කරව් කන්ද වසාගෙන වැහිකළුව පහත් වෙන්න පටන් ගත්තා. පුදාම ගලෙන් සැඟවී යන්නට පෙරාතුව අන්තිම හිරු රැස් ටිකත් පතිත කරමින්, හිරු දවසේ ගමන නිම කරමින්, ඉන්න වෙලාව. අහස් තලය ඒ නිසාම රතු මිශ්‍ර කහ පැහැයෙන් ආලෝකමත් වෙලා තිබුනා.
ඒත් ඒ විචිත්‍රවත් බව කළු වැහිවලා විසින් ගිල දමමින් රාත්‍රිය ආරම්භ වීමට වේලාව ඉතිරිව තිබියදීම අඳුරට ආරාධනා කරන්නට පටන් ගත්තා.
කොට බිත්තිය උඩ වාඩිවෙලා කරව් කන්ද දිහා ඇස්පිය නොහෙලා බලාගෙන කරන්නේ මොකද්ද කියලා කල්පනා කරමින් හිටියේ.
නෝනා නංගී නොනවත්වාම අඬනවා. අවුරුදු තුනක් වයස නංගිගේ ඇඬුම දරාගන්න අමාරුයි.
ලොකු නංගි පැදුරේ දිගාවෙලා කෙඳිරිගානවා. අම්මා නිතරම කිව්වෙ ලොකු නංගිට මාන්දම කියලා. ඇයටත් දැන් වයස අවුරුදු හයයි.
නංගිලා අඬනවා නිතරම දැකලා තිබුනත් අද දවසේ ඔවුන් හෙලන කඳුළු මටත් ටිකක් දරාගන්න අමාරුයි. ඒකට හේතුව ඔවුන් අඬන හේතුව මටත් අදාල හේතුවක්.
ඊයෙ දහවල් අම්මා පොල් නැතුව රොටි ගෙඩි එක බැගින් අපට පුච්චලා දුන්නා. අම්මා කෑවෙ රොටි බාගයයි.
ලොකු නංගිට මම කිව්වා රොටිය එක පාරටම කන්න එපා කියලා.
රොටියේ කෑල්ලක් කඩලා ඒක පොඩි පොඩි පතුරුවලට ගලවන්න පුළුවන්.
එහෙම කරලා ටික ටික කෑවම ගොඩක් වෙලා කන්න පුලුවන්. අදටත් රොටී කනකොට මම එහෙම රස බලනවා.
ලොකු නංගි තමුන්ගෙ රොටිය කටට දෙකට ගිලලා දැම්මා. අම්මගෙ රොටියෙනුත් කෑලි කෑලි කඩලා ලොකු නංගිට දුන්නා. ඒකත් කාලා ඉවර වෙලා මගෙනුත් ඉල්ලන්න පටන්ගත්තා.
පතුරු ගහපු රොටිකෑලි තුන හතරක් මාත් ඇයට දුන්නා. ඇයගේ ඉල්ලීමෙන් බේරෙන්න මගේ රොටිය ඉතා ඉක්මනින් කාලා ඉවර කරන්න එදා මම මටම බල කළා.
ඒ ඊයේ. මේ අද.

කලුවර මෝදු වෙන්න පටන් ගත්තාට මේ සැබෑ රාත්‍රීය නොවෙයි. ඒත් ගැඹුරු අඳුරක් සමග මහ වැස්සක් ආරම්භ වුනා.
අම්මට මේ දවස් ටිකේ කුලී වැඩක්වත් ලැබුනේ නෑ. ගල්වලෙත් වැඩ නැවතිලා මාස දෙක තුනක් වෙනවා. අදත් ගමේ ඇවිදලා අම්මා හවස ගෙදර ආවෙ හිස් අතින්.
උළුවහු කඳට හේත්තුවෙලා දොරකඩ පඩිය උඩ වාඩිවෙලා ඉන්න ඇය, චීත්ත පොටින් මූන වහං කරගෙනයි හිටියේ.
ටික වෙලාවක් යනකොට අම්මත් ඉකිගහලා අඬන්න පටන්ගත්තා. මගේ දෙකෙණෙහි වාන් උතුරන්න පටන්ගත්තේ ඒ වෙලාවෙ.
ඒත් මම ශබ්දය පිට කලේ නෑ. නංගිලාගේ හැඬුම ඉවසන්න පුළුවන්. ඒත් කවදාවත් නැතුව අම්මත් ඉකිගහලා අඬනවා.
මම බැම්මෙන් හිමින් සැරේ බිමට බැස්සා.
කොට කලිසම ටිකක් බඩ උඩට උස්සගත්තා.
කුස්සියට ගිහින් මිට නැති වප්පිහිය අතට අරගත්තා.
මහ වැස්සෙම මිදුලට අඩිය තිබ්බා.
“උඹ කොහෙද මේ මහ වැස්සෙ යන්නේ? පේන්නැද්ද රෑ බෝවෙලා කියලා? තියෙන කරදර මදිවට... මෙහෙ වරෙං. මෙහෙ වරෙං.. “
අම්මා කෑගසද්දිම මම යන්න පටංගත්තා.
තාත්තා මියදුනේ මම දෙකේ පන්තියෙදි. දැන් මම හයේ පන්තියේ. ගෙදර ඉන්න එකම පිරිමියා මම, මටම මම අණකර ගත්තා.
තාර පාර පැන්නා. හෑපොළඔයට යන අඩිපාරට පැනල දුවගෙන ගියා.
පැතිරුණ කළුවර හිතට බියක් දැනෙව්වත්, ඊට වඩා හිතේ බරක්, හැඟීමක් මට බලපෑම් කරන්න පටන් අරං තියෙන්නෙ.
ඔය ගාව අලු කෙහෙල් පඳුර ළඟට පොඩි වෙලාවකිං ආවා. කළුවර පාත්වෙලා තිබ්බත් දවස් ගානක් කුරුමානං අල්ලපු බාගෙට පැහුණු අලුකෙහෙල් කැන වැටුනු ගහ තෝරගත්තා.
ඇඟේ තිබුනු සියළු ශක්තිය පිහියට භාර කළා.
මොට පිහියෙන් පහර පිට පහර පහළොවක් විස්සක් ගැහුවා. ඒත් ගහ බිඳෙන්නෙ නැහැ.
ඇඟ තෙතබරිත වෙලා. පිහියත් ලිස්සනවා. පිහිය කෙහෙල්ගහටම කොටලා ගහේ රැඳෙව්වා.
උඩ පැනලා ගහේ එල්ලුනා. ගහ හෙමිහිට පහත්වුනා.
තව ටිකක් ගහ උඩට බඩගෑවා. ගහත් එක්කම මම වේගයෙන් බිමට පහත්වුනා.
නැවත පිහිය අතට ගත්තා.
පිහිපාර තුන හතරක් දීලා කෙහෙල්කැන කපා ගත්තා.
මට උස්සගන්න අමාරු තරමේ බරක් කැනේ තිබුනා.
ජීවිතේ පළමු වතාවට දැනෙන ලොකුම හොරකම කළා. ඒ ගැන හිතට පොඩි රිදුමක් ආවා.
කළුවර තදට වැටිලා. ඒත් අඩිපාර ඉවෙන් වගේ දන්නවා.
පුංචි කාලෙ ඉඳන්ම ඔලුවට ඇතුල් කරලා තිවුන හොල්මන් අවතාර මතක් වෙනවා.
හිතට හයිය අරන් මහා ජයග්‍රහණයක් ලබාගත්ත ප්‍රීතියත් එක්කම තාර පාර ළඟටම ආවා.
කෙහෙල්කැන පඳුරක් ළඟ හංගලා පාරට ගිහින් දෙපැත්ත බැලුවා. කවුරුත් පේන්න නැහැ.
දුවලා ගිහින් ආයිමත් කෙහෙල් කැන කරට ගත්තා. පාර පැනලා අඩියට දෙකට ගෙයි පිලට ගොඩවුනා.
අම්මා එක පාරට ඉඳගැස්සුනා.
කුප්පි ලාම්පුව උස්සලා මගෙ මූනට අල්ලලා අම්මා හොඳින් විපරම් කළා.

“උඹ කෙහෙල් කැන කැපුවා එහෙනං“
අම්මා කුප්පි ලාම්පුව බිමිං තියලා දෝතින් කෙහෙල් කැන බිමට බෑවා.
ඇඳං හිටපු චීත්ත පොටින්ම මගේ ඔළුව හොඳට පිහිදුවා.
අම්මම කලිසම ගලෝල බිත්ති කොටේ උඩට කලිසම විසිකළා.

“ගිහිං ජංගියක් ඇඳගනිං.“
අලුකෙහෙල් ඇවරි කරලා යන්තම් පොතු ඇරලා කෑලි කෑලි වලට කපලා මුට්ටියට දාලා අම්මා ඒක ලිපේ තිබ්බා.
නංගිලා දෙන්නත්, මාත්, අම්මත් ලිප වටේ වාඩිවෙලා අලුකෙහෙල් හැලිය තැම්බෙනකං බලං හිටියා.
හැඳි මිටෙං ඇනලා, තැම්බුනාද බලලා අම්මා මුට්ටියට නෑඹිලිය තියලා වතුර පෙරන්න පටං ගත්තා.
බෙලෙක් පිඟන් තුනකට, අලු කෙහෙල් හැඳි තුන හතර ගානෙ බෙදුවා. ඒවට ලුණු පොල්කට්ටෙං ලුණු ඉස්සා.

“කාපල්ලා“
අම්මා පිඟානක් මං ගාවට තල්ලු කළා. ලොකු නංගි ගාවටත් පිඟානක් තල්ලු කළා.
ලොකු නංගීත් මමත් කට පිච්චි පිච්චි ඉක්මනට කන්න පටං ගත්තා. පොඩි නංගිගෙ පිඟානෙ අලුකෙහෙල් කෑලි අම්මා හැන්දෙං හොඳටම පොඩි කළා. පොඩි කරලා, ගුලි හදලා, පිඹලා, නිවලා නෝන නංගිගේ කටේ තියන්න පටංගත්තා.

“අම්මත් කන්නකො“
මම අම්මට කිව්වා. අඩි වළඳට කෑලි කීපයක් දාගත්ත අම්මත් රාත්‍රී භෝජනය ගන්න පටංගත්තා.
වේල් ගණනාවක් පිරිමහගන්න ජයතිලක මුත්තගෙ ඉඩමේ කෙහෙල්කැන අපට එහෙම එදා පිහිට වුනා.
මේ ආවර්ජනය වුනේ අපේ ජීවිත ගමනේ පුංචි පතුරක් තරමේ වූ සත්‍ය පමණයි.

මේ සියල්ල මට මතක් කළේ, චිත්‍රපටියක සේයා පටයකෙ මෙන් මැවි මැවී පෙනී ගියේ පහුගිය ඇසළ පෝය, ඒ කියන්නෙ 2016 ඇසළ පෝය දවසේ රිදීමාලියද්ද සංස්කෘතික මධ්‍යස්ථානයට එක්වෙලා හිටියා තුන් හාරසීයක් පමණ ලොකු කුඩා මිනිස්සු දකිනවත් එක්ක.
ඒ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගම් ගණනාවකින් ආපු මිනිස්සු.
අද මෙතන උත්සවයක් තියෙනවා. ඒකට මුල්වුනේ අපි.
ඒ කියන්නෙ රිදීමාලියද්ද විමුක්ති සංසදයේ සාමාජිකයො ටික.
ලංකාවෙ දුප්පත්ම පළාත, ඒ කිව්වෙ දරිද්‍රතාවය වැඩිම පළාත විදිහට දැන් දශක ගණනාවක්ම තේරී පත්වෙන්නෙ ඌව. ලංකාවෙ දුප්පත්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සියඹලාණ්ඩුව. දුප්පත් කමින් දෙවැනි තැන ගන්නේ මම ජීවත්වන රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය.
මේ ආපු මිනිස්සු ළඟ, මේ ආපු දරුපැටවුන්ගෙ මූණු දැක්කම මට මගේ ඒ ආවර්ජනය කරපු ඉතිහාසය මතක් වෙන්න පටන් ගත්තා. ඉරිච්ච ගවුම් කෑලි ඇඳගෙන, පයට සෙරෙප්පුවක්වත් නැතුව, අද උත්සවයේ බෙදන තෑගි ලැබෙනකම් බොහොමයක් පොඩි එවුන් වාඩිවෙලා බලන් ඉන්නවා.
මේ හැම දරුවෙකුටම, මේ හැම අම්මා තාත්තා කෙනෙකුටම සංග්‍රහයක් අපි සූදානම් කරලා තිබුනා. ඒවා භුක්ති විඳිනකොට මම නැවත මනසින් ඉතිහාසය නැවත නැවතත් කියවන්න පටන්ගත්තා.

කොළඹ මැනිං වෙළඳ පොලේ ව්‍යාපාරික හිතවත්තු මේ දරුවන්ට තව ටික වෙලාවකින් තෑගි බෝග අරන් එනවා. ඒ ඔවුන්ට ඉගෙනගන්න අවශ්‍ය උපකරණ.
පොත්පත්, බෑග්, සපත්තු ඔවුන් කද බැඳගෙන ටික වෙලාවකින් අරන් ආවා.
අපි දරුවො සියයකට බොහොම වටිනා අධ්‍යාපන උපකරණ කට්ටලය බැගින් බෙදුවා.
ඒ තෑගි ලබපු දරුවන්ගේ නංගිලා මල්ලිලා ඒ අයටත් අතහිත පිරෙන්න අමතරව පොත්පත් බෙදුවා.
කොළඹ මැනිං වෙළඳ පොලෙන් ආපු ව්‍යාපාරික හිතවත්තු බොහොම සතුටු වුනා. මට අදහස් දක්වන්න ලැබුණු වෙලාවේ මම පෙරකී ඉතිහාසය ටිකක් මතක් කළා.

“මේ තමයි ලංකාවෙ දෙවැනියට දුප්පතුන් වැඩිම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය. මේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙ විශේෂත්වය, මේ කොට්ඨාශයට නගරයක් නෑ. මේ කොට්ඨාශයට තියෙන්නෙ එක ජාතික පාසලයි. ඒකේ තවම උගන්වන්නෙ උසස්පෙළ කලා, වානිජ විතරයි. ලංකාවෙ අඩු වයසින් විවාහවන පිරිස් වැඩියෙන්ම ඉන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය රිදීමාලියද්ද. පාසැල් හැර යන ප්‍රමාණය වැඩියි. බීමත්කම වැඩියි. නූගත්කම වැඩියි. සියදිවි නසාගැනීම් වලින් තුන්වැනි තැන ලබන්නේ මේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය. අපි ආර්ථික අතින් දුප්පත් උනහම දුප්පත් කමේ ඒ පෙරකී නෑයො අපි වටා සැරිසරනවා. ලෝකෙ කොච්චර වේගෙන් ඉස්සරහට ගියත් රටේ බොහෝ ප්‍රදේශවලට තවමත් තාක්ෂණය එන්නෙ බඩගාගෙන. දැනුම එන්නෙ බඩගාගෙන.“
අපි ඒ හැමෝටම ඇහෙන්න කිව්වා.
අපේ විමුක්ති සංසදයේ අදහසක් තියෙනවා මේ ප්‍රදේශයේ පරිගණක පාසලක ආරම්භ කරන්න.
දරුවන්ට ලෝකය දකින්න, තාක්ෂණය දෙන්න, ඉදිරියට යන්න, අපට දෙන්න පුළුවන් හොඳම දේ ඒක. හොඳම දේවල් අතරෙ එය එකක් කියලා අපි හිතනවා.
පරිගණක පාසලක් ආරම්භ කරන්න කියලා හිතාගෙන අපි දැං අවුරුදු හත අටක ඉඳං ඒකට ගැළපෙන ගොඩනැගිල්ලක් හදමින් ඉන්නෙ.
ඒ ගොඩනැගිල්ලෙ බිම් මහලෙ වැඩ තව සුළු ප්‍රමාණයක් තියෙනවා. ඒ ටිකත් අපේ ශ්‍රමයයි, ශක්තියයි යොදවලා අපි කරනවා.
ඒත් මේ පාසල පවත්වගෙන යන්න තව අපිට බොහෝ කාර්යයක් කරන්න තියෙනවා.
ඒක ටිකක් දුෂ්කර උනත් අපි ඒක කෙදිනක හෝ ජයගන්නවා කියලා මම මගේ කතාවෙදි කිව්වා.

මැනිං වෙළඳ පොලේ ව්‍යාපාරික හිතවත්තු වෙනම එක්කහු වෙලා සාකච්ඡා කරලා එක ව්‍යාපාරික මහතෙක් මයික්‍රෆෝනය අතට අරගෙන තුන් හාරසීයක් වෙච්චි සභාවට පොරොන්දුවක් වුනා.
“ඔබලා ගැන අපට දැනෙනවා. ඔබලා ගැන අපට හැඟෙනවා. ඔබලාගේ මේ උත්සාහය, ලෝකය දකින්න ඉස්සරහට යන්න මේ උත්සාහයට අපි අත්වැලක් දෙන්න තීන්දු කළා. පරිගණක පාසල ආරම්භ කරන්න. ඒකට අවශ්‍ය පරිගණක ප්‍රමාණය අරගෙන දෙන්න අපි පොරොන්දු වෙනවා.“
ඒ සමගම ආපු දරුවෝ, වැඩිහිටියෝ උඩ පැන පැන අප්පුඩි ගැහුවා. විනාඩි දෙක තුනක් ප්‍රීතිඝෝෂා නැගුවා.
මම දන්නවා මේ ආපු දරු පැටව්, මේ වැඩිහිටියෝ, සැලකිය යුතු පිරිසක් අපේ අම්මා, මම, නංගිලා කුඩා කාලෙ අත්විඳපු ජීවිතය තාමත් ගතකරනවා කියලා. ඒක දකින්නේ, ඒක පේන්නේ හැමෝටම නෙවෙයි. ඒක විඳපු, ඒක දැකපු, ඒක දකින්න සමත් මිනිස්සු විතරමයි.
අප රටේ ඉහළම ආදායම් ලබන සියයට දහයක පිරිසක් රටේ සමස්ථ ජාතික ආදායමෙන් සියයට තිස් අටයි දශම හයක් අද වෙනකොට භුක්ති විඳිනවා. පහළම ආදායම් ලබන සියයට දහයක් වූ පිරිස භුක්ති විඳින්නේ ජාතික ආදායමෙන් සියයට එකයි දශම බිංදුවයි එකක්. අපේ පළාතේ බහුතරයක් ජනතාව මේ පහළම සියයට දහයට ඇතුල්වෙනවා. ඒ නිසා තමයි ලංකාවේ දුප්පතුන් බහුලම පලාත හැටියට ඌව තේරී පත්වෙලා තියෙන්නේ.
2014 වන විටත් රටේ සමස්ත පවුල්වලින් සියයට තිස් තුනක් ඒ කියන්නෙ දහසය ලක්ෂ තිස් එක්දහස් එකසිය තිස් තුනක් (1631133) ක් සමෘද්ධි සහනාධාර කූපන්පත හිමි අය.
අපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බහුතරයක් ඉන්නේ සමෘද්ධි ප්‍රතිලාභීන්. ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා ‘දරුවෙක් මවු කුසෙන් මෙලොව එළිය දකින කොට, අවම උපත් බර කිලෝ දෙකහමාරක් තියෙන්න ඕන‘ කියලා.
ඒත් අපේ රටේ තවමත් උපදින දරුවන්ගෙන් සියයට විසි දෙකක් කිලෝ දෙකහමාරක බරට අඩු බරක් සහිතව තමයි උපදින්නේ.
අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවෙදි ළඟදි කිව්වා රටේ ජනගහනයෙන් සියයට පනහකට ආසන්න ප්‍රමාණයක් දිනකදී උපයගන්නෙ ඩොලර් දෙකකට අඩුවෙන් කියලා.

ලෝකයේ ගත්තත් මෙවැනි අසාධාරණයට ගොදුරුවුනු මිනිස්සු ඕන තරම් ඉන්නවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය කියනවා ආහාර හිඟකම හේතුවෙන් දිනකට ලොව මිනිස්සු විසිපන්දාහක් මැරෙනවා කියලා.
ලෝකයේ ඉහළම ධනවත් පුද්ගලයන් තුන්දෙනාගෙ වත්කම ලොව දිළිඳුම රටවල් 48ක දළ දේශීය නිෂ්පාදිතයේ එකතුවට වඩා වැඩියි.
සමහරු මේකට කියයි මේක මිනිස්සුන්ගේ කරුමය කියලා.
තවත් කෙනෙක් කියයි මේක මිනිස්සුන්ගෙ පවුකාරකම කියලා.
ලබා උපන් හැටි කියලා තවත් මිනිස්සු හිත හදාගෙන ඉන්නවා.
මේ ලෝකය දුප්පත් වෙලා තියෙන්නෙ මිල මුදල්වලින් නෙමෙයි.
බහුතරයක් මිනිසුන් දැනුමෙන්, හැඟීමෙන්, දහිරියෙන්, කැපවීමෙන් දුප්පත්. උසස් වූ මනසක් තිබෙනවා යැයි කියන මිනිසුන්ට ඇයි බැරි යුක්තිය සාධාරණය මේ පොළවට, මේ මිනිසුන්ට දිනා දෙන්න.
මේ පවතින නීතියට යුක්තියක් නෑ. යුක්තිය ලබාදෙන්න සමත් නීතියක් තාම ගොඩනැගිලා නෑ.
මිනිස්සුන්ගෙ කරුමෙ වෙලා තියෙන්නෙ මෙන්න මේ පවතින ක්‍රමය.

මේ මිනිසුන් වෙනුවෙන් සාධාරණ යුක්තිය හොයාගෙන අපි යනවා.
කෙදිනක හෝ මේ මිනිසුන්ට ඒ අරුණාලෝකය කැන්දලා දෙන්න අපේ හිතේ අධිෂ්ඨානයක් තියෙනවා.