැබී වසර 68ක් ගෙවි ගොස් ඇත. වත්මන් පාලකයන්ද අධිරාජ්‍යවාදින්ට දෙවෙනි නැත. ඔවුන්ද විනාශය තිවුර කරමින් සිටි රෝහණ විජේවීර සහෝදරයා 70 දශකයේ අග භාගයේදි අද සිදුවන විනාශය පැවසු අතර අඩි 5000ට වඩා උස් බීමද දළ බෑවුම්ද වනගත කළයුතු බවට අදහස් දක්වන ලදී. එම දශකය වන විට පරිසරවේදින් හෝ පරිසර විෂය මේ තරම් ගොඩනැගී නොතිබුණි. අද මධ්‍යම කඳුකරයේද බරපතල ජල හිඟයක් පවති. බොහෝ උල්පත් සිදීගොස් හෝ දිය සිරාව අඩු වීමට ලක්වී ඇත. මේවා භුක්ති විදිනුයේ මෙහෙ වෙසෙන ජනයාය. උන් වන්දි නොගෙවතත් ජිවත් වෙන අප උන්කළ දේවල් වලට මෙන්ම මුන් කළ දේවල් වලට වන්දි ගෙවමින් සිටි. නිවරදි කළයුතු බොහෝ දේ ඇත. කඳු මුදුන් වල සිට ගල් පෙරළිම නවතා අපි යමක් කරමු. අදහස් දැක්වූ සැමට ස්තූතියි.

      Delete
    28. මෙහි ඇති සමහර අදහස් වලට මීට උඩින් දී ඇති පිළිතුරු ද අදාල බව කාරුණිකව දන්වමි. වඩා වැදගත් වන්නේ සැබෑ යහපත් වෙනසක් කිරීම සඳහා සිදුවන ක්‍රියාකාරිත්වයයි. මනරම් වචන මෙහි ලිවීමේ වරදක් නැත. ජනතාව වෙනුවෙන් ඔබලාගේ භාවිතය ගැන මම නොදනිමි. ලිවීමෙන් පමණක් මානවාදින් හෝ විප්ලවවාදින් බිහි නොවන බව දනිමි. හොන්ඩර් ගනන් සමහර ලියන්නන් තුල අවුංසයක තරම් වටිනාකම් නොමැති බව හැඟේ.

      විප්ලවය යනු බියවිය යුතු දෙයක් නොවේ. ධනේෂ්වර විප්ලවය සිදු නොවුනේ නම් නැතහොත් පමා වුවේ නම් ඔබ අප භුක්ති විදින මේ බොහෝ දේ අහිමි වීම හෝ පමාවීම සිදුවනු ඇත.

      අසියාතික සමාජ ක්‍රමයේදි ඉඩම් වල අයිතිය රජුට තිබුනු අතර ඒවා භුක්ති විදිනු ලැබුවේ ස්වදේශික ජනයාය. ඊට රජු ඉඩ ලබාදි තිබුණි. සුරංග නිවරදිය.

      මුඩුබිම් පනත්, විහාර දේවාලගම් පනත් මගින් ඉඩම් මංකොල්ල කැම් සිදුවිය. ජන ජීවිත උඩු යටිකුරු විය. රටෙට් මධ්‍යයම කඳුකරයේ මහවැසි වනාන්තර විනාශ කරන ලදී. පයිනස් ටර්පන්ටයින් වැනි වගාද ඇරඹිනි. කෝපි තේ කොකෝවා ආර්ථික වැවිළි ඇරඹිණි. මේ කතාන්දරය සංවේදි මෙන්ම සංක්‍රීර්ණය. අද වන විට මධ්‍යම කඳුකරය අසාද්‍ය මට්ටමේ පවති. 2015 නිකුත් කළ NBOR වාර්තාවට අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 69.7% නාය යාමේ අවධානමේ පවති. මේ මහා කඳුයට අපේ මිනිසුන් සිය ගණනක් මෑතකදීද නායයාම් මගින් මිහිදන් වූ බව ඔබද දන්නවා ඇත. අනාගතයේ කොතරම් මිනිසුන් මේ කඳු ඔළුව මත පතිත වි මිහිදන් වනු ඇත්දැයි අපද නොදන්නා අතර ඔවුන් කළ විනාශය අනාගත පරම් පරාවටද භුක්ති විදීමට සිදුවනු ඇත.

      නාමමාත්‍රික නිදහස ලැබී වසර 68ක් ගෙවි ගොස් ඇත. වත්මන් පාලකයන්ද අධිරාජ්‍යවාදින්ට දෙවෙනි නැත. ඔවුන්ද විනාශය තිවුර කරමින් සිටි රෝහණ විජේවීර සහෝදරයා 70 දශකයේ අග භාගයේදි අද සිදුවන විනාශය පැවසු අතර අඩි 5000ට වඩා උස් බීමද දළ බෑවුම්ද වනගත කළයුතු බවට අදහස් දක්වන ලදී. එම දශකය වන විට පරිසරවේදින් හෝ පරිසර විෂය මේ තරම් ගොඩනැගී නොතිබුණි. අද මධ්‍යම කඳුකරයේද බරපතල ජල හිඟයක් පවති. බොහෝ උල්පත් සිදීගොස් හෝ දිය සිරාව අඩු වීමට ලක්වී ඇත. මේවා භුක්ති විදිනුයේ මෙහෙ වෙසෙන ජනයාය. උන් වන්දි නොගෙවතත් ජිවත් වෙන අප උන්කළ දේවල් වලට මෙන්ම මුන් කළ දේවල් වලට වන්දි ගෙවමින් සිටි. නිවරදි කළයුතු බොහෝ දේ ඇත. කඳු මුදුන් වල සිට ගල් පෙරළිම නවතා අපි යමක් කරමු. අදහස් දැක්වූ සැමට ස්තූතියි.

      Delete
  13. මෙය භාෂා විලාසය මනරම්ය. ඌව යනු ඉතා මනරම් පළාතක් බව එහි ජිවත් වූ කෙටි කාලය තුල වටහා ගතිමි. එසේම බොහෝ ගමද දුප්පත් ය. ඉංග්‍රීසින් ඇරඹු තේ වතු වලින් සමහර වනාන්තරද විනාස වී ගොස්ය. ඉතිරි ටික විනාශ කරන්නේ දේසපාලුවන්ය. මණික ගරන්නන් ය. නමුත් ඌව වෙල්ලස්සට සාධාරණය ඉටු විය යුත්තේ අවුරුදු 66ක් පුරා නිදහසින් පසු එය මගහැරී ශ්‍රී ලංකා රජයන්ටය. මේ ඉතිහාස කතා හොඳ ඒ වැරැද්දෙන් බේරී සිටින්නටය.

    ReplyDelete
    Replies
    1. මේක දුයිෂෙන් පාසලේ රැකියාව කරන සමයේ පොඩි ළමයින්ට ඉගැන්වූ පාඩමක්.

      දෙවන කොටසේවත් ලොකු ළමයින්ට යමක් ඇති දැයි බලමු!

      Delete
  14. //එයාලට ඒවා විකාර කතා වෙන්නේ ඔවුන් මංකොල්ල කාර පරම්පරාවක පසු පුරුක් බව තේරෙන නිසා වෙන්න ඇති. එහෙම නැත්තන් දැන් එයාල ගොඩක් සිවිලයිස් නිසා ඉස්සර බලහත්කාරයෙන් වෙන රටකට පැනල හිටපු රජා එලවල බල්ලෝ බළල්ලු වගේ මිනිස්සු මරපු ඒවා ඒ ඒ රටවල බලෙන් බිස්නස් කරලා ඒ රටවල තිබ්බ සම්පත් හුරගෙන කාපු ඒවා සුරංගනා කතා කියල හිතෙන නිසා වෙන්න ඇති...//
    සුද්දෝ මේවා ගැන කතා නොකරන්නේ ඒවා ඉතිහාස පොත් වල ඇති නිසාත් උන් ඒවා පිලි ගන්නා නිසාත්ය. බොහෝ වාමාංශික සුද්දන් හා දක්ෂිණාංශික එවුන් පවා අපේ රටවලට ආදරේය. මා ඒ බව දුටුවේ සුනාමි සමයේය. හැකි පමණ උදව් කරන්නට හැමෝම උත්සුක වුනු ආකාරය දකින විටය. දෙමල බෙදුම්වාදීන් සුද්දගේ කරුණාවන්ත කම උපයෝගී කර ගත්තේද එසේය. ලංකාවට දුන් සල්ලි ගසා කෑවට මෙහි සුද්දන් වැඩිපුරම මුදල් දුන්නේ ඊඋනිසියවත නොව ලංකාවටය. චෙක් කරලා බලන්න.

    /රජ පවුල සහ සමාගම දැන් මිනිස්සුන්ට සල්ලි නොදෙන එක ඇත්ත. නමුත් ඔවුන් ඒ රටට ආදායම් උපයා දීල රට දියුණු කරලා කැමති කැමති සම්පත් හුරගෙන සල්ලි කරලා, මිනිස්සුන්ටත් අපේ වගේ රට වලට ඇවිත් හිතුමනාපෙට වතු වවාගෙන තමන්ගේ ආර්ථිකේ ගොඩ නගා ගන්න දීපු එක හරහා රටේම මිනිස්සුන්ට ශක්තිමත් ආර්ථිකයක් ඇති කරපු එක දැන් ඉන්න පරම්පරාවට වැදගත් කමක් නැහැ කියලද ඔයා කියන්නේ...// දැන් පරම්පරාවට ඒවා ඉගෙන ගණන් එක හොඳයි අපි ඉගෙන ගත්ත වගේ. නමුත් ඔය සුද්ද සමග සටන් කරලා වන්දි ගණන් කතා නිකන් බොරු ශෝක් කතා විතරයි. දැන් මේ වගේමිනිසුන්ව හැඟීම් වලින් අවුස්සන්න. වඩිග රජෙක් ගෙනාවේ, පස්සේ ඌ එපා කියල රට සුද්දට භාර දුන්නේත් සිංහල මිනිස්සු මයි.

    //ඒ කාලේ මෙහෙ ඇවිත් ඒ ඒ ක්‍රියාකාරකම් වල යෙදුනු ඔවුන්ගේ මිතුන් මිත්තන්ට වඩා ඒවා වඩා වැදගත් වෙලා තියෙන්නේ ඔය නුතන යුගයේ මිනිස්සුන්ට තමා...// කොහොමද? තමන්ගේ මුතුන් මිත්තන් මැරුවේ තමන් වෙනුවෙන් නොවේ කියල උන් දනන් කොට. එනගලන්ත ඉතිහාසය කියවන්න ලොකු පුතා බොරු නැතුව. මේ රටේ මිනිස්සු දුක් විඳපු හැටි. ඔය සූරා කෑම ඔය විධිහටම මෙහත් කලා ,. ඔන්න මගේ බ්ලොගයේ ලියල තියනවා මෙහෙ කම්කරුවෝ විඳපු දුක. අර කාල් මාක්ස් කියන පොර දාස් කැපිටල් කියල පොතක් ලිව්වේ ඒ දුක ගැන තමා . හොයාගෙන ඒ කෑල්ල හරි කියවන්න. මේ මාක්ස්වාදී කියාගන්නා පක්ෂවල අයත් මේවා නොදනංවා වගේ කතා කරන එක තමා පුදුමේ.

    හරිනම් කරනන් ඕනේ මේ රටවල මේ රැජින ඇතුළු පරපෝෂිත පරම්පරාව එළවන්න සහය දෙන එක.


    //ආතල මුත්තල හොරකං කරලා මංකොල්ල කාල ඉඩ කඩම් අරගෙන පෝසත් වෙලා ඒ බුදලේ පරම්පරාවෙන් අයිති වෙච්ච නුතන යුගයේ එකෙක් කවදාවත් කැමති වෙනවද උන්ගේ මහ එවුන් දියුණු උනේ බලහත්කාරකං වලින් බව කියන්න හෝ පිළිගන්න. අසාධාරණයට ලක් වෙච්ච උන්ගේ දුප්පත් ළමයින්ට කීයක් හරි දෙන්න...
    උන් හදන්නේ උන් පරම්පරා ගත වළව් කාරයෝ වගේ ඉන්න නේ.// මේකට මම උත්තර දුන්න. මේ රටේ වැඩ කරන මිනිස්සු හැමදාම වැඩ කලා . ඒ කලෙත් වැඩ කලා. ලනක්වේ තිබ්බේ අමු වැඩවසම් වර්චස් ආණ්ඩු ක්‍රමයක් රටේ වැසියෝ හිටියේ වහල්ලු වගේ. හැබැයි සුද්ද යන්න යනකොට රට ස්වයංපෝෂිත රටක්. නිතිය, වුවස්ත්ව, දුම්රිය මාර්ග පද්ධතිය, මහා පාරවල්, සෞඛ්‍ය සේවයක් සහ අධ්‍යපනයක් දීල ගියේ. ඉතිහාසය හා පුර විද්‍යා ස්ථානත් රැක ගත්තේ උන්.
    මේ රටේ (බ්‍රිතාන්‍යයේ ) ඔය කියන වලව්කාර පන්තිය තමා එළවන්න ඕනේ. උන්ගේ සල්ලි අරගෙන ලනක්ව ඉන්දියාව වගේ රටවලට දුන්නට කමක් නැහැ. මොකද උන්ට ඒවා අයිති නැති නිසා.

    ReplyDelete
    Replies
    1. ඌවේ අභිමානය කියන්නේ මොකක්ද ? රජාගේ රෙජිම අජෙන්ඩ එක වෙනුවෙන් පරම්පරා ගණන් මිනිසුන් මානසික හිරගෙවල් වල නිදහසේ ජිවත් උනු එකටද ? මාත් ඒ දවස්වල ඌවෙ ජිවත්වෙනකොට ඔය අභිමානය උඩ දම දමා තමයි හිටියේ. පස්සේ තමයි තේරුනේ ඉතිහාසය කියන්නේ අපරාධයක් කියල. ( history is a crime ) ඒක බ්‍රතානයේ, ලංකාවේ, අරාබියේ, ග්‍රීසියේ හැමතැනම එහෙමයි.

      සමන්තල පුත්ගලික වශයෙන් සහ ජවිපය තොග වශයෙන් මාර්කට් කරන ලාංකිකයන්ගේ රොමැන්ටික් අතීත ආවර්ජන යුතොපියව ලංකාවේ සමාජයට දෙන්නේ මොනවාද. ලෝකය ඉස්සරහ කයිවාරු ගහන්න වචන සෙට් එකක් විතරයි. ඌවෙ ඇත්ත ප්‍රශ්ණ තියෙන්නේ මේ අභිමාන කයිවාරු වලට එළියේ. ඌවෙ ආර්ථිකය රිසයිකල් වෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙන්නේ.

      Delete
    2. ///කොහොමද? තමන්ගේ මුතුන් මිත්තන් මැරුවේ තමන් වෙනුවෙන් නොවේ කියල උන් දනන් කොට. එනගලන්ත ඉතිහාසය කියවන්න ලොකු පුතා බොරු නැතුව.///
      වෙනත් රටක සම්පත් සහ ඒ රටේ මිනිස්සු වහලුන් සේ යොදාගෙන කල නිෂ්පාදන භාවිතයෙන් ඉපයූ ධනය රටේ යටිතල පහසුකම් දියුණු කිරීමට යොදා ගැනීම සහ ඒ කාලේ හිටපු මිනිස්සුන්ට අර යටත් විහිතයේ ඉඩම් මිනිස්සු භාවිතයෙන් වගා කරලා සල්ලි හම්බු කරල දියුණු වෙන්න ඉඩ දීම හරහා දැන් ඉන්න මිනිස්සුන්ට කිසි පලක් උනේ නැහැ කියන ප්‍රකාශය තරම් මුග්ධත්වයක් මට හිතා ගන්නවත් බැහැ...
      ඔය රටේ ඉතිහාසේ කියවන්න මට කියන්න කලින් ඔය ඔය රටේ මිනිස්සු ඒ කාලේ ලංකාව සම්බන්ධව ලියපු පොත් කියවන්න...
      අවුරුදු 16-17 අතේ සතේ නැති කොල්ලෝ මෙහෙ ඇවිත් නිකම්ම ඉඩම් අරගෙන කෝපි වතු කරපුවා ඒවයෙන් සල්ලි හම්බු කරපුවා කියවන්න...
      ඒ වාසි ලැබුනේ ඔය රටේ සාමාන්‍ය ජනතාවගේ කලින් පරම්පරා වලට...
      සාමාන්‍ය මිනිස්සු කී දෙනෙක් අපේ වගේ රට වලට ඇවිත් වගා කරලා දියුණු උනාද කියල ඒ පොත් වල සුද්දොම ලියලා තියෙනවා...
      ඒ පරම්පරාව හම්බු කරපු දේවල් ඊළඟ පරම්පරාවට ලැබුනේ නැහැ කියලද කියන්නේ...

      මේ අමතර කරුණක්;
      ගෙදර වැඩ පල කරලා දීල යන්න ආපු(කුළියට එහෙම නෙමේ, ඒවා අනිවාර්ය සේවා) ලස්සන සිංහල කෙල්ලෙකුට අතවර කරලා ඒකට කිපිච්ච කෙල්ලගේ අයියා සුද්දට සුද්දගෙම කසයෙන් ගැහුවට පස්සේ ඒ මනුස්සයව "සුදු වෑන් එකෙන් අරගෙන ගිහින් මිසින් කරවපු හැටි" ආණ්ඩුකාරයා ඉස්සරහම පම්පොරියක් විදිහට කියවපු හැටි කියවන්න...
      ආණ්ඩුකාරයා එතැනදී කියන්නේ "මේක පුද්ගලික උත්සවයක් නිසා ඔබේ ප්‍රකාශය මම ඔබට විරුද්ධව සාක්ෂියක් විදිහට ගන්නේ නැහැ" කියන සරළ ප්‍රකාශය පමණයි...

      /// දැන් මේ වගේමිනිසුන්ව හැඟීම් වලින් අවුස්සන්න. වඩිග රජෙක් ගෙනාවේ, පස්සේ ඌ එපා කියල රට සුද්දට භාර දුන්නේත් සිංහල මිනිස්සු මයි. ///
      රෙද්දේ තුත්තිරි කියන්නේ ඕකනේ අජිත් අයියේ. ඔයාල වැඩිපුර කතා කරන්නේ ජාතිවාදයට විරුද්ධව. නමුත් ඉන්දීය සම්භවයක් ඇති පසුව සිංහල බෞද්ධයෙක් බවට පත්වූ රජතුමා ඔයාට නිකම්ම නිකං වඩුගයා වෙලා...

      ලංකාවේ ඉතිහාසය නිවැරදිව කියවන්න...
      වඳ කල කුමරියක රජුට පාවාදී රජුට දරුවන් නැතිනම් රජුගෙන් පසු මස්සිනාට බලය යා යුතුයැයි බලහත්කාර කමින් ව්‍යවස්ථාව වෙනස් කරගත් කුමන්ත්‍රණය ගැන කියවන්න...
      ඔයා ඔය කියන "වඩුගයින්" රජ කමට පැමිණි අයුරු එවිට නිවැරදිව දැනගත හැකිවනු ඇත...

      තමන්ගේ රජුව පාවා දීම ගැන සිංහල මිනිසුන් පසුව කම්පා වූ අයුරුද ඉතිහාසයේම ලියවී ඇත...

      Delete
    3. ///නමුත් ඔය සුද්ද සමග සටන් කරලා වන්දි ගණන් කතා නිකන් බොරු ශෝක් කතා විතරයි. ///
      නැවතත් වාලදීය පාගාගෙන. කවුද මහත්තයෝ වන්දි ඉල්ලුවේ, සුද්දගේ අහවල් වන්දියක් මමනම් ඉල්ලුවේ නැහැ...

      මම පෙන්නුවේ උන් ඒ දවස් වල කරපු දේවල් හරහා හොඳ ජීවන තත්ත්වයක්, දියුණු රටක් හරහා පෞද්ගලික වාසියක් අත් කරගෙන ඉන්න දැන් ඉන්න පරම්පරාවට ඒ ගැන අඩු වශයෙන් වරදකාරී හැඟීමක් වත් තිබිය යුතුයි කියලා...

      ///මේ රටේ වැඩ කරන මිනිස්සු හැමදාම වැඩ කලා . ඒ කලෙත් වැඩ කලා. ///
      ඒ මිනිස්සු වැඩ කලේ ලංකාවේ නෙමෙයිනේ, එයාල එහේ වැඩ කරපු එක අපිට "අදාළ නැහැනේ"...
      ඒ වගේම 1863 දී ලන්ඩන් වල භූගත ඉදිකිරීම ආරම්භ කරන්නේ ලංකාවේ මිනිස්සු PET Scan එක ගත්තු විදිහට කියලද ඔයා හිතාගෙන ඉන්නේ...
      රජ පවුල සමාගම දම්මලා අපේ වගේ රටවලින් හුරගෙන කාපු සල්ලි වලින් නෙමෙයිද ඒවා කලේ...
      අර නාකි අම්මණ්ඩි ගාවත් තියෙනවා නේද මෙහෙන් උස්සගෙන ගියපු මැණික්...
      ඒ වගේම ලංකාවේ තිබ්බ මැණික්, මිනිරන් හාරලා හොයපු සල්ලි, කැලෑ කපලා වවපු කෝපි, තේ වලින් උපයපු මුදල් වලින් රජ පවුල කාපු බීපු එක විතරද කලේ, ඒක එහෙමනම් අදත් තමන් ගෙවන බදු වලින් යැපෙන රජ පවුලට මිනිස්සු හැමෝම විරුද්ධ වෙන්න ඕනෙනේ...
      සුළුතරයක් ඇරෙන්න බහුතරය එහෙම විරුද්ධ බවක් අපි නම් දන්නේ නැහැ...

      ///ලනක්වේ තිබ්බේ අමු වැඩවසම් වර්චස් ආණ්ඩු ක්‍රමයක් රටේ වැසියෝ හිටියේ වහල්ලු වගේ. හැබැයි සුද්ද යන්න යනකොට රට ස්වයංපෝෂිත රටක්.///
      සුද්දෝ (1505 ඉඳල ආපු ඔක්කොම උන්) එන්න කලින් අපේ රටේ මිනිස්සු කන්න බොන්න නැතුව හාමතේ මැරෙන්න වැටිලානේ හිටියේ, රටේ තිබ්බ ක්‍රමේ සුද්දෝ කියල ඔයගොල්ලෝ විස්වාස කරන තරම් ඒක අවුල් නම් එක වතාවක් හරි ජනතා විරෝධයක් එල්ල වෙන්න ඕනේ...
      එහෙම ඒවා එකක් හරි පෙන්නන්න...
      ඔයා ඔය තරම් හොඳයි කියල සුදු හුණු ගගා පෙන්නන්න හදන සුදු මහත්තුරුන්ගේ පාලනයන්ට විරුද්ධවනම් 1505 ඉඳලම අපේ මිනිස්සු විරුද්ධ උනා...

      නිදහස් නිවහල් විදිහට සුද්දෝ යටතේ හිටපු මිනිස්සුන්ට සුදු උත්තමයෝ සළකපු හැටි උන්ම ලියපු පොත් වල තියෙනවා, ඒවා කියවල බලන්න...

      ///ඉතිහාසය හා පුර විද්‍යා ස්ථානත් රැක ගත්තේ උන්. ///
      එහෙම රැක බලා ගන්න හාරලා කරලා ගන්න ගමන් හොරකං කරගෙන ගිහින් කෞතුකාගාර වල තියාගෙන ඉන්න ඒවා මේ කාලේ හරි ඒ ඒ රට වලට දිය යුතු බව අද වෙනකල් ඔය සර්ව සාධාරණ සුදු උත්තමයන්ට හිතිලා නැති එකනේ ලස්සනම වැඩේ කියන්නේ...
      මේ ලඟදි සඳකඩ පහනක් එහෙමත් වෙන්දේසි කලේ ඒ උත්තමයෝ...

      සුද්දෝ ලියපු බේගල් විස්වාස කරගෙන උන්ට වන්දනාමාන කරන මිනිස්සු කොට්ඨාශයක් හදන්න තරම් උන් සුක්ෂම උනා...

      ///මේ රටේ (බ්‍රිතාන්‍යයේ ) ඔය කියන වලව්කාර පන්තිය තමා එළවන්න ඕනේ. උන්ගේ සල්ලි අරගෙන ලනක්ව ඉන්දියාව වගේ රටවලට දුන්නට කමක් නැහැ. මොකද උන්ට ඒවා අයිති නැති නිසා.///

      මමනම් සතුටු වෙනවා අඩු ගානේ ඔය රටේ මිනිස්සුන්ට රජ පවුල තමන්ගේ බදු මුදල් වලින් නඩත්තු කරන්න සිද්ධ වෙලා තියෙන එකට...
      ඔයා ඔලුවෙන් හිටගෙන කිව්වත් උන් කරපු මංකොල්ල කෑම් හරහා ඔය රටේ මහජනයා අත් කර ගත්තේ වාසියක්...

      Delete
    4. ළමයි, කෑ කොස්සන් ගහන්නේ නැතුව ඉන්ටලා, අන්න දුයිෂෙන් සර් එනවා.

      Delete
    5. ලෝකයේ ලියවී අැති ඉතිහාසය බලවතුන්ගේ ඉතිහාසයයි. අනාගතයේදි සැබෑ ඉතිහාසය ලියවෙනවා ඇත. අන්තර්ජාලයෙන් විප්ලව කරන හිතවතුනි, පැය ගණන් ඔය තිරය මත ඔබ කරන සටන සැබෑ සටනක් වීමට නම් ඉතිහාසය අධ්‍යනය කිරීම වටි.

      ඉතිහාසය කෙලෙස ලියා තිබෙනමුත් ඉතිහාසය යනු වැඩ කරන මිනිසුන්ගේ ලේ දහඩිය කඳුළු මත ගොඩනැගී ඇති බවත් ඔබ යම් විෂයක් ප්‍රවීනයෙක් නම් ඔය විෂය අද මට්ටමට ගොඩ නැගීමට දුෂ්කරවූ ඉතිහාසයක් ගෙවා පැමිණ ඇති බව කාරුණිව මෙනෙහි කරන්න. ඔබටද ඉතිහාසයක් ඇත. එයට අවමන් නොකරමින් මානවයාගේ අනාගත ප්‍රගමනය වෙනුවෙන් යමක් කරන්න. ස්තූතියි.

      Delete
    6. ලෝකයේ ලියවී අැති ඉතිහාසය බලවතුන්ගේ ඉතිහාසයයි. අනාගතයේදි සැබෑ ඉතිහාසය ලියවෙනවා ඇත. අන්තර්ජාලයෙන් විප්ලව කරන හිතවතුනි, පැය ගණන් ඔය තිරය මත ඔබ කරන සටන සැබෑ සටනක් වීමට නම් ඉතිහාසය අධ්‍යනය කිරීම වටි.

      ඉතිහාසය කෙලෙස ලියා තිබෙනමුත් ඉතිහාසය යනු වැඩ කරන මිනිසුන්ගේ ලේ දහඩිය කඳුළු මත ගොඩනැගී ඇති බවත් ඔබ යම් විෂයක් ප්‍රවීනයෙක් නම් ඔය විෂය අද මට්ටමට ගොඩ නැගීමට දුෂ්කරවූ ඉතිහාසයක් ගෙවා පැමිණ ඇති බව කාරුණිව මෙනෙහි කරන්න. ඔබටද ඉතිහාසයක් ඇත. එයට අවමන් නොකරමින් මානවයාගේ අනාගත ප්‍රගමනය වෙනුවෙන් යමක් කරන්න. ස්තූතියි.

      Delete
  15. ඕනෑම විෂයක් පිලිබඳ පරිනත දැනීමක් ලබාගැනීමට එහි ඉතිහාසය වැදගත්ය. ඌවේ ඉතිහාසය මෙහි සටහන් කිරීම අපරාධයක්ද ? මටනම් මේ ලිපිය මේ රටේ අධ්‍යාපනය ලබන සිසුන්ට වැදගත් වන එකක් බව පැහැදිලිය. මේවාට උත්තර දෙන්න ගොසින් කවුරු-කවුරුත්(මාද ඇතුළුව) තමන්ගේ මල්ලේ සිටින බළලුන් එලියට පන්නා ඇත.
    අපි ඉතිහාසයයට ගොස අපට වැරදුනු තැන සොයා ගත යුතුය. එතන සිට නිවැරදි කර ගත යුතුය. සුද්දා ඔවුන්ගේ අවශ්‍යතා සපයන පිලිකන්නවල් බවට මේ රටවල් පත් කර ඇත. සුද්ද නාවානම් අපි කැලෑ කොළ කා හෝ ජීවත් වේවි. එහෙම අමාරු යුග ඉන් පසුවද අපි පසුකර ඇත. අපිට ඌ දෙය ප්‍රශ්න කරන විට සුද්ද අපිට ප්‍රජාතන්ත්‍රවාදය පෙන්වයි. සුද්දන්ගේ වහල්ලුද ඒවා හරි යයි පවසයි. ඌව දුප්පත් වීමට පෙනෙන ඉතිහාසයේ වගකිව යුත්තන් වන්නේ වීජමු සහ සිරිපාල උන්නැහේලාය. ඔවුන් මේ ප්‍රදේශ සංවර්ධනය නොකළේ ඔවුන් තුල සිටිනා වලවූකාරයන් නිසා බව මගේ මතයයි. මේ පැතිවල පන්ති භේදය ඉහලින්ම ඇති බව නිරීක්ෂණය කොට ඇත්තෙමි. මේවා සුද්දා අපට උරුමකර දී ගිය සමාජ තත්වයන්ය. ඌවට අවශ්‍ය වන්නේ පවතින දුෂ්කර තත්වය තුල, ඉතා කුඩා ශ්‍රමයකින් ඉහල ආදායම් ලැබෙන නිෂ්පාදනය. ප්‍රවාහණ ගැටළු වලට කේබල් කාර් මට්ටමේ විසඳුම අවශ්‍යය. ඌන සංවර්ධනයට ප්‍රවාහණ දුෂ්කරතා බලපෑ බව සහතිකය.

    ReplyDelete
    Replies
    1. ඉතිහාසය නැවත නැවතත් සිදු වෙමින් පවතින බව පැවසිය යුතුමය.

      Delete
  16. මේ ලිපිය 2005-2209 ජවිපෙ-මරා හනිමූන් යුගයේ ලියවුණු එකක් දෝ යැයි අද නැවත කියවූ පසු සිතුණි. එයට මූලික හේතුව ලිපියේ අන්තර්ගතය ගැන කිසිදු ප්‍රශ්නයක් නොමැතිව සතුට පළ කර ඇත්තේ මරාවාදීන් වීමයි!

    ReplyDelete
  17. @රසිකොලොජිස්ට්
    කාලකන්නියෙක් ඇවිල්ල උගේ ඕජස් ගලන පොන්සි වාදී දේශපාලන වසුරු මේක පුරා රීල ගිහිල්ල. තුක් නොදකිං. ලිපියට කැමති නැත්නම් අසුචි වගුරුවන්නේ නැතුව පලකො හුරියආරාච්චි හකුරෝ. හැම එකාම ලියන්න කියවන්න ඕන උඹට ඕන දේවල් විතරද. නෙදකින් අනිත් එවුන් උඹ අකමැති දෙයක් ලිව්වම කියෙව්වම උඹට ඔච්චර කිචි මොකද ?
    දැන් උඹේ පරංගි හැදිල ඕජස් ගලන තුවාලයක් වගේ බ්ලොග් එක කවුරුවත් නොබලනවට ඉරිසියාව ද ?

    ReplyDelete
    Replies
    1. මේ ලිපිය පළ වී පාඨක අප එය සාකච්ඡා කර මාස තුනකි!

      පිල්ලිය පරල වූයේ දැන් ද?

      ඒ මරා ගැන සඳහනක් කළ නිසා ද?

      පව්!

      Delete