මම ගුරුවරයෙක්
හැටියට අවුරුදු දහයක් සේවය කර තිබෙනවා. මගේ දේශපාලනය හින්දා ඒ කාලේ හිටිය ඉහල
දේශපාලන නායකයන් හා නිළධාරින් මට ලබා දුන්නේ දුෂ්කරම පාසලක්.
ඔවුන්ට දුෂ්කර පාසැලක් වුනාට මම එය දුෂ්කර පාසලක් ලෙස එම පාසැල සැලකුවේ නෑ.
මම මාරුවීම් ඉල්ලපු අවස්ථාත් තිබුණා. එත් මටනම් මාරුවීම් ලැබුනේ නෑ. එහෙම කියලා මම මාරුවීම් පසු පස හඹා ගියෙත් නැහැ.
ඒ නිසා මම වසර දහයක් ඉගැන්වීම් කළේ මහියංගනය ආසනයේ කන්දක් මුදුනේ තියෙන රිටිගහඅරාව නම් පාසලේ.
එතන වසර දහයක් ගුරුවරයෙක් ලෙස සේවය කරල තමයි මම දේශපාලනයට ආවේ.
ඔවුන්ට දුෂ්කර පාසැලක් වුනාට මම එය දුෂ්කර පාසලක් ලෙස එම පාසැල සැලකුවේ නෑ.
මම මාරුවීම් ඉල්ලපු අවස්ථාත් තිබුණා. එත් මටනම් මාරුවීම් ලැබුනේ නෑ. එහෙම කියලා මම මාරුවීම් පසු පස හඹා ගියෙත් නැහැ.
ඒ නිසා මම වසර දහයක් ඉගැන්වීම් කළේ මහියංගනය ආසනයේ කන්දක් මුදුනේ තියෙන රිටිගහඅරාව නම් පාසලේ.
එතන වසර දහයක් ගුරුවරයෙක් ලෙස සේවය කරල තමයි මම දේශපාලනයට ආවේ.
රිටිගහඅරාව
පාසලට යන්නට මට උදේට කිලෝ මීටර පහක් පයින් යෑමටත්
හවසට කිලෝ මීටර පහක් පයින් ඒමටත් සිදුවුණා.
මිනිස් වාසය අඩුවුනත් ගස් කොලන් වලින් වටවුනු පාසල දක්වා මා පයින්ම ගිය ඒ ගමන හරි මිහිරියි.
එම පාරේ යද්දී නෙත ගැටෙන ගස්කොලන් නිසාත්, සතා සීපාවාගේ විවිධ හඩවල් නිසාත් මගේ හිතට දැනුනේ ලොකු සතුටක්.
ඒ ආකාරයට මම වසර පහක් පමණ පයින්ම පාසැල් සේවයට ගියා .පසුව මම පා පැදියක් මිලට ගත්තා පාසලට යන්න එන්න.
ඒත් කඳු නිසා කිලෝ මීටර දෙකක් විතර තමයි බයිසිකලය පැදලා යන්න පුළුවන් උනේ. ඉතිරි කිලෝමීටර තුනක් විතර ගියේ බයිසිකලේ තල්ලු කරගෙන.
ආපසු එනකොටත් දැඩි පල්ලම බයිසිකලයෙන් බහින්න අපහසුයි යන්න එන්න හරි හමන් පාරක් තිබ්බෙත් නෑ.
ඒ නිසා කිලෝ මීටර තුනක් විතර තල්ලු කරන්නත් කිලෝ මීටර දෙකක් විතර බයිසිකලේ නැගලා යන්නත් පුලුවන් වුනා.
මිනිස් වාසය අඩුවුනත් ගස් කොලන් වලින් වටවුනු පාසල දක්වා මා පයින්ම ගිය ඒ ගමන හරි මිහිරියි.
එම පාරේ යද්දී නෙත ගැටෙන ගස්කොලන් නිසාත්, සතා සීපාවාගේ විවිධ හඩවල් නිසාත් මගේ හිතට දැනුනේ ලොකු සතුටක්.
ඒ ආකාරයට මම වසර පහක් පමණ පයින්ම පාසැල් සේවයට ගියා .පසුව මම පා පැදියක් මිලට ගත්තා පාසලට යන්න එන්න.
ඒත් කඳු නිසා කිලෝ මීටර දෙකක් විතර තමයි බයිසිකලය පැදලා යන්න පුළුවන් උනේ. ඉතිරි කිලෝමීටර තුනක් විතර ගියේ බයිසිකලේ තල්ලු කරගෙන.
ආපසු එනකොටත් දැඩි පල්ලම බයිසිකලයෙන් බහින්න අපහසුයි යන්න එන්න හරි හමන් පාරක් තිබ්බෙත් නෑ.
ඒ නිසා කිලෝ මීටර තුනක් විතර තල්ලු කරන්නත් කිලෝ මීටර දෙකක් විතර බයිසිකලේ නැගලා යන්නත් පුලුවන් වුනා.
පාසල් ගුරු ජීවිතය
ගැන කියනවනම්, එම පාසලේ විදුහල්පතිතුමා ඒ
ප්‍රදේශයේම අයෙක්. එයා කරුණාරත්න කියල
මහත්මයෙක්. දැනටත් ඒ මහතා මහනුවර ප්‍රදේශයේ පාසලක සේවය කරනවා. මම රිටිගහඅරාව පාසලට
යනකොට සිසුන් අසුවකට ආසන්න ප්‍රමාණයක් තමයි එහි ඉගෙනගත්තේ. ආචාර්ය මණ්ඩලයේ මාත් ඇතුළුව පස්
දෙනෙකු සේවය කළා. පළමු ශ්‍රේණියේ සිට අට
වන ශ්‍රේණිය දක්වා පන්ති තිබුණා. මේ පාසලේ අධ්‍යාපන කටයුතු බොහොම දුර්වල
මට්ටමක තමයි තිබුණෙ.
රිටිගහඅරාව ගමේ
මිනිසුන් බොහොම දිළිඳු මිනිස්සු. ප්‍රධාන ආදායම් මාර්ගය වුණේ හේන් ගොවිතැන. වසරකට
එක පාරයි හේනක් කොටන්නෙ. ඒ ප්‍රදේශයේ ප්‍රධානම ආහාරය බත් නෙවෙයි ඉරිඟු තලප.
හේන් කොටන කාලයට, එනම් ඊසාන දිග මෝසමෙන් වැස්ස ආරම්භ වීමට පෙරාතුව ගම්මු වැඩ ආරම්භ කරනවා. සාමාන්‍යයෙන් ජුලි අගෝස්තු වගේ කාලවකවානුව තුළ කැලෑවේ මහ ගස්, පොඩි ගස් සියල්ල කපා බිමට සමතලා කරනවා. හොඳටම පායන කාලයේ දි එනම් අගෝස්තු වගේ මාසයක දි හොඳට පායන වේලාවක් බලා මේ මහ කඳුවලට ගිනි තියනවා. කඳු පුරා ගිනි ඇවිලිලා අවසන් වුනාට පසු අලු තට්ටුවක් කඳු බිම් පුරා තැන්පත් වෙනවා. ඊළඟට පළමු වැස්සේදීම ඉරිඟු හිටවනවා. මෑ ඇටත් හිටවනවා. ඒ ආකාරයට හේන් වගාව ආරම්භ කරනවා.
හේන් කොටන කාලයට, එනම් ඊසාන දිග මෝසමෙන් වැස්ස ආරම්භ වීමට පෙරාතුව ගම්මු වැඩ ආරම්භ කරනවා. සාමාන්‍යයෙන් ජුලි අගෝස්තු වගේ කාලවකවානුව තුළ කැලෑවේ මහ ගස්, පොඩි ගස් සියල්ල කපා බිමට සමතලා කරනවා. හොඳටම පායන කාලයේ දි එනම් අගෝස්තු වගේ මාසයක දි හොඳට පායන වේලාවක් බලා මේ මහ කඳුවලට ගිනි තියනවා. කඳු පුරා ගිනි ඇවිලිලා අවසන් වුනාට පසු අලු තට්ටුවක් කඳු බිම් පුරා තැන්පත් වෙනවා. ඊළඟට පළමු වැස්සේදීම ඉරිඟු හිටවනවා. මෑ ඇටත් හිටවනවා. ඒ ආකාරයට හේන් වගාව ආරම්භ කරනවා.
හේන් ගොවිතැන්
කාලයේ දි පාසලට ළමුන් එන්නෙ බොහොම අඩුවෙන්. ඉහළ ශ්‍රේණිවල ළමුන්
නම් එන්නෙම නැතිතරම්. මේ නිසා එකොළහ දොළහ වසරවල සිටිය යුතු වයසේ සිසුනුත් අට ශ්‍රේණියේ
හිටියා. හේන් කොටන කාලෙට මේ ළමුන් පාසලට එන්නෙ නැහැ. රිලවුන් අඹන්න, ගිරවුන් එළවන්න,
පැල් රකින්න ආදී හේන් වැඩ සඳහා යනවා. ගැහැණු ළමුන්ටත් හේන් කටයුතු භාර වුණා. මේ
නිසා පාසලේ ඉගෙනීමේ කටයුතු ඉතාම දුර්වල මට්ටමක තමයි පැවතුනේ.
මම පාසල් අධ්‍යාපනය ලබන කාලයේ, ඒ
කියන්නෙ මම ඉගෙන ගත්ත කාලයේ දහය වසරේ ඉඳලා වගේ ගොඩාක් පොත්පත් කියවන්න හුරුපුරුදු වී
සිටියා.
මගේ ජීවිතයේ අදටත් මම අත් පොතක් ලෙස ළඟ තබා ගෙන සිටින මා අසාවෙන් කියවූ පොතක් ලෙස චින්ගීත් අයිත්මාතව්ගේ ගුරු ගීතය නම් පොත දක්වන්න පුළුවන්. එය සෝවියට් පොතක්.
චින්ගීත් අයිත්මාතව්ගේ ගුරුගීතයේ දක්ෂ ගුරුවරයෙකු සිටියා. ඔහු බොහොම දක්ෂ, අවංක, කැපවෙච්ච යහපත් හැඟිම් තිබුණු ධෛර්ය සම්පන්න ගුරුවරයෙක්. ඔහු නමින් දුයිෂේන්.
මගේ හිතේ කාවැදී තිබුණා ඔහුගේ ගුරු භුමිකාව පිළිබඳව. ඒ දුයිෂෙන්ව උපාලි ගම්ලත් නම් අපේ කාලයේ සිනමාවේදියා මෑත කාලයේ දී ප්‍රති නිර්මාණය කලා.
මගේ ජීවිතයේ අදටත් මම අත් පොතක් ලෙස ළඟ තබා ගෙන සිටින මා අසාවෙන් කියවූ පොතක් ලෙස චින්ගීත් අයිත්මාතව්ගේ ගුරු ගීතය නම් පොත දක්වන්න පුළුවන්. එය සෝවියට් පොතක්.
චින්ගීත් අයිත්මාතව්ගේ ගුරුගීතයේ දක්ෂ ගුරුවරයෙකු සිටියා. ඔහු බොහොම දක්ෂ, අවංක, කැපවෙච්ච යහපත් හැඟිම් තිබුණු ධෛර්ය සම්පන්න ගුරුවරයෙක්. ඔහු නමින් දුයිෂේන්.
මගේ හිතේ කාවැදී තිබුණා ඔහුගේ ගුරු භුමිකාව පිළිබඳව. ඒ දුයිෂෙන්ව උපාලි ගම්ලත් නම් අපේ කාලයේ සිනමාවේදියා මෑත කාලයේ දී ප්‍රති නිර්මාණය කලා.
මම රිටිගහඅරාව පාසලට ගිය මොහොතේ පටන්ම මට තේරුනා පාසල් යන වයසේ සිටින ළමුන්
විශාල පිරිසක් පාසල් නොඑන බව.
විදුහල්පතිතුමා හා ආචාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කලත් මේ දරුවන් පාසලට ගෙන්වා ගන්න ආකාරය පිළිබඳව ඔවුන් ඒ පිළිබඳ එතරම් උනන්දුවක් දැක්වුයේ නැහැ.
ළමුන් පාසලට ගෙන්වා ගන්න බැහැ, ඔවුන් එන්නෙ නැහැ, ඒ ළමුන්ට අධ්‍යාපනය පිළිබඳ උවමනාවක් නැහැ යන හැඟීම් විදුහල්පතිතුමා ඇතුළු ගුරුවරුන් තුළ තිබුණා.
පාසල් වයසේ පසුවන ළමුන් පාසල් නොයෙන අතර පාසල් එන ළමුන් දිගටම පාසලට එන්නෙත් නැහැ. ළමුන් අසුවක් පමණ සිටින පාසලේ හේන් කොටන කාලයේ දි ළමුන් දහයක්, පහළවක් කොහොමත් විස්සට අඩු ගණනක් තමයි බොහෝ වේලාවට ඉන්නෙ.
විදුහල්පතිතුමා හා ආචාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කලත් මේ දරුවන් පාසලට ගෙන්වා ගන්න ආකාරය පිළිබඳව ඔවුන් ඒ පිළිබඳ එතරම් උනන්දුවක් දැක්වුයේ නැහැ.
ළමුන් පාසලට ගෙන්වා ගන්න බැහැ, ඔවුන් එන්නෙ නැහැ, ඒ ළමුන්ට අධ්‍යාපනය පිළිබඳ උවමනාවක් නැහැ යන හැඟීම් විදුහල්පතිතුමා ඇතුළු ගුරුවරුන් තුළ තිබුණා.
පාසල් වයසේ පසුවන ළමුන් පාසල් නොයෙන අතර පාසල් එන ළමුන් දිගටම පාසලට එන්නෙත් නැහැ. ළමුන් අසුවක් පමණ සිටින පාසලේ හේන් කොටන කාලයේ දි ළමුන් දහයක්, පහළවක් කොහොමත් විස්සට අඩු ගණනක් තමයි බොහෝ වේලාවට ඉන්නෙ.
දිනක් මම කිව්වා
විදුහල්පතිතුමාට ළමුන්ට දෙමාපියන්ට අධ්‍යාපනය පිළිබඳ වුවමනාවක් නොතිබුණත් ළමුන්
පාසලට ගෙන්වා ගන්න ගුරුවරු වශයෙන් අපට උවමනාවක් තිබිය යුතුයි.
එම නිසා ළමුන් පාසලට ගෙන්වා ගන්න වැඩපිළිවෙලක් දියත්කරමු කියා මා ඔවුන්ට යෝජනා කළා. මගේ පෙරැත්ත කිරීම මත විදුහල්පතිතුමා එයට එකඟ වුණා.
ඒ අනුව පාසල් සංවර්ධන සමිතිය කැඳවුනා. ඒත් පාසල් සංවර්ධන සමිතියට දෙමාපියන් හත් අට දෙනෙකුට වඩා පැමිණියේ නැහැ. මේ පිළිබඳ දෙමාපියන්ට උවමනාවකුත් නැහැ.
"ඕක තමයි අපි කිව්වෙ සමන්ත මහත්තයට කිව්වට තේරුනේ නැහැ "
කියලා විදුහල්පතිතුමා ඇතුළු ගුරුමණ්ඩලයේ බොහෝ දෙනෙක් මට ආඩපාලි කියන්නට පටංගත්තා.
දෙමාපියන්ට හා දරුවන්ට මේ දේ අවශ්‍ය නැත්නම් අපට මොකද අපි මේ රැකියාව කරගෙන ඉඳිමු කියන අදහස ඔවුන් තුල තිබුණා. මෙය එතැන බහුතරයකගෙ අදහස වුනා. එයට මම එකඟ වුණේ නැහැ.
එම නිසා ළමුන් පාසලට ගෙන්වා ගන්න වැඩපිළිවෙලක් දියත්කරමු කියා මා ඔවුන්ට යෝජනා කළා. මගේ පෙරැත්ත කිරීම මත විදුහල්පතිතුමා එයට එකඟ වුණා.
ඒ අනුව පාසල් සංවර්ධන සමිතිය කැඳවුනා. ඒත් පාසල් සංවර්ධන සමිතියට දෙමාපියන් හත් අට දෙනෙකුට වඩා පැමිණියේ නැහැ. මේ පිළිබඳ දෙමාපියන්ට උවමනාවකුත් නැහැ.
"ඕක තමයි අපි කිව්වෙ සමන්ත මහත්තයට කිව්වට තේරුනේ නැහැ "
කියලා විදුහල්පතිතුමා ඇතුළු ගුරුමණ්ඩලයේ බොහෝ දෙනෙක් මට ආඩපාලි කියන්නට පටංගත්තා.
දෙමාපියන්ට හා දරුවන්ට මේ දේ අවශ්‍ය නැත්නම් අපට මොකද අපි මේ රැකියාව කරගෙන ඉඳිමු කියන අදහස ඔවුන් තුල තිබුණා. මෙය එතැන බහුතරයකගෙ අදහස වුනා. එයට මම එකඟ වුණේ නැහැ.
ආ.. මට තව
කරුණක් මුලින් කියන්න අමතක වුනා. මේ පාසලේ ගුරුවරු ප්‍රමාණවත් නොවන නිසා මේ
සිදුවීමට පෙර විදුහල්පතිතුමාට මා පැවසුවා.
“මාත්
සමඟ ගමේ දි ඉගෙන ගත් හොඳ යාළුවො ටිකක් ඉන්නවා. ගමේ උන්ට රැකියාවක් ඇත්තෙත් නැහැ.
ඔවුන් ස්වේච්ඡාවෙන් ඉගැන්වීම් කටයුතු කිරිමට පාසලට එක්ක එන්න පුළුවන්. “
අපි මේ අය ඉස්කෝලෙට ගෙන්වමුද කියා මම විදුහල්පතිතුමා ගෙන්ඇහුවා. හැකි
නම් ඔවුන් කැඳවාගෙන එන්න කියා විදුහල්පතිතුමා මට පැවසුවා.
ඒ අනුව ස්වේච්ඡාවෙන්
ඉගැන්වීම් කිරිමට තව සිව් දෙනෙකු මම පාසැලට කැඳවාගෙන ආවා. ඊට පස්සේ ආචාර්ය මණ්ඩලයේ
සම්පුර්ණ ගණන නව දෙනෙක් වුණා.
ඒ ආපු එක් අයෙක් මාත් සමඟ එකට පාසල් ගිය කලුඅප්පුරාවේ විජේ. ඔහු දැන් ගුරුවරයෙක්. තවත් යාළුවෙක් තමයි උපුල් රත්නායක.
ඔහු වැලිමඩ මහ විද්‍යාලයෙ අධ්‍යාපනය හදාරා වෛද්‍යවරයෙකු ලෙස වර්තමානයේ මහනුවර රෝහලේ දැනට සේවය කරනවා. මම ඔහුවත් ස්වේඡ්ඡාවෙන් උගන්වන්න කැඳවාගෙන ආවා.
විජේරත්න කියලා යාළුවෙකුත් කැඳවාගෙන ආවා. අද වනවිට ඔහු බැංකු කළමණාකරුවෙකු ලෙස සේවය කරනවා. ස්වේච්ඡාවෙන් ඉගැන්වීමට ආ පිරිසත් බොහෝ කැපවීමෙන් එම පාසලේ වැඩ කලා.
ඒ ආපු එක් අයෙක් මාත් සමඟ එකට පාසල් ගිය කලුඅප්පුරාවේ විජේ. ඔහු දැන් ගුරුවරයෙක්. තවත් යාළුවෙක් තමයි උපුල් රත්නායක.
ඔහු වැලිමඩ මහ විද්‍යාලයෙ අධ්‍යාපනය හදාරා වෛද්‍යවරයෙකු ලෙස වර්තමානයේ මහනුවර රෝහලේ දැනට සේවය කරනවා. මම ඔහුවත් ස්වේඡ්ඡාවෙන් උගන්වන්න කැඳවාගෙන ආවා.
විජේරත්න කියලා යාළුවෙකුත් කැඳවාගෙන ආවා. අද වනවිට ඔහු බැංකු කළමණාකරුවෙකු ලෙස සේවය කරනවා. ස්වේච්ඡාවෙන් ඉගැන්වීමට ආ පිරිසත් බොහෝ කැපවීමෙන් එම පාසලේ වැඩ කලා.
පාසල් සංවර්ධන
සමිතිය රැස් කර ළමුන් පාසලට ගෙන්වා ගැනීමට ගත් අපේ උත්සාහය අසාර්ථක ප්‍රයත්නයක් වුණා. ඊට
පස්සේ මම විදුහල්පතිතුමාට යෝජනා කළා අපි ගමේ ඇවිදලා පාසල් නොඑන ළමුන් පාසලට
කැඳවාගෙන එමු කියලා. ඔහු එම යෝජනාව බැහැර කළා පමණක් නොවෙයි තවදුරටත් මට පහදා
දුන්නා අර කූඩැල්ලව මේට්ටය උඩ තබන්න බැහැ වගෙ මේ ළමුන් පාසලට ආවත් රැඳෙන්නෙ නැහැ,
හේන් ගොවිතැන් කාලයට මෙය කෙසේ වත් කරන්න බැහැ කියන වග.
ඒත් මම දිගින් දිගටම ඇවිටිලි කරමින් ළමුන් කැඳවාගෙන එන්න මට අවස්ථාවක් දෙන්නැයි ඉල්ලා හිටියා. ඒ අවසරය මට අවසානයේ විදුහල්පතිතුමාගෙන් ලැබුණා. ඒ අනුව දවසක් මමයි කලුඅප්පුරාවේ විජේයි ගමේ ඇවිදලා පාසල් නොයන ළමුන් පාසලට කැඳවන් එන්න තිරණය කළා. ඊට පසු දින විදුහල්පතිතුමන් මේ පිලිබඳව දැනුවත් කරලා මේ ගමන පිළිබඳ ඔහු විසින් ලොග් සටහනක් තබලා අපි දරුවො හොයන්න පිටත්වුනා. මේ ලොග් සටහන දැනටත් රිටිගහඅරාව පාසලේ ලොග් පොතේ ඇති කියා මා විශ්වාස කරනවා.
ඒත් මම දිගින් දිගටම ඇවිටිලි කරමින් ළමුන් කැඳවාගෙන එන්න මට අවස්ථාවක් දෙන්නැයි ඉල්ලා හිටියා. ඒ අවසරය මට අවසානයේ විදුහල්පතිතුමාගෙන් ලැබුණා. ඒ අනුව දවසක් මමයි කලුඅප්පුරාවේ විජේයි ගමේ ඇවිදලා පාසල් නොයන ළමුන් පාසලට කැඳවන් එන්න තිරණය කළා. ඊට පසු දින විදුහල්පතිතුමන් මේ පිලිබඳව දැනුවත් කරලා මේ ගමන පිළිබඳ ඔහු විසින් ලොග් සටහනක් තබලා අපි දරුවො හොයන්න පිටත්වුනා. මේ ලොග් සටහන දැනටත් රිටිගහඅරාව පාසලේ ලොග් පොතේ ඇති කියා මා විශ්වාස කරනවා.
අප දෙදෙනා ගමේ
ඇවිදින්නට ගියා ළමුන් එකතු කරන් එන්න. මේ පන්නරය මා ලැබුවේ මා පෙර සඳහන් කළ දුයිෂේන්
නම් චරිතයෙන්. මෙදා මට වගේම එදා ඔහුටත් ලොකු වගකීමක් පැවරී තිබුණා. 1917 සෝවියට් දේශයේ විප්ලවය අවසන් වු
පසු ඈත දුෂ්කර ගමක පාසලක් ආරම්භ කීරීමේ
වගකීම ඔහුට පැවරී තිබුණා. ඒ සඳහා ඔහු එම ගමට ගිය අවස්ථාවේ පාසලක් ආරම්භ කිරිමට ස්ථානයක්
හෝ ගොඩනැගිල්ලක් තිබුණේ නැහැ. ඒ දෙමාපින්ට අධ්‍යාපනයේ වටිනාකමක් තේරුනෙත් නැහැ. ඔහුට
සිදුවුණා කන්දක් මුදුනේ තිබුණු අත්හැර දාපු අශ්ව ගාලක් තනියම සුද්ද පවිත්‍ර කරගෙන එය පාසලක්
බවට පරිවර්තනය කරගන්න. මේ සියල්ල ඔහුට කරන්න වුනේ තනිවම. හිම වැටෙන බිමක දියකඳුරු
අතරින් දරුවන් කරේ තබා ගෙන ගොස් ඉගැන්වීම් කටයුතු කළ ආකාරයක් එහි කියවෙනවා. මෙයත්
මගේ ජීවිතයෙ අත්දැකීමක් බවට පත්වුණා. ගමේ ඇවිදලා දරුවන් පාසලට කැටුව එන අදහස
ලැබෙන්නත් මෙය පිටිවහළක් වුණා.
මාත් සමඟ මේ
ගමන ගිය විජේ මගේ පාසල් සගයෙක් බව මම මුලින් කීවා. ඔහු කඟවේනා වගේ වේගයෙන් දුවන්න
පුළුවන් දක්ෂයෙක්. මා අධ්‍යාපනය ලද පාසලේ ක්‍රීඩා තරඟ බොහොමයක් ඔහු පහසුවෙන් ජය
ගත්තා. ඔහු කලාප හා දිස්ත්‍රික් තරඟ වලට පවා ඉදිරිපත් වුවෙක්. රිටිගහඅරාව ගමේ
ගෙවල් තියෙන්නෙ ළඟින් ළඟින් නෙවෙයි. ඇතැමුන් අක්කර දහය පහලව රජයේ ඉඩම් අල්ලන් හිටියා.
හේන් කොටන් ඉන්න නිසා ගෙවල් තියෙන්න ඈතින් ඈත. බලදන්ගොල්ල, උඩයාය ,ඌරාකොටේ, පියරපාන
කියන මේ ගම්වල අපි ඇවිදින්න පටන් ගත්තා. අපි ඉස්සෙල්ලම ගියේ ඌරාකොටේ සහ උඩයාය
කියන ගම්වලට. ඒ පැත්ත හරි පාළු ප්‍රදේශයක්. මිනිසුන් මුණගැසුනෙත් නැහැ. ඒ ඔවුන්
හේන් ගොවිතැන් කටයුතුවල නියැළි සිටි නිසා.
අපි ඒ පැත්තට යනකොට , අපේ පාසලේ
හතරවන ශ්‍රේණියේ අධ්‍යපනය හැදෑරු සෝමරත්න නම් දරුවා කවි කියන හඬ අපට ඈත තියාම ඇසුනා.
එවිට විජේ කිව්වා
එවිට විජේ කිව්වා
“ඔන්න
සෝමයා ඉන්නවා ඉස්සෙල්ල මේ සෝමයා අල්ල ගමු”
කියලා.
කියලා.
අනතුරුව අපි දෙදෙනා හී හිඟුරු අකුල් අතරින්
රිංගලා සෝමේගෙ හඬ ඇසෙන කන්ද පැත්තට යන්න පටන්ගත්තා.
ටික දුරක් යන කොට අපට තේරුණා මේ කොල්ලා කවි කියන්නෙ ගහක් උඩට වී බව.
වටපිට බලනකොට අපිට පෙණුනෙ මේ දරුවා ඔවුන්ගේ හරක් රංචුව කැලේට දාලා වල් කන්න දීලා, හරක් තණ උලා කන අතරෙ කොල්ලා ගහ උඩට වී කවි කියනවා.
ළමයා ඈත තියාම අපි එන බව දැක්කා. දැකපු කොල්ලා බය වෙලා ගහ උඩ ඉඳන් බිමට පැන්නා. අපිත් සෑහෙන්න බය වුණා. අපි හිතුවෙ ගහෙන් පැනපු කොල්ලට අනතුරක් වුණා කියලා. විජේ වේගයෙන් ගහ ළඟට දිව්වා. සෝමරත්නට අනතුරක් වෙලා තිබුණෙ නැහැ.
කොල්ලා ගහෙන් පැනපු ගමන් කන්ද දිගේ දුවන්න ගත්තා. ළමයා පස්සෙන් විජේත් දුවන්න ගත්තා. ඔවුන් පසු පස මමත් දිව්වා. අපි කිලෝමීටර එකහමාරක් දෙකක් දුවලා කොහොම හරි අපි ළමයාව අල්ල ගත්තා.
ටික දුරක් යන කොට අපට තේරුණා මේ කොල්ලා කවි කියන්නෙ ගහක් උඩට වී බව.
වටපිට බලනකොට අපිට පෙණුනෙ මේ දරුවා ඔවුන්ගේ හරක් රංචුව කැලේට දාලා වල් කන්න දීලා, හරක් තණ උලා කන අතරෙ කොල්ලා ගහ උඩට වී කවි කියනවා.
ළමයා ඈත තියාම අපි එන බව දැක්කා. දැකපු කොල්ලා බය වෙලා ගහ උඩ ඉඳන් බිමට පැන්නා. අපිත් සෑහෙන්න බය වුණා. අපි හිතුවෙ ගහෙන් පැනපු කොල්ලට අනතුරක් වුණා කියලා. විජේ වේගයෙන් ගහ ළඟට දිව්වා. සෝමරත්නට අනතුරක් වෙලා තිබුණෙ නැහැ.
කොල්ලා ගහෙන් පැනපු ගමන් කන්ද දිගේ දුවන්න ගත්තා. ළමයා පස්සෙන් විජේත් දුවන්න ගත්තා. ඔවුන් පසු පස මමත් දිව්වා. අපි කිලෝමීටර එකහමාරක් දෙකක් දුවලා කොහොම හරි අපි ළමයාව අල්ල ගත්තා.
මේ ළමයා බය වෙලා
හිටියේ. කොල්ලා හිතන්න ඇති පාසල් නොගිය නිසා අපි ඔහුට දඬුවම් කරයි කියලා. නමුත්
අපි ඔහුට දඬුවම් කළේ නැහැ. පාසල් නොඑන හේතු විමසා බැලුවා.
ඔහු අපිට කිව්වා හරක් බලා ගන්න කෙනෙක් නැහැ. ඒ නිසා පාසල් එන්න ක්‍රමයක් නැහැ කියලා. ගෙදර අගහිඟකම් ගැන ඔහු කියන්න පටන් ගත්තා. ඉස්කෝලෙ ගේන්න පොත්පත් ඇත්තෙත් නැහැ ආදි කාරණා රාශියක් ඔහු අප හමුවේ ගෙන හැර පෑවා.
අවසානයේ දි අපි කිව්වා ඒ සේරම ගැටළු විසඳගමු කියලා. පාසල් නාව අනික් ළමුන් සොයා ගන්න අවශ්‍ය බවත් අපි ඔහුට දැනුම් දුන්නා.
අපි දඬුවම් නොකරන බව දැනගත් සෝමරත්න සතුටෙන් ඉපිල ගොස් අනික් ළමුන් සොයා ගැනීමට අපට සහය දක්වන්න එකතු වුණා.
ඔහු අපිට කිව්වා හරක් බලා ගන්න කෙනෙක් නැහැ. ඒ නිසා පාසල් එන්න ක්‍රමයක් නැහැ කියලා. ගෙදර අගහිඟකම් ගැන ඔහු කියන්න පටන් ගත්තා. ඉස්කෝලෙ ගේන්න පොත්පත් ඇත්තෙත් නැහැ ආදි කාරණා රාශියක් ඔහු අප හමුවේ ගෙන හැර පෑවා.
අවසානයේ දි අපි කිව්වා ඒ සේරම ගැටළු විසඳගමු කියලා. පාසල් නාව අනික් ළමුන් සොයා ගන්න අවශ්‍ය බවත් අපි ඔහුට දැනුම් දුන්නා.
අපි දඬුවම් නොකරන බව දැනගත් සෝමරත්න සතුටෙන් ඉපිල ගොස් අනික් ළමුන් සොයා ගැනීමට අපට සහය දක්වන්න එකතු වුණා.
එතැන් සිට
පාසල් ආපු නැති ළමුන් අල්ලා ගැනීමේ මෙහෙයුමේ ප්‍රධානියා වුයේ සෝමරත්න.
ඔහු අපව හේන් වලට, පැල් වලට හා නිවාස වලට කැටුව ගියා. එදා දවසෙම අපි මේ ආකාරයට කතා කරලා ළමුන් දාහතර දෙනෙකු එකතු කර ගත්තා. ඇතැම් දෙමාපියන් අපට බැන වැදුනා.
ඔවුන් අපෙන් ඇහුවා
ඔහු අපව හේන් වලට, පැල් වලට හා නිවාස වලට කැටුව ගියා. එදා දවසෙම අපි මේ ආකාරයට කතා කරලා ළමුන් දාහතර දෙනෙකු එකතු කර ගත්තා. ඇතැම් දෙමාපියන් අපට බැන වැදුනා.
ඔවුන් අපෙන් ඇහුවා
“මහත්තයලට
වෙන වැඩක් නැද්ද?”
“මුන්
අරන් ගියාම අපි හේන් කොටන්නෙ කොහොම ද?”
“ගිරව්
අඹන්නේ කොහොමද?”
“මහත්තයලා
අපිට කන්න දෙනවද?”
“මහත්තයලට ආණ්ඩුවෙං පඩි ලැබෙනවා මුන්ට ඉගැන්වුව කියලා මුන්ට ලැබෙන රස්සාව මොකක්ද?”
“මුන්ට
අතේ පයේ වැඩ පුරුදු කරන්න ඕන. අපි හේන් කොටල ඉවර වුනාම ඉරිඟු කඩලා මැස්සට දැම්මට පස්සෙ
දරුවන් ඉස්කෝලේ එවන්නම් මහත්තයල අපිට කරදර නොදී වද නොදී යන්න”
ආදි නොයෙක් කතා, දොස් තැබීම්, ආඩපාලි ගම්වැසියන්ගෙන්
අපට අහන්න වුනා.
“මහත්තයල
කිව්වට මුන්ව ඉස්කෝලේ එවන්න කියල කවුද මුන්ට පොත් අරන් දෙන්නේ? ඇඳුම් අරන් දෙන්නෙ?
අපේ පොඩි දරුවන් බලාගන්නෙ කව්ද? හරක් බලා ගන්නෙ කව්ද?”
ආදි ප්‍රශ්න
දෙමාපියන් අපෙන් ඇසුවා. නමුත් අපි දෙමාපියන්ට කරණු පහදා දී සොයා ගත් ළමුන් දාහතර
දෙනා පාසලට රැගෙන ආවා. උදේ පාසලින් පිටත් වුණ අප නැවත පාසලට එන විට දොළහමාරත්
පසුවි තිබුණා. අපි ළමුන් පිරිසක් අල්ලාගෙන රැගෙන එන බව ආරංචි වී වැට අද්දරට රැස්වී
සිටි විදුහල්පතිතුමා, ගුරුවරු ඇතුළු පාසලේ අනික් දරුවන් බලන් ඉන්නවා අරුම පුදුම
දෙයක් සිදුවෙන අයුරු දකිමින්.
දරුවන් පාසලට
පැමිණෙන විට ඔවුන්ට විදුහල්පතිතුමා දඬුවම් කරයි කියන බයක් ඔවුන්ට ඇතිවී තිබුණා. මේ
දරුවන් අප විසින් ප්‍රධාන ශාලාවට රැගෙන ගියා. විදුහල්පතිතුමා වේවැලක් අරන් අවේ
දරුවන්ට දඬුවම් කරන්න නම් නොවේ. ඇත්තටම ඔහු හොඳ මනුස්සයෙක්. දරුවන් පාසලට නොඑන
හේතු විදුහල්පතිතුමා දරුවන්ගෙන් විමසුවා. සමහරක් දරුවන් ඇඬුවා, ඔවුන්ට පොත්පත්, ඇඳුම්
නැති බව සමහරු කීවා. ගෙවල්වල කන්න බොන්න අමාරුකම් තියෙන බවත් කීවා. ආහාර නැති බව
කීවා. කුඩා සහෝදර සහෝදරියන් බලාගන්න තියෙන බවත් කීවා. ඔවුන්ට ඇති බොහෝ ගැටළු ඔවුන්
වමාරන්නට වූවා. විදුහල්පතිතුමා ටිකක් සැරෙන්
“හෙට
ඉඳන් අනිවාර්යයෙන්ම ඉස්කෝලෙ එන්න ඕනැ. අම්මලාට තාත්තලාට කියන්න ඕන උඹල එව්වෙ
නැතිවුනොත් අපි අනික් දවසෙ පොලිසියත් එක්ක ගෙවල් වලට එනව කියලා.“
විදුහල්පතිතුමා
විසින් පාසලට නාවොත් ලොකු ගැටළු ඇතිවන බව දරුවන්ට කිවා.
අප පාසලේ විවේකයට
තේ පානය කරන්නේ අපිම වතුර උනුකරන් තේ හදාගෙන. මාත් විජේත් එකතුව දරුවන්ට ද තේ වක්කරල
දුන්නා. අපිට පුළුවන් විදිහට ඔවුන් සතුටු
කර නිවෙස් වලට යැව්වා. ගෙදර තිබෙන ඇඳුමක් ඇඳගෙන හෙට පාසලට එන ලෙසත් පොත්පත්
අපි හොයලා දෙන බවත් අපි ඔවුන්ට දැනුම් දුන්නා. ළමයි සතුටෙන් එදා අපි ගෙවල්වලට
පිටත් කර හැරියා. ඊට පස්සෙ විදුහල්තිතුමා ඇතුළු
අපි එකතුව මේ දරුවන්ගේ ප්‍රශ්නවලට මොනවා කරමු ද යන්න කතා කළා.
විදුහල්පතිතුමාත්
“මේවා
අපිට විසඳන්න පුළුවන් ද ඒ ළමුන්ට විතර ද ප්‍රශ්න තියෙන්නෙ තව කොතරම් ප්‍රශ්න තියෙන
මිනිසුන් මෙහෙ ඉන්නවද”
ආදී කාරණා ප්‍රකාශ
කළා. නමුත් විදුහල්පතිතුමා ඇතුළු ගුරුමණ්ඩලයේ බහුතරයක් අපි එකඟ කරගත්තා මේ දරුවො
පාසලට කොහොම හරි එකතු කරගන්න ඕන කියලා. ඒ දරුවන්ට ඕන කියන පොත්පත්, ඇඳුම් පැලඳුම්,
අපේ පඩි වලින් කීය කීය හරි දාලා ගේමු කියලත් යෝජනා කලා. සමහර ගුරුවරුන්ගෙ මූණු
කළුවුනා.
“අපේ
සොච්චම් පඩියෙන් අපේ ගෙවල්වල ප්‍රශ්ණවත් විසඳගන්න බැරුව රටේ ප්‍රශ්ණ විසඳන්න හදනවා
සමන්ත මහත්තයලා“
කියලා සමහරු කිව්වා. ස්ථිර ගුරුවරු හැටියට පාසලේ
හිටපු චන්ද්‍රිකා අක්කා, ඥානා අක්කා සහ විදුහල්පතිතුමා ඉදිරි පඩියෙන් මොනවහරි කරමු
කියලත් කිව්වා. කොහොම හරි ඊට පහුවෙනිදා අපේ ගමෙන් එකතු කරගත්ත පරණ ඇඳුනුත්, කඩෙන් ණයට
ගත්ත පොත් තොගයකුත් අපි පාසලට අරගෙන ආවා. පසුදා දරුවන්ට පොත් හා පරණ ඇඳුම් ප්‍රමාණයකුත්
ලබා දි මේ දරුවන් පාසලට ගෙන්වා ගැනිමට අපි කටයුතු කළා. නමුත් කඩින් කඩ ළමයි පැමිණීම
වගේම නතර වීමත් සිදුවුනා. ඒත් අපද පෙර ආකාරයට කිපවරක්ම ලොග් සටහන් තබමින් හා
දෙමාපියන් ද දැනුවත් කරමින් පාසල් නොයන දරුවන් පාසලට ගෙන්වා ගැනීමට කටයුතු කළා.
මේ ආකාරයේ ගුරු ජිවිතයක් තමයි අපට උරුමව තිබුණේ. එයට මුලික අඩිතාලම වුයේ චින්ගිත් අයිත්මාතව්ගේ ගුරු ගීතය නම් පොතේ දුයිෂේන් නම් ගුරුවරයා බව සිහිපත් කළ යුතුයි.
මේ ආකාරයේ ගුරු ජිවිතයක් තමයි අපට උරුමව තිබුණේ. එයට මුලික අඩිතාලම වුයේ චින්ගිත් අයිත්මාතව්ගේ ගුරු ගීතය නම් පොතේ දුයිෂේන් නම් ගුරුවරයා බව සිහිපත් කළ යුතුයි.
අදවන විට
රිටිගහ අරාව පාසල ඉතා දුර්වල පාසලක්. පාසල මියදෙන්න ආසන්න මට්ටමක තියෙන්නෙ. දරුවන්
නැතුව පාසල වැහෙන්න ඔන්න මෙන්න ගානට වැටිලා. ලෝකේ හිටපු ශ්‍රේෂ්ඨ නායකයෙක් වෙච්ච
ලෙනින් කිව්වා “ලොව හොඳම දේ දරුවන්ට හිමිවිය යුතුය“
කියලා.
ඒත් අපේ රටේ දරුවන්ට තවම උරුම වෙමින් තිබෙන්නේ ඉතා නරක දේවල්. අපේ රටේ දූ දරුවන්ට හොඳම දේ උරුම කරලා දෙන්නෙ කවදද? නිතර මගේ හිත ප්‍රශ්ණ කරනවා. ඒ එක්කම හිත කියනවා. අනිවාර්යයෙන්ම දරු පැටවුන්ට හොඳම දේ උරුම කරලා දෙනවමයි කියලා.
ඒ වෙනුවෙන්ම වෙච්ච ගලේ කෙටූ අකුරු මෙන් හිතේ කොටාගත්ත අරමුණක් තියෙනවා. ඒ වෙනුවෙන්ම වූ දහිරියකින් වැඩ කරගෙන යනවා.
ඒත් අපේ රටේ දරුවන්ට තවම උරුම වෙමින් තිබෙන්නේ ඉතා නරක දේවල්. අපේ රටේ දූ දරුවන්ට හොඳම දේ උරුම කරලා දෙන්නෙ කවදද? නිතර මගේ හිත ප්‍රශ්ණ කරනවා. ඒ එක්කම හිත කියනවා. අනිවාර්යයෙන්ම දරු පැටවුන්ට හොඳම දේ උරුම කරලා දෙනවමයි කියලා.
ඒ වෙනුවෙන්ම වෙච්ච ගලේ කෙටූ අකුරු මෙන් හිතේ කොටාගත්ත අරමුණක් තියෙනවා. ඒ වෙනුවෙන්ම වූ දහිරියකින් වැඩ කරගෙන යනවා.
මෙවැනි පාසල්වල ළමුන්ට උදව් කිරීමට අය සොයා ගන්න පුළුවනි අද නම් ලේසියෙන් ම අන්තර්ජාල සබඳතා නිසා.
ReplyDeleteමගේ මල්ලීත් වසර දහයක් ම මාතලේ ලග්ගල ප්‍රදේශයේ අති දුෂ්කර ගමක පාසලක සේවය කළා.
දූ දරුවන්ට පෑන් පැන්සල් ඇඳුම් ලබාදෙමින් කරන උපකාර අගයමි. එහෙත් අධ්‍යාපනයට වැළදී ඇති බරපතල රෝගයට ප්‍රතිකාර සංකීර්ණ බව කාරුණිකව දන්වමි. ඔබ දැක්වූ අදහසට බෙහෙවින් ස්තූතියි.
DeleteThis comment has been removed by the author.
ReplyDelete//දෙමාපියන්ට හා දරුවන්ට මේ දේ අවශ්‍ය නැත්නම් අපට මොකද අපි මේ රැකියාව කරගෙන ඉඳිමු කියන අදහස ඔවුන් තුල තිබුණා.// මේ වගේ අදහසකින් ඉන්න ගුරුවරු අතින් ළමයින්ගේ ඇස් පෑදෙනවා අඩුයි
ReplyDelete//මේ වගේ අදහසකින් ඉන්න ගුරුවරු අතින් ළමයින්ගේ ඇස් පෑදෙනවා අඩුයි//
Deleteමේ ගුරුවරුන්ගේ වැරැද්දක් නොවන බව මාගේ අදහසයි. මේ පවතින ක්‍රමය මෙවැනි ගුරුවරු නිෂ්පාදනය කරන බව හැගේ. (කරවිල සිටෙව්වොත් කන්න වෙන්නේ කරවිලමය) අදහස් දැක්වීම පිළිබඳ බෙහෙවින් ස්තූතියි.
මගේ මාමාත් මොරගොල්ලාගම නිකවැව ඉස්කෝලේ අවුරුදු 10 වැඩකරලා තියෙනවා. එයත් ඔය වගේ අත්දැකීම් මාත් එක්ක කියලා තියෙනවා
ReplyDelete//දෙමාපියන්ට හා දරුවන්ට මේ දේ අවශ්‍ය නැත්නම් අපට මොකද අපි මේ රැකියාව කරගෙන ඉඳිමු කියන අදහස ඔවුන් තුල තිබුණා.// මේ වගේ අදහසකින් ඉන්න ගුරුවරු අතින් ළමයින්ගේ ඇස් පෑදෙනවා අඩුයි. ඒ අතින් ඔබ විශිෂ්ඨයි.
ReplyDelete//ඒ අනුව ස්වේච්ඡාවෙන් ඉගැන්වීම් කිරිමට තව සිව් දෙනෙකු මම පාසැලට කැඳවාගෙන ආවා. //
ඒ වගේම තමයි ඔබේ යහළුවන් පිරිස. ඒ වගේ ස්වේච්ඡාවෙන් කැපවෙන්න පුළුවන් මිනිස්සු විරලයි. මොනව කලත් බඩගින්න, අගහිඟකම් කියන සතුරො පරද්දන්නෙ නැතුව අධ්‍යාපනය දෙන්න අමාරුයි. ඒ දෙක තුරන් කරගෙන දෙන අධ්‍යාපනය තමයි ඉදිරියට යවන්න පුලුවන්.
මෑතකාලයේ දුයිෂෙන් ගුරුතුමනි. ඔබට හිසනමා ආචාර කරමි.
පවතින දුෂ්කර තත්ත්වයන් යටතේ උඩුගම් බලා පිහිනමි. අධ්‍යාපනය ලබාදුන් පාසල් සහ ගුරුවරුන් ගැන නිර්මාණය වුණු තවත් පොත් පත් ගණනාවක් මතකයට එනවා. ඇසට සතුටු කඳුලක් එන මනරම් සිනමා පටයක් taare zameen par. එහි අමීර් කාන් දක්ෂ ලෙස ගුරු භූමිකාවක් නිරූපණය කරනවා. ජපාතයේ ලියවුණු ලෝකයේ බොහෝ ප්‍රචලිත වුණු පොතක් සිංහලයටත් පරිවර්තණය වෙලා තියනවා. ඒ ''හරි පුදුම ස්කෝලේ'' කියන පොත.
Delete//බඩගින්න, අගහිඟකම් කියන සතුරො පරද්දන්නෙ නැතුව අධ්‍යාපනය දෙන්න අමාරුයි. ඒ දෙක තුරන් කරගෙන දෙන අධ්‍යාපනය තමයි ඉදිරියට යවන්න පුලුවන්//
Deleteඔබ කිව්වා හරි අත්තිවාරම උඩ මනරම් ගෙවල් හදනවා වගේ, ඒ වගේම අත්තිවාරම් නැති ගෙවල් කඩන් වැටෙනවා වගේ බඩගින්න අඟහිඟකම් මානසික පීඩනයන්ට ගොදුරු වූ දරුවන්ට පළමුවෙන් ලබාදිය යුත්තේ කුමක්ද කියලා ඔබ ඇතුළු අප තේරුම් ගත්තත් තේරුම්ගත යුතු බොහෝ දෙනෙක් එය තේරුම් අරගෙන නැහැ. ඔබ ලබාදුන් දිරියට බෙහෙවින් ස්තූතියි.
හරි පුදුම ඉස්කෝලේ හැම දෙමව්ප්යෙකුම බැලිය යුතු පොතක්. ඒ පොත බැලීම නිසා මට මගේ දියණිය නිදහසේ හදන්න සෑහෙන උපකාරී වුණා. ඔබ කියපු දෙවෙනි කාරණාවත් ඒ කියන්නේ අර පාර් කියන චිත්‍රපටියේ තිබෙන අකුරු අනික් පැත්තට ලියන නිදහස් බවත් මගේ දියණියට තිබුණා. එතැනදී ගුරුවරු මේක හදන්න උත්සාහ කලත් මම කිසි බල කිරීමක් නොකළේ අන්තරජාලය ඔස්සේ මම ඒ ගැන දැනුවත් වෙලා තිබුණ නිසා. මම පන්තිභාර ගුරුවරියට මේ ගැන ලියලා යැවුවා. නමුත් ඔවුන් විභාගයේදී ලකුණු අඩු කළා. මම ඒ ගැනත් ලත වුණේ නෑ. මේ ගැන ලියවිච්ච අපූරු සටහනක් මට හමු වුණා ගොඩ කාලෙකට කලින්. මම ඒක පරිවර්තනය කරන්න කියලා තියාගෙන හිටියා. ඔබගේ මේ සිහි කැඳවීමත් එක්ක මම හිතුවා මුලින්ම ඒක කරන්න ඕනේ කියලා.
Deleteමේකෙ ලියලා තියෙන දේවල් එකක්වත් මට අමුතුවෙන් මවාගන්න ඕනි උනේ නෑ. අපේ අම්මා රිටිගහ අරාවෙ සමූපකාරෙ මැනේජර් වෙලා එහෙට ගියෙ මීට අවුරුදු තිහකට කලින්.
ReplyDeleteඔය ඉස්කෝලෙ මම ඉගෙනගෙන නැතුවට සති අන්තෙ හිටියෙම එහෙ. ඒ කාලෙ හිටිය ප්‍රින්සිපල්ගෙ නම මතක නෑ වාසගම බුත්පිටිය වගෙයි මතක. එයාගෙ දූලා තුන්දෙනයි, අපේ ගෙදර හතර දෙනයි, සමුපකාරෙට උඩ පැත්තෙ හිටිය විජේකෝන් සර්ගෙ දරුවොයි ඇරෙන්න ඒ කාලෙත් ඔය ගමේ වැඩි දෙනෙක් ඉස්කෝලෙ ගියෙ නෑ.
ඉස්කෝලෙට පහල තිබ්බා පට්ටිය ගෙදර කියලා ගෙදරක්, ඒ ගෙදර ළමයි ගොඩක් හිටියා. එයාලා හැමෝම කරේ හරක් බලාගන්න එක.
ඒ කාලෙ අපේ නගා ඉස්කෝලෙ ගියෙ නෑ. අයියයි අක්කයි වැලිමඩ අම්මලාගෙ මහ ගෙදර. මම දම්බරාවෙ අප්පච්චිගෙ මහ ගෙදර. සිකුරාදට අම්මා හරි අප්පච්චි හරි මාව එක්ක යන්න එනවා. ඌරණියෙ ඉදලා කැලේ මැදින් තිබ්බ පාර දුර කොච්චරක්ද කියලා අවුරුදු හය හතේ වයසක හිටිය මට මතක නෑ. ඒත් ඒ කැලේ මැදින් සිකුරාදටයි ඉරිදටයි මහ දුරක් ආව ගිය මතකෙ තාමත් මගේ හිතේ තියෙනවා.
මම තාමත් ගමේ ගියාම ඔය පාර මැදින් යනවා 9 කණුවෙ ඉදන් දඹගහපිටිය හන්දියට.අවුරුදු තිහක් ගිහිල්ලත් ඒ පැත්තෙ ඒ හැටි වෙනසක් වෙලා නැති එක දකින්න ලැබීම ඇත්තටම දුකක්.
ඔහොම ඉස්කෝල අපේ පළාතෙ තියෙන බවවත් නොදන්න දේශපාලකයින් ඉන්න රටක ඒ ගැන හරි හැටි දන්න, ඒ ගැන යමක් කරන්නට උවමනාවක් තියෙන ඔබට ඒ වෙනුවෙන් දුයිෂෙන් ට එහාගිය යමක් කරන්න හැකිවෙයි කියලා මම හිතනවා. ඒ වෙනුවෙන් උදව් කරන්න මමත් කැමතියි
ඔබ මතකය අවදි කරන්න මහන්සි ගත්ත ඒ විදුහල්පතිතුමා ඩේවිට් මහත්තයා. එයාගේ ලොකු දුව ධම්මිකා බුත්පිටිය (සමෘර්ධි නිලධාරිනියක්), දෙවෙනියා සුනේත්‍රා බුත්පිටිය (ගුරුවරියක්). උදව් කරන්න කැමති වීම පිළිබඳ බෙහෙවින්ම ඔබට ස්තූතියි. ඵළදරන අකාරයේ කටයුතුතකට ඉදිරියේදි උදවු කරමු.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
Deleteඔබට හිස නමා ආචාර කරනවා...
Deleteඒ ඉස්කෝලෙට උදව් කරන්න පුළුවන්, හැකිනම් විස්තර පල කරන්න...
අපි එකතුවෙලා හැකි දෙයක් කරමු...
උදව් කරන්න කැමති වීම පිළිබඳ බෙහෙවින්ම ඔබට ස්තූතියි. ඵළදරන අකාරයේ කටයුතුතකට ඉදිරියේදි උදවු කරමු.
Deleteගුරුතුමනි,
ReplyDeleteකට පුරා ගුරුතුමනි කියල කතා කරන්න පුළුවන් කමත් ඇත්තටම හිතට සහනයක්.මිනිසත් බව ලැබී ඉපදුනත් මිනිසුන් ලෙස දිවි ගෙවීම අභියෝගයක් වූ ඔවුනට මිනිසුන් ලෙසින් දිවිගෙවන්න ශක්තියක් වෙමු.
ජයවේවා..!!
බෙහෙවින්ම ඔබට ස්තූතියි.
Deleteසාදරයෙන් පිලිගන්නවා අපේ කාලයේ දුයිෂෙන් සහෝදරයා බ්ලොග් ලෝකයට.. මෑත කාලයේ බ්ලොග් වලට එක්වුණු වටිනාම එකතුවක් ඔබ. (ඒ එක්වීම බදුල්ලෙන් වීම ගැන හීනියට ආඩම්බරයි.. බ්ලොග් සහ බදුල්ල අතර තියෙන්නේ නොසෑහෙන බැඳීමක්).. ඕස්ට්‍රේලියාවේ ඉඳන් මේ බ්ලොග් කපුකම කල කවිඳු ජයසිංහට මගේ ප්‍රණාමය..
ReplyDeleteකියන්න කතා බොහෝයි.. බ්ලොග් පෝස්ට් එකක්ම ලියන්නම්..
//මාත් විජේත් එකතුව දරුවන්ට ද තේ වක්කරල දුන්නා.// ටීචර් අසනීප වෙලා ඉද්දි බලන්න ආවම අපිට තේ වක්කරලා දුන්නු හැටි මතක් උනා..
බ්ලොග් ලියන්න හිතන් හිටියේ හුගක් කාලෙකට ඉස්සර ඉදන්. හිතේ පිළිසිදගත්ත ඒ අදහස යථාර්තයක් වුණේ මේ ලියවිල්ලත් සමග කවිඳු ඇතුළු කිහිප දෙනෙක් පස්සෙන් පන්න පන්න කරදර කරා. ඒ කරදරයට මං ආදරෙයි. එහි ප්‍රතිඵලය පෙරකි ලියමන. ධෛර්ය දුන් සැමට ස්තූතියි.
Deleteකල්‍යාණ දවසක් ටීචර් ගැන කරපු වර්ණාව මතක් උනා.
Deleteඔබේ කතාව ආදර්ශමත් සහ ධෛර්‍යය වඩවන කතාවක් වෙයි. මගේ නංගි බකමූණේ දුෂ්කර පාසලක සේවය කලනිසා මේවැනි අත්දැකීම් අසා/දැක තිබෙනවා.
ReplyDeleteමට ගොළු තාත්තා ටෙලිනාට්‍යයේ පාසල් ගුරුවරයා සිහියට ආවා. ඔහු සිසුන් ගොඩනගන්නේත් මෙවන් වටපිටාවක.
ඔබ රටටත්, ජනතාවටත් අගනා වටිනා මිනිසෙක්. වෙනස් නොවී ඉදිරියටම යන්න අපෙන් ආශිර්වාදය!!!!
බෙහෙවින්ම ඔබට ස්තූතියි.
Delete==සුභ පැතුම් ...
ReplyDeleteගොඩක් ගුරුවරු දුෂ්කර පැති වල සේවයට දැම්මම ඔවුන් ඒ තරහ පිරිමහගන්න හදන්නෙ ළමයින්ගෙන්. ඒ අතින් ඔබ විශිෂ්ටයි.
ReplyDeleteපොතේ අධාපනයම නැතුව ඒ වගේ ළමයින්ට තමන්ට ඉදිරියෙදි ගතකරන්න වෙන ජීවිතේට ආධාර වෙන යමක් උගන්නන්න පුලුවන් අධ්‍යාපන ක්‍රමයක් තමයි වටින්නෙ.
//පොතේ අධාපනයම නැතුව ඒ වගේ ළමයින්ට තමන්ට ඉදිරියෙදි ගතකරන්න වෙන ජීවිතේට ආධාර වෙන යමක් උගන්නන්න පුලුවන් අධ්‍යාපන ක්‍රමයක් තමයි වටින්නෙ//
Deleteගුරු කේන්ද්‍රිය අධ්‍යාපනය ළමුන්ට බලහත්කාරකමක්. නිර්මාණශිලි දරුවෙක් බිහි කිරීමට අඩ කොටයක්. එක් එක් දරුවා තේරුම්ගත් ගුරුවරුන් නිර්මාණය කිරීමත් දුෂ්කර කටයුත්තක්. එත් එය අත්‍යාවශය කාරණයක්.
ලියන එක නවත් වන්න නං එපා , දිගටම ලියන්න , ඒක කාලීන අවශ්‍යතාවයක්
ReplyDeleteබෙහෙවින්ම ඔබට ස්තූතියි. මම උත්සහ ගන්නම්.
Deleteදුයිෂේන් සර්
ReplyDelete, ඔබට මගේ ආචාරය!
ඔබේ බ්ලොග් ආගමනය ගැන බොහොම සතුටුයි. දිගටම ලියන්න. එය බොහොම වැදගත් වේවි.
දූයිෂේන් තරම් දුර මට යන්න බැරි වුණා. ඒ මගේ වැටහීම. ඒත් දුයිෂෙන් වගේ ගුරුවරු බුරුතු පිටින් බිහිවෙන සමාජයක් හදන්න හිතාගෙන මම රිටිගහඅරාව පාසලට ආයුබෝවන් කිව්වා. කසුන් ඔබටත් බෙහෙවින් ස්තූතියි.
Deleteඔබ තුල ඇති දේශපාලනඥ්යාට නොව, ඔබ තුල සිටින සුන්දර මිනිසාට ලියන්න දෙන්න. ඒ අත්දැකීම්, විස්තර කියවන්න අපි වැනි අළු පාට මිනිසුන් බලා සිටියි.
ReplyDelete+++++++
Delete//ඔබ තුල ඇති දේශපාලනඥ්යාට නොව, ඔබ තුල සිටින සුන්දර මිනිසාට ලියන්න දෙන්න. ඒ අත්දැකීම්, විස්තර කියවන්න අපි වැනි අළු පාට මිනිසුන් බලා සිටියි//
Deleteමට ගුරුවරයෙක් වුණේ මගේ දේශපාලනය බව ඔබට කාරුණිකව පවසමි. මම ඉදිරියට අකුරු අමුනන්නට බලාපොරොත්තුවෙන් සිටිමි. ඔබටද බෙහෙවින් ස්තූතියි.
ජයවේවා..
ReplyDeleteඇහැට කඳුලකුත් ඉනුවා. මමත් බදුල්ල පැත්තේ තමා මුලින් ඉගෙන ගත්තේ. ඒ පැත්තේ ඉන්න මිනිස්සු ගැන අවබෝධයක් තිබෙනවා. මොනරාගලත් එහමයි. අපි මොනවා හරි කරමු මේ පාසැල ගොඩ නගන්න.දේශපාලකයෝ කරන කන් හිටියොත් මුකුත් කෙරෙන්නේ නැහැ. සමාජවාදේ එනකන් හිටියොත් ඒත් කෙරෙන්නේ නැහැ.
ReplyDeleteසාධාරණ යුක්තිය, මනුස්සකම නොමිලේ ගන්න අමාරුයි. ඒ මේ සමාජය නිසා. සමාජවාදය එන එකක් නෙවෙයි. අප වෙහෙස මහන්සි වෙලා බිහිකරගත යුත්තක්. ඒ වෙන මොනාවත් නිසා නෙවෙයි සාධාරණ යුක්තිය, මනුස්සකම එතන ස්ථිරවම තිබෙන නිසා. ඔබ අදහස් දැත්වීම පිළිබඳ බෙහෙවින් ස්තූතියි.
Deleteදුයිෂෙන්,මම ගරු ගීතයේ කථාවට ආශ්‍රය වූ පරිසරයට ගිය කෙනෙක්. අපේ රටේ ඒවැනි තැනක් පිළිබඳ ලිවීම සිතට සතුටක්. සමාජවාදය මේ ලක් පොළොව මත ඇති නොවන්නකි. මෙම පාසැල ගොඩනැගීමට මගේද සහය. නගරයක වුවත් මමත් මුලින්ම අකුරු කළේ ප්‍රාථමීක විදුහලක. ඔබගේ පැමිණිමට සුබ පැතුම්.
Deleteදුයිෂෙන්ට දුර ගමනක් යන්න ලැබේයි කියා අපි බලාපොරොත්තු වෙනවා. දේශපාලනයට වඩා වටින්නේ ඔබේ මිනිස්කම . ලියවිල්ලෙත් ඒ ගුණය රැකගන්න ලැබුනොත් අපේ බ්ලොග් අතරට එකතු වූ සම්පතක් වෙනවා දුයිශේන්ගේ අඩවිය. ජය !!
ReplyDeleteඔබටත් මම කාරුණිකව පවසමි. මේ දේශපාලනය මට සැබෑ ගුරුවරයෙක්. ඔහු මට බලපෑම් කරනවා. යුක්තිය අහිමි මිනිසුන්ට යුක්තිය හොයලා දීපන් කියලා. අසාධාරණය දුටු තැන ඊට එරෙහිව සටත් කරපන් කියලා. මනුස්සකම අහිමි සමාජයට මනුස්සකම කැන්දාගෙන වරෙන් කියලා. මම ඒ වෙනුවෙන් ගමන් කරමින් ඉන්නවා. ඔබටත් බෙහෙවින් ස්තූතියි.
Deleteබ්ලොග් ලොව දිගු ගමනක් යන්නට සුබ පැතුම්!!දිගටම ලියන්න.
ReplyDeleteවර්තමාන ගුරු පරපුරෙනුත් තව තවත් නුතන දුයිෂෙන්ලා බිහි වේවයි ප්‍රර්ථනා කරනවා. ඔබ වැනි මනුස්සකම පිරුණු නුතන දුයිෂෙන් කෙනෙක් ගෙන් ඔවුන්ට ගත හැකි පාඩම් බොහොමයි.
ReplyDeleteඒ මනුස්සකම ගැන වැඩිපුර ලියන්න ඒත් එයටම බද්ධ වී දේශපාලන කරුණු තිබුනොත් ඒවා බලෙන් හංගන්නත් අවශ්‍ය නැහැ . රිදිමාලියද්දේ කැලේ කොලේ සතා සීපාවා සමග ගෙවුණු ඔබේ ජිවිතේ මුළු ලෝකෙම අයට හඳුන්වාදෙන ලියවිල්ලක් දකින්න බලා සිටිමි. දිගටම ලියන්න. ඔබට ජය !!!!
දේශපාලනය යනු තහනම් වචනයක් නොවේ. අපි සියල්ලෝම දේශපාලනයේ කොටස්කරුවෝ. මේ සියලූම සංසිද්ධීන් හා බැඳුනු සමාජ, දේශපාලන ගනුදෙනුවක් තිබේ. එක් එක් පාඨකයා තමාට රිසි අයුරින් එය ගලපා ගනු ඇත. දුයිෂෙන්ගේ කතාවේ පතුල අත ගා තේරුම් ගත් දිනෙක නිවැරදි දේශපාලන මාවත කුමක් දැයි කියවන්නා වටහාගනු ඇත. එයට කැමති වර්ණයක්, නාමයක් තම තම නැන පමනින් එකතු කරගනු ඇත.
Delete++++++++++++++
Delete//වර්තමාන ගුරු පරපුරෙනුත් තව තවත් නුතන දුයිෂෙන්ලා බිහි වේවයි ප්‍රර්ථනා කරනවා.//
Deleteමේ කාස්ටක පොළවේ පැලයක් පැල වෙන්නෙත්, මලක් පිපෙන්නෙත් කලාතුරකින්. ඔබ ඇතුළු බොහෝදෙනා මල් පිපෙනවා දකින්න කැමතියි. මී මැස්සෝ සමනල්ලු ගුමු ගුමු නඳ දෙමින් හැසිරෙනවා දකින්න කැමති බවත් මම දන්නවා. මල්වල සුවදට කවුද අකමැති. ඒත් කෝ මල්??????????? කණගාටු විමෙන් පලක් නෑ. එක මලක් වී පිපි පරවීම නරකත් නෑ. ඒත් රටම සුවඳ කරන මල් පූදින බිමක් හදන්න මේ පුරන් බිම අස්වද්දන්න අාපු මිනිසුන් අතරට මාත් අපු බව කාරුණිකව දන්වමි. ක්‍රි.පූ. 384 - 322 වකවානුවේ ජීවත් වූ මහා දාර්ශනිකයෙකු වූ ඇරිස්ටෝටල් ලිවූ ආචාර ධර්ම හා දේශපාලනය කෘතියේ මිනිසා දේශපාලන සත්වයෙකු බව පැහැදිලිව පවසයි. ඔබ දැක්වූ අදහසට බෙහෙවින් ස්තූතියි.
දේශපාලනය යනු තහනම් වචනයක් නොවේ. අපි සියල්ලෝම දේශපාලනයේ කොටස්කරුවෝ. මේ සියලූම සංසිද්ධීන් හා බැඳුනු සමාජ, දේශපාලන ගනුදෙනුවක් තිබේ. එක් එක් පාඨකයා තමාට රිසි අයුරින් එය ගලපා ගනු ඇත. දුයිෂෙන්ගේ කතාවේ පතුල අත ගා තේරුම් ගත් දිනෙක නිවැරදි දේශපාලන මාවත කුමක් දැයි කියවන්නා වටහාගනු ඇත. එයට කැමති වර්ණයක්, නාමයක් තම තම නැන පමනින් එකතු කරගනු ඇත.
ReplyDelete//එක් එක් පාඨකයා තමාට රිසි අයුරින් එය ගලපා ගනු ඇත. දුයිෂෙන්ගේ කතාවේ පතුල අත ගා තේරුම් ගත් දිනෙක නිවැරදි දේශපාලන මාවත කුමක් දැයි කියවන්නා වටහාගනු ඇත// +++++++++++
ReplyDeleteමෙතනට යොමු වුනේ අහම්බෙන්, නෙළුම් අඩවියේ මග පෙන්වීමෙන්, කාලීනවත් ඉතාම වැදගත් සටහන් ගොනුවක්
ReplyDeleteබෙහෙවින්ම ඔබට ස්තූතියි.
DeleteAll the best! Jaya wewa!
ReplyDeleteබෙහෙවින්ම ඔබට ස්තූතියි.
Deleteසුභ පැතුම් ...
ReplyDeleteපේනවනේ.. බදුල්ලේ බලය එන්න එන්න වැඩි වෙනවා.. :)
Deleteමාත් ඉතිං කුංඤයක් හරි ගහන්ට එපැයැ.. ගමට.. හැක්
Deleteගුරුගෙදරින් මහපාරට කියල බ්ලොගට නම තිබ්බට මොකෝ මහපාරට වැටෙන්න නොදි දරුවන් පාසලට වද්ද ගන්න දඟලපු හැටි නම් මරු !
ReplyDeleteඅදහස් දැක්වීම පිළිබඳ බෙහෙවින්ම ඔබට ස්තූතියි.මහපාර කිව්වම අර්ථ ගොඩක් තියනවා. මේ කිව්වේ සැබැවින්ම යායුතු මහපාර ගැන.
Deleteඔබේ බ්ලොගය බලන්න ලැබීම සතුටක් ගුරුවරයකු ලෙස ඔබේ සේවය අති විශිෂ්ටයි..මමත් කාලයක් ස්වෙච්චා ගුරුවරයකු ලෙස බදුල්ල ප්‍රදේශයේම කොලොන්ගස් තැන්න කියල දුෂ්කර ගමක පාසලේ සේවය කරා ...එහෙත් ඔය කියන දේ තිබුනා ළමයි පාසලට එන්නේ නෑ...දිගටම ලියන්න බ්ලොග් අවකාශයට සාදරයෙන් පිලි ගන්නවා ...මගේ බ්ලොග් රෝල්ට මේක එකතු කර ගන්නම් ..මමත් බ්ලොග් කිහිපයක් ලියනවා ...https://www.topsybur.com
ReplyDeletekasikabal.blogspot.com
topbadfeed.blogspot.com
අදහස් දැක්වීම පිළිබඳ බෙහෙවින්ම ඔබට ස්තූතියි.
Deletewww.topsybur.com -correct address
ReplyDelete40-50 - 60 දශක කියන්නෙ ඔබ වැනිම දුයිෂෙන් ලාගෙන පිරුන රටක් බවට පත්ව තිබුණ බව ඈත ග්‍රාමීය පාසල් වල ලොග්සටහන් පිරික්සමින් සිටි මට දකින්න ලැබී තිබුණා.
ReplyDeleteමෑතදී තවත් ගමක තමන් සතු පරිගණකය පාසලට ගෙනවිත් දරුවන්ට උගන්වන්නට තැත්කරන ගරුවරුන් දෙදනකු නිසා පාසල වගෙම් ගමත් එළිය වී තිබුණා. පසු කලක වි.වි .සිසු ව්‍යාපෘතියක් යොමු කර ගැනීම මගින් ඔවුනට පරිගණක යන්ත්‍ර 18 ක් සහ මල්ටිමීඩියා ප්‍රොජෙක්ටරයක් ලැබුණා. එහෙත් අන්තර්ජාල සම්බන්ධතා නම් 2016 පෙබරවාරි මාසය වනතුරුත් තිබුණෙ නැහැ. ගුරවරුන් එම සේවා ලබා දුන්නෙ තමවියදමින් ලබාගත් සහ තම වියදමින් ඩේටා ලබාගන්න ඩොංගල් මගින් බව දුටුවා. මේ කියන පාසලට පොත් පරිත්‍යාග ලබාගත හැකි පුද්ගලයන් සහ ආයතන තිබුණත් ගොඩනැගිල්ලක් නැතිකම ගැන විදුහල්පති හා ආචාර්මණ්ඩලය තවමත් දුක්වෙමින් සිටිනවා විය හැකියි
ඔබ වැන්නන් ඇත ගම්වල ඇති පාසල් වල අදත් දුක්විඳිමින් සිටිනවා ඔබේ මේ සටහන ඔවුන්ට දිරියක් වේවි.
අදහස් දැක්වීම පිළිබඳ බෙහෙවින්ම ඔබට ස්තූතියි
DeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමිනිසුන් පතන සමාජවාදය ලොවක් කොතනකවත් කරගන්න බැරි වෙලා තියෙනවා. අඩු පාඩු සහිතව හෝ එතනට යමින් පැවතුනු රටවල් පවා තීරනාත්මක වෙනස් කම් කරමින් පවතිනවා. අද ධනවාදී රටවල් වල අගය කල යුතු සමාජවාදී අදහසුත්, සමජවාදී යයි කියා ගන්නා රටවල් වල "market economy" සම්බන්ද දනවාදී අදහසුත් දකින්න ලැබෙනවා. ඔබ වැනි අවංක සහ දක්ෂ දේශපාලකයින් රටට ගැලපෙන දේශපාලනයක් කරා යොමු වෙනවා නම් ජනතාව ඔබ ආදරයෙන් පිළිගනීවි. එක එක රටවල් වලින් එන දේශපාලන නියායන් ("වාදයන් තුල") කොටු නොවී, විද්‍යාත්මක සංවාදයක් තුලින් වැඩ පිළිවලක් සකස් කර එය ජනතාවට ඉදිරිපත් කල හැකි නම් අගනේය. අතීතයෙන් ගත යුතු දේ රැගෙන (නොගත යුතු දේ ජනතාවට අවංකව කියා) ඉදිරියට යනවා නම ජනතාව ඔබට බලය දීමට නොපැකිලෙනු ඇත. අද ජනතාව හොරුන්ව සහ තක්කඩියන් පාර්ලිමේන්තු යවන්නේත් ඔබ වන්නන්ට ආදරය කලත් චන්දය නොදෙන්නෙත් ඉහත කී කරුණු සහ වෙනත් එවැනි දේවල් නිසාය.
ReplyDeleteමානවයා මුලින්ම බිහිකරගත් සමාජ ක්‍රමය ධනේෂ්වර ක්‍රමයක් නෙවෙයි. මුල්ම සමාජ ක්‍රමයට ප්‍රාථමික සාමුහික සමාජ ක්‍රමය කියලා කියනවා. එතනින් පස්සෙත් වහල් සමාජ ක්‍රමය, වැඩවසම් සමාජ ක්‍රමය පහු කරලා අද තියන සමාජ ක්‍රමයට අපි ඇවිත් තියනවා. එක සමාජ ක්‍රමයක ඉදන් අනෙක් සමාජ ක්‍රමයට එක රැයකින් ගියේ නෑ. වැරදි වැරදි, වැටි වැටි ඉදිරියට ගියා. විටින් විට පසු පසටත් අඩිය තියපු තැනුත් තියනවා. ඒත් ගියේ ඉස්සරහටම නිසා අපි අද ධනපති ක්‍රමයේ ඉන්නවා. ඔබ කියනවා වගේ මේ ක්‍රමයෙත් හොද දේ තියනවා. ඒ දේත් එකතු කරගෙන සමජ ක්‍රමය වෙනස් වෙන එක වළක්වන්න බෑ. හොද දෙවල් නිකන්ම උපදින්නේ නෑ. ලෝක ඉතිහාසයේ හාරලා පිරීක්ෂා කරලා බැලුවම ලෝකය ඉදිරියට ගන්න මිනිසු අරගල කරලා තියනවා. කැප කිරීම් කරලා තියනවා. අනෙක් කාරණය, එක් එක් විෂයන් මගින් එම විෂයන් ප්‍රවීණ කිරීමෙන් ලෝකයට කොච්චර දේවල් එකතු කරලා තියනවාද? ඔය හැම විෂයකටම මූලධර්මයක්, න්‍යායක් තියනවා. නවීන තාක්ෂණය, විද්‍යාවේ නව සොයා ගැනීම්, අලුත් මත, අලුත් අදහස් ඇතුලට ගන්න අපි දොර පියන් පත් විවර කරලා තියෙන්නේ සත්තමයි. ඔබට කාරුණිකව කියන්නේ එකතු වෙලා යහපත් නැවුම් ලොවක් අනාගත දූ දරුවන් වෙනුවෙන් ගොඩනඟමු.
Deleteමොනවා කියන්නද කියල කල්පනා කරමින්. උසස් පෙළ ඉවර වුන ගමන්ම අභ්‍යාසලාභී ගුරුතුමියක් වැඩ කළා වසර කිහිපයක්.වැඩි ඈතක නෙමේ.කටුනායක වෙළඳ කලාපේ ගාව.ළමයි එන්නේ යන්තන් අට පාස් කරලා කාලපෙට යන්න.ඉතින් ඈත ගම් ගැන අහන්නත් දෙයක්ද. මුළු ලංකාවටම දුයිෂෙන් ලා අවශ්‍යයි.අනික පාසල් අධ්‍යාපනය පමණක් නොවේ.උසස් අධ්‍යාපනය ලබන්න ලමයින්ට අවස්ථා ලංකාවේ හොඳටම මදි.
ReplyDeleteඅදහස් දැක්වීම පිළිබඳ බෙහෙවින්ම ඔබට ස්තූතියි
Deleteමගේ ගුරු ජීවිතයට දැනට අවුරුදු විසි පහක්. අදටත් දවසකට පඩි 245 ක පඩිපෙළක් නැගලා ඉස්කෝලෙට යනවා..යම් යම් අසනීප තත්ව මත මේක බොහෝම දුෂ්කර කාර්යයක්. කවිඳු මේ ගැන හොඳට දන්නවා..සමන්ත වගේම අපිත් එක දරුවෙක්ගේ හරි ඇස් පාදන්න උත්සාහ ගන්නවා.. නමුත් මගේ ඉස්කෝලේ ප්‍රශ්න වැල පටන් ගන්නේ දුප්පත් කම නිසාම නෙමෙයි. දේශපාලකයන්ගේ නොමනා තීරණ නිසා.. හැබැයි ඒ ප්‍රශ්න වලට විසඳුම කවදාහරි ගේන්නෙත් සමන්ත මහත්තයා වගේ අයගේ දේශපාලන දර්ශනය බව මම දන්නවා..කෙටියෙන් ප්‍රශ්න වැලෙන් එකක් දෙකක් ලියන්නම් සමන්ත මහත්තයට ඌව පළාත් සභාවේ මේ ගැන කතා කරන්න පුළුවන් නිසා..
ReplyDeleteමේ කියන ඉස්කෝලේ දියතලාව ජනානන්ද ජාතික පාසල පෙර පැවති පාලකයන්ගේත්ල වත්මන් පාලකයන්ගේත් නොමනා තීරණ නිසා මේ පාසලට අත්වී තියෙන්නේ ඉතාම අවාසනාවන්ත තත්වයක්. කෝටි ගණනක් වියදම් කරලා මහින්දෝදය විද්‍යාගාර, තාක්‍ෂණික පීඨ, සෞඛ්‍යාරක්ෂාව පෙරට වැනි ව්‍යාපෘති හරහා ලක්ෂ විස්සක වැසිකිලියක් ආදී පහසුකම් රාශියක් ලැබුනා.. ඒත් බණ්ඩාරවෙල ඉඳන් දිනපතා යන ගුරුවරුන්ට බස් රථයක් නෑ. පාසලේ ළමුන් සංඛ්‍යාව එන්න එන්නම අඩු වෙන්නේ අධ්‍යාපන මට්ටම අඩු නිසාවත් දුප්පත් කම නිසාවත් නෙවේ.. මහ ඇමතිගේ සහ අධ්‍යාපන බලධාරීන්ගේ නොමනා තීරණ නිසා.. උසස්පෙළ විද්‍යා ධාරාව වැහිලා යන්නේ හොඳින් සාමාන්‍ය පෙළ සමතුන් සියළු දෙනා බණ්ඩාරවෙලට, දියතලාවට යන නිසා.. කාපට් පාරවල් තියෙද්දි, උදේට බස්රථ සිය ගණනක් නගරයට ඇදෙද්දි දිනපතා පඩි දෙසිය ගණන් නගින්නේ දේශපාලන දඬුවම් මාරු ලබපු මංවගේ අය විතරයි. ඒ මදිවාට දියතලාව මහ විද්‍යාලයට කිසිම විද්‍යාගාර පහසුකමක් නැතිව උසස් පෙළ විද්‍යා විශය ධාරාව අනුමත කරලා.. ඒ විදුහල්පති වත්මන් ඌවේ මහ ඇමතිගේ පක්ෂයේ.. ඉතාම හිතවතෙක්.. දේශපාලන සමීපයෙක්..ඉතින් පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂත් මේවා අනුමත කරනවානේ.. අපේ පාසලේ විද්‍යාගාර නිකම්ම විනාස වෙලා යනවා.. ගුරුවරු ඉන්නවා.. සම්පත් උපරිමයට තියනවා.. සාමාන්‍ය පෙළ දක්වා ප්‍රතිඵලත් උපරිමයි.. හැබැයි දක්ෂ දරුවෝ ඔක්කොම නගරයට යනවා..පටු වංගු සහිත කදුරුගමුව මාර්ගයේ පාසල් වේලාවට විතරක් හරි බණ්ඩාරවෙල ඉඳන් ගමන් වාර දෙකක් සහිත ඉතා කුඩා ලංගම බසයක් දැම්මොත්, අඩුම තරමේ බණ්ඩාරවෙල නගරයේ පාසල්වලට ඇතුළුවිය නොහැකි වූ දරුවෝ ටික වත් මේ පාසලට එකතු කළ හැකියි.. දියතලාව මහා විද්‍යාලයේ උසස්පෙළ විද්‍යා විෂය ධාරාව නවත්වන්න, ගුරුවරු ඉන්න, විද්‍යාගාරතියෙන මේ පාසලේ විද්‍යා විෂය ධාරාව රැකගන්න.. කවිඳුත් එක්ක එකට අරලගංවිල ඉස්කෝලේ ගිහිල්ලා අටේ පන්තියේදි අස්වෙලා ගිය රත්න චමින්ද සමරතුංග තමා මේ පාසලෙන් අන්තිමට බිහිවුණ ඉංජිනේරුවා.. ආචාර්ය මහාචාර්යවරු 18 ක් විතර අතීතයේ බිහි කරපු මේ කීර්තිමත් ඉස්කෝලේ වැහෙන්න නොදී රැක ගන්න නම් විවෘත කතිකාවක් අවශ්‍ය මයි..පුළුවන්නම් මේ ගැන හඬක් නගන්න.. දිනෙක මේ විද්‍යාලය පැත්තේ ඇවිත් යන්න එන්න..අපි එකතු වෙලා මේ ලෝකය වෙනස් කරමු..
අදහස් දැක්වීම පිළිබඳ බෙහෙවින්ම ඔබට ස්තූතියි. අද රටෙත් අධ්‍යාපනය සැළකියයුතු විනාශයකට ලක්වෙලා. ඊට වඩා ඌවේ අධ්‍යපනය තත්ත්වය විනාශ වෙමින් තියෙනවා. එය වළක්වා ගැනීම වෙනුවෙන් අපට කළහැකි උපරිම දේ අපි කරමින් ඉන්නවා.
Deleteරැකියාවම සේවයක් ලෙස කළ හැකි අවස්තා එන්නේ අඩුවෙන්. ඔබට ලැබුණු ඒ ඉඩට ඔබ උපරිමයෙන් සාදාරනය ඉටු කරනවා වගේ... ඒ අවස්ථාවේදී අමාරු උනත්... ඒක දවසක හදවතට ලොකු සැහැල්ලුවක් ඉතිරිකරනවා .. ඒක මම අත්විදීමෙන්ම දන්නවා..
ReplyDeleteඔබේ ලියමන අගය කරනවා..
ඊටත් වැඩියෙන් ඔබ කරන මේ සත් කටයුත්ත අගය කරනවා..
සියල්ලටත් වැඩියෙන් ඔබේ හදවතේ උපදින මනුස්සකම අගය කරනවා...
(මේ දරුවන් සදහා ශිෂ්‍යත්ව ක්‍රමයක් සදා ගත හැකිනම් සහ ගොඩනැගිලි පදනමක් හදා ගත්තොත් උදව් කළ හැකි පිරිසක් හොයාගත් හැකි වෙවි කියා හිතනවා.)
අදහස් දැක්වීම පිළිබඳ බෙහෙවින්ම ඔබට ස්තූතියි
Deleteජයවේවා ...දිගටම ලියන්න...
ReplyDeleteඅකුරු කරන්නට පොඩි සංදියෙ බාලේ
මතකයි මව්පියන් නුඹ මට දුන් තාලේ
දෙපතුල වටී දෑතින් වැඳ ඒ කාලේ
දුන් දුන්කොළ බුලත් වේලුණි මැද සාලේ......
පාඩම් කියා දී හඬ ගෑ උගුර තලා
රජ පෙරහැරට නුඹ වැන්නන් එකතු කළා
වේවැල් කොටු නාරං අතු ඉවත හෙළා
මම එතැනම ය ඉමි ගුරු නිවසටම වෙලා......
නුඹලෑ නමින් කැපකොට හොඳ කලවයස
කොපමණ රජුන් හැදුවද ගණිමු ද කෙලෙස
නොහැඟෙන ලෙසින් පෑදූ බව සිය නැණැස
පසුකර පියමනිති දරුවෝ ගුරු නිවස......
පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සංගීතය හා ගායනය: වික්ටර් රත්නායක
බෙහෙවින්ම ඔබට ස්තූතියි.
Deleteමෙතෙක් කල් මේ අඩවිය නෙත නොගැටීම ගැන කණගාටු වෙනවා. දැන්ම බ්ලොග් රෝලට දාගන්නවා. මමත්, ගුරු වෘත්තියේ සිට හමුදාවට ගියත්, ගුරු වෘත්තීය තවම සිහිනෙන් ගෑ සුවඳක් මෙන් සිතේ තියනවා.
ReplyDeleteදුෂ්කර පාලාත් ගුරු සේව්‍ය ගැන, විවිධ ගුරුවරුන් ලියන ලද ලිපි, කෙටිකතා, නවකතා, විවිධ ආඛ්‍යාන, කියවා තිබනවා. දුෂ්කර පාලාත්වල හමුදා සේයේ යෙදෙද්දී, ඔබ කියන ආකාරයටම, දරුවන්ගේ පාසල් ගමන කඩාවැටී ඇති හැටි දැක තිබෙනවා. අපි, එවැනි පාසල් වලට විවිධාකාරයෙන් උදව් කළා.
හමුදා රථයකින් ළමුන් පාසලට රැගෙන යාම/ඒම.(හමුදා නීතියට පටහැනියි)
පාසල් පොත්, උපකරණ, සපත්තු, ලබාදීම.
කොළඹින් ගුරුවරුන් ගෙන්වා සම්මන්ත්‍රණ පැවැත්වීම.
හමුදාවේ සම්පත් වලින් ගුරු නිවාස වැඩිදියුණු කොට, දුෂ්කර සේවයේ සිටින ගුරුවරුන් රඳවා තබාගැනීමට කටයුතු කිරීම.
එවැනි සේවා වලින් කීපයක්.
අපේ රටේ දේශපාලනයෙන් වැඩියෙන්ම බැටකන ක්‍ෂේත්‍රය, අධ්‍යාපනය යන්නයි, මගේ මතය. මේ කාලකන්නිකම කවදා මගහැරෙයිද මන්දා.
ඔබේ ලේඛන විලාශය ඉතා අගෙයි. ගුරුවර ගුරුවරියන් යයි කියන සමහර අය ලියන බ්ලොග් කියවීමේදී, අනේ අපොයි කියා හිතෙනවා, ඔවුන්ගේ භාෂා විලාශය දැකීමෙන්.
ආත්ම තෘප්තිය සඳහා පමණක් නොව, කියවන්නාගේ ඇස් ඇරවීම සඳහා දිගටම ලියන්න. ඔබට ජය!
අදහස් දැක්වීම පිළිබඳ බෙහෙවින්ම ඔබට ස්තූතියි
Delete"ඈ මගේ නෙළුම් මල
ReplyDeleteරොන් සුවඳ බෙදා දෙන
වන්නි ගම් දොරක පීදෙන
පුංචි පැටව්නට
හේනට එන ගිරවුන්ගෙන්
අකුරු ඉගෙන ගෙන
අහසේ තරු ගණන් කරන
ගල්කැට ඇහිඳින
පුංචි පුතුනි බලාගන්න මගේ නෙළුම් මල
ඉල්මාසේ වැහි එනතුරු
නියගෙට වේලෙන
නෙළුම්මලට මල්යායට සීතල අරගෙන
වැවක් වෙන්න ඉඩ දෙනවද හීනෙන්වත් මට"
ගී පද – රත්න ශ්‍රී විජේසිංහ
තනුව - එච්. එම්. ජයවර්ධන
ගායනය – ගුණදාස කපුගේ
මහ පොලොවෙ පයගහල මහ පොලොවෙන් ඉපදිච්ච මිනිහෙක්ට අමුතුවෙන් මේ පොලොවට බැහැල වැඩකරන්න අවශ්‍යතාවයක් නෑ.එහෙම මනුස්සයෙක් වෙච්ච ඔබ මේ කරපු සේවය පිලිබඳ මවිතයක් ඇත්තටම අපිට නැහැ.මොකද ඔබ මේ සමාජයට කරල තියෙන සේවය එක්ක සංසන්දනය කරනකොට මේ සඳහන් කරල තියෙන්නෙ අංශු මාත්‍රයක් පමණයි.කාලෙකින් පම්පෝරි,කල්පිත හැරදා සැබෑ මිනිසෙකුගේ සැබෑ කතා මාලාවක් කියවන්න ලැබුනා.ඒ පිලිබඳ සතුටුයි.ඔක්කොටම වඩා බ්ලොග් ලෝකය තුල තවත් මහියංගනෙ නියෝජනයක් එකතු උනාට ආඩම්බරයි.ඒකත් මැවැනි සොඳුරු චරිතයක්.
Deleteගුරුවරු බිහිකරන්න ලංකාවෙ ඒ වෙනුවෙන්ම තියෙන හොඳම තැන විද්‍යාපීට බව මං විස්වාස කරනවා විද්‍යාපීට ගුරු සිසුවෙකු ලෙස.නමුත් අභාග්‍යසම්පන්නම කාරණාව විද්‍යාපීටවලින් නොවන එකම දේත් හොඳ ගුරුවරු බිහි නොවීම වීමයි.බොහොමයක් ගුරු සිසුන් මහන්සිවෙලා පාඩම්කරනවා,එසයිමන්ට්ස් කරනවා,දාස් ගනන් වියදම් කරල බොහොම මහන්සිවෙලා ඉගෙනුම් ආදාරක හදනවා බ්ලොක් ටීචින් යන්න.මොකටද.. ඉහලම ලකුනු ප්‍ර්මාණයක් ලබාගන්න.මොකටද... අන්තිමේ හොඳ ඉස්කෝලයක් ලබාගන්න.හොඳ ඉස්කෝලයක් කිව්වෙ?? ළමයි දෙතුන් හාරදාහක් ඉන්න,විසාල පරිමාණෙ සුඛෝපභෝගී පාසලක්.. අඩුම තරමෙ අනිවාර්‍ය දුෂ්කර සේවෙ අවුරුදු 5ත් නාමික ගිවිසුමක් විතරයි දැන් පීඨ වල.ඕකයි තත්වෙ,අපිට අපෙ ගම් රටවල් ගැන දුකයි.. විද්‍යාපීඨ ගැන දුකයි,ළමයි බඳවා ගැනීමේ සිට පත්වීම් ලැබෙන තැන දක්වා සියල්ල ගැන දුකයි.ඇත්තටම අපේ ඌව හරිම අසරණයි.මේ ගැන කතාකරන්න දේවල් ගොඩයි.මේ ගැන මගේ බ්ලොග් එකේම පෝස්ට් එකක් දාන්න ඕනි, ඒතරම්ම දේවල් තියෙනව කියන්න.
අදහස් දැක්වීම පිළිබඳ බෙහෙවින්ම ඔබට ස්තූතියි
Deleteජයවේවා සහෝදරයා...
ReplyDeleteආයෙත් විප්ලවයක් නොකරනා තාක් කල් මම උඹලට ආදරෙයි... උඹලත් නැහ්නන් මේ රට විනාශ වෙලා ඉවරයි.....
ලොකයේ විප්ලව සිදු නොවුනානම් තාමත් අපි ගල් ගුහාවල, ගස් බෙනවල. වහල් ක්‍රමයට විරුද්ධව වහල් හිමියන්ට එරෙහිව ස්පාර්ටකස්ලා ඇතුළු වහල් සටන් කාමීන් අරගල නොකරා නම් ලෝකය තාමත් වහල් හිමියන් අතේ. අද පවතින් අසාධාරණයටත්, අයුක්තියටත් එරෙහි සටනක් තියනවා. ඒ සටන ජයගත යුතුම සටනක් බව කාරුණිකව දන්වමි. අදහස් දැක්වීම පිළිබඳ බෙහෙවින්ම ඔබට ස්තූතියි.
Delete//ලොකයේ විප්ලව සිදු නොවුනානම් තාමත් අපි ගල් ගුහාවල, ගස් බෙනවල. වහල් ක්‍රමයට විරුද්ධව වහල් හිමියන්ට එරෙහිව ස්පාර්ටකස්ලා ඇතුළු වහල් සටන් කාමීන් අරගල නොකරා නම් ලෝකය තාමත් වහල් හිමියන් අතේ.// කාල් මාක්ස් මෙන්න මෙහෙම කිව්වා තමා. Karl Marx once noted in a letter to Engels that Spartacus was among the greatest, if not the greatest, hero of the ancient world and held him up as an example to be followed (Volume 41, 265). නමුත් ලෝකය තාමත් එහෙම නොවුනා නම් වහල් හිමියන් අතේ කියන එක සාවද්‍ය ප්‍රකාශයක් හා මාක්ස්වාදයට විරුද්ධ කටහ්වක්. හේතුව වහල් ක්‍රමය බිඳ වැටෙන්නේ නිෂ්පාදන සම්බන්ධතා දියුණු වීම නිසා තව දුරටත් වහල් ක්‍රමය පවත්වා ගෙන ය නොහැකි නිසා. මාක්ස් කියල තියෙන්නේ රෝමන් ප්‍රොලිටෙරියට් (නිර්ධන පන්තිය) පැරසයිට් ල කියල. ඔවුන යැපෙන්නේ. යැපුණේ වහලුන් ගෙන්. නිෂ්පාදන දියුණු වීමේදී වහල් ක්‍රමය කඩා වැටුන. නමුත් වර්තමාන modern ස්ලෙවරි එක අවසන් වුනේ 1833 වැනි මෑත කාලයක්. අරගල වලින් සහයක් ලැබුනත් ලෝකයේ විප්ලව සිදු වුයේ නිෂ්පාදන සම්බන්ධතා වල ක්‍රමික වෙනස් වීම මත.
Deletehttp://www.ancient.eu/article/871/
Deletehttp://www.marxist.com/spartacus-representative-of-proletariat.htm
දුයිෂෙන්,
ReplyDeleteරටක් කරන හොඳම ආයෝජනය අධ්‍යපනය වෙනුවෙන් කරන යෝජනා කියලයි මම හිතන්නේ.ඔබ කියනා පරිදි ඇතැම් දේශපාලකයින්ගේ නොමනා ක්‍රියා නිසා රටේ අධ්‍යාපනයට අත් වෙලා තියෙන ඉරණම ඛේදනියයි.නමුත් පරිපලකයින්ගේ අමනෝඥ තීන්දු,තීරණ වලට එරෙහිව කටයුතු කරන්න අපිට එකතු වෙන්න පුළුවන් නම් රටේ අධ්‍යාපනය මිට වඩා ඉහල තැනකට ගෙන එන්න පුළුවන් වේවි.
අදහස් දැක්වීම පිළිබඳ බෙහෙවින්ම ඔබට ස්තූතියි
Deleteබ්ලොග් ලොවට පැමිණීම ඉතා වටිනවා.. දිගටම රැදී සිටීම, ඔබටත් ලොකු පිටිවහලක් වේවි.. හරියටම බැලුවොත් බ්ලොග් ස්පියරයත්, අපේ සමාජයේ කපාපු පලුවක්ම නිසා.. ජය වේවා.. දිගු ගමණක් යෑමට සුභ පැතුම්
ReplyDelete.
අදහස් දැක්වීම පිළිබඳ බෙහෙවින්ම ඔබට ස්තූතියි
Deleteදැන් ඉතිං දුයිෂෙන් කවුදැයි දන්නා නිසා මේ ටිකත් කිව යුතුයි.
ReplyDeleteඔබ හොඳ අවංක මනුස්සයෙකු බව මා හඳුණා ගත්තේ දේශපාලන චරිතයක් ලෙස ඔබේ කියුම් සහ කෙරුම් දැකයි. ඇත්තට ම පසුගිය අගෝස්තු මැතිවරණයේ බදුල්ල ප්‍රතිඵලයෙන් මා කම්පාවට වුනා කීවොත් නිවැරදියි.
දැන් මේ විස්තරය අසා බොහෝ දෙනෙකු මෙන් මා ද ඔබ ගැන සිතා සිටි දේ තවත් ස්ථිර වුණා.
නමුත් මේ ටිකත් කිව යුතුයි.
මගේ අත්දැකීමට අනුව, ඕනෑම හොඳ පුද්ගලයෙකු පක්‍ෂයකට බැඳුණු පසු තමන් ගේ හෘද සාක්‍ෂිය පාවා දෙන්න වෙනවා. පක්‍ෂයේ මතය වෙනුවෙන් පෙනී සිටින්නට වෙනවා. ඔහු හෝ ඇයට තව දුරටත් තමන්ගේ ම හෘද සාක්‍ෂියක් නැතුව යනවා.
කුමාර් ගුණරත්නම් කියා කෙනෙකු පක්‍ෂයේ සිටයේ නැත වගේ බයිලා කියන්නට වෙන්නේ එවිටයි. ඒ එය පක්‍ෂයේ ප්‍රකාශය නිසායි.
ඔබට දිගටම තමන්ට අවංකව ක්‍රියා කිරීමට ලැබේවා යි මම ප්‍රාර්ථනය කරනවා.
එසේම, ප්‍රධාන පක්‍ෂ දෙකට බහුතර බලයක් නැති, ඔබේ පක්‍ෂයට බල තුලනය කළ හැකි පාර්ලිමේන්තුවක ඔබ ද සිටිනවා දකින්නට මා කැමතියි.
ජයවේවා!
අදහස් දැක්වීම පිළිබඳ බෙහෙවින්ම ඔබට ස්තූතියි. මිල මුදල්, තනතුරු තනාන්තර හමුවේ හෘදසාක්ෂිය පාවා දෙන්නේ නැත්තම්, සමාජ පොදු යහපත වෙනුවෙන් සමූහයක් එකතුවී සහෝදරත්වයෙන් ගමනක් යානම් ඒ ඉතා අගනේය බව පවසමි. එසේ යන අතර මඟ සමහරුන් මඟ නැවතීම, වෙන මංවල යාමද සිදුවන බව ඉතිහාසයම කියාපායි. හෘදසාක්ෂිය එසේ කියන බව ඔබට කාරුණිකව දන්වමි.
Deleteමා දුයිෂෙන් ගේ අඩවිය ගැන ලිපි දෙකක් ම ලීවා.
Delete1. දුයිෂෙන්ලාට වැරදෙන තැන - Just my opinion
http://rasikalogy.blogspot.com/2016/05/just-my-opinion.html
2. අපේ කාලයේ දුයිෂෙන්ට මොකද වුනේ? - One step forward, two steps backward? -
http://rasikalogy.blogspot.com/2016/09/one-step-forward-two-steps-backward.html
සුබපතනවා සමන්ත අයියට ...
ReplyDeleteබෙහෙවින්ම ඔබට ස්තූතියි
Deleteඔබට කියන්නට ඇති දෑ කියවන්නට උනන්දුවෙන් බලාසිටිමි.....
ReplyDeleteබෙහෙවින්ම ඔබට ස්තූතියි
Deleteඔබ ගේ දේසපාලනේ විවේචනය කොලොත් එයට ශිශ්ට සම්පන්නව මුහුනදීමේ හැකියාවක් තිබෙනවාද?
ReplyDeleteසා රස වගේ? :-D
Deleteඅකුරු අමුණලා එන විදිය තේරෙනවා. ශිෂ්ඨ සම්පන්න නැති සමාජයක් තුළ බොහෝ අපුල සිදුවීම් සිදුවෙමින් තිබෙනවා. අකුරු වලින් ගොඩක් දේවල් කරන්න පුළුවන්. ශිෂ්ඨ සම්පන්න විවේචන රැගෙන එන්න. ඒවා අදාල තැන් වලදි ඉදිරිපත් කරන්න. විවේචන මග නොහැර යමි. බෙහෙවින්ම ඔබට ස්තූතියි
Deleteකලුඅප්පුඅරාව නම හැදුනේ කොහොමද? "අරාව" ඇලක්ද?
ReplyDeleteඒ ගැන නිවරදිව කියන්න. තොරතුරු මදි. ස්තූතියි.
Deleteදුයිෂෙන් නමින් බ්ලොගය ආරම්භ කලත් ඔබගේ අනන්‍යතාවය දැනටම හෙලිදරව් වී හමාරය . පසුගිය මහ මැතිවරණයේදී බදුල්ල සහ ගාල්ල දිස්ත්‍රික්ක දෙකෙන් ඔබගේ පක්ෂයට ආසන දෙකක් අහිමි වීම ගැන මම සැබැවින්ම කම්පා වුණිමි.
ReplyDeleteඔබතුමන්ලා පක්ෂයට ලැබුණු ජනතා ප්‍රසාදය අවස්ථා දෙකකදී පරිවාස ආණ්ඩුවක් සැදීම සහ එක්සත් ජනතා නිදහස් සංධානය සැදීම වෙනුවෙන් විකුණා දැමූ නිසා ඔබලාගේ පක්ෂයට විශාල හානියක් සිදුවිය . මින් ඉදිරියට වත් ඔබලා අනුන්ව රජ කිරීමේ ප්‍රතිපත්තියෙන් බැහැර වී ජනතාව රජ කරවීමට කටයුතු කල යුතුය. "මාගේ සතුරාගේ සතුරා මාගේ මිතුරාය" යන න්‍යායෙන් බැහැරව ක්‍රියා කරන්න . ගම්බද දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවීමට ඔබ දරණ උත්සාහයට මගේ ප්‍රනාමය
රට වෙනුවෙන් සිතා, සිංහල දෙමළ මුස්ලිම් ඇතුළු ජාතික සමගිය වෙනුවෙන් පරිවාස සංධාන ගොඩනැගිනි. ඉන් ලද කෙටිකාලීන ලාභ රටට ඇතත් සංධාන ක්‍රියාවලිය මගින් පක්ෂයේ ඉදිරිගමනට පාඩුවක්, හානියක් සිදුවූ බව අප පිළිගෙන ඇත. වැරදුනු තැන් ලාභයක් කොට, අත්දැකීම් මුසු කොට ඉලක්කය කරා, නොපසු බටව ගමන් කරමු. අදහස් දැක්වීම පිළිබඳ බෙහෙවින්ම ඔබට ස්තූතියි.
Deleteදුයිෂෙං සෑර්.. දරුවංගෙ ඇස් පාදපු එකට මගේ භක්තිය !!!
ReplyDeleteබ්ලොග් ආගමනයට සුබපැතුම් .. දිගටෝම ලියාගෙන යං …
බෙහෙවින්ම ඔබට ස්තූතියි
Deleteඔබට මගේ හද පතුලෙන් නැගන ආචාරය ඒ ලිපිය ලිය ඇති විලාශය හරිම අපූරැයි සිත් ගන්නා සුලුයි. ඔබට යහපතක්ම වෙවා
ReplyDeleteබෙහෙවින්ම ඔබට ස්තූතියි
Deleteදුයිෂෙන් එන බවට කටකතා තිබුණා..
ReplyDeleteමම වගේම ඔබට ආදරය කළ තවත් බ්ලොගර් කෙනෙක් බ්ලොග්කාරයොන්ට දුයිෂෙන්ගේ ආගමනය ගැන කියා තිබුණා.
ඔබ යා යුතු තැනට යවන්න බදුල්ලේ මිනිස්සුන්ට බැරි වුණ වෙලාවෙ මාත් ලිව්වා සටහනක්.
දේශපාලනය කරද්දී මනුස්සකම් අවංකකම් නිර්ව්‍යයාජකම් යට යනව කියන එක ඇත්තක් වුණේ ලංකාවෙ අපුල සහගත ෂයිලොක් දේශපාලන සංස්කෘතිය ඇතුලෙ..
අවංක මිනිස්සුත් ඉන්නව.
සුභපැතුම්
අදහස් දැක්වීම පිළිබඳ බෙහෙවින්ම ඔබට ස්තූතියි.
Deletehttp://uduwaage.blogspot.com/2015/08/blog-post_21.html?m=1
ReplyDeleteඔබේ ලේඛණ ශෛලියනම් ආකර්ශනීයයි. බ්ලොග් ආගමනයට සුබ පැතුම්!
ReplyDeleteබෙහෙවින්ම ඔබට ස්තූතියි.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඔන්න සර් අපිත් මේ පැත්තෙ ආව.
ReplyDeleteඔබට ස්තූතියි.
Deleteදුයිෂෙන් ලා අඩු මේ කාලේ අපේ කාලේ දුයිෂෙන් කෙනෙක් ගැන අහන්න ලැබුණු එකත් සන්තෝසයි.
ReplyDeleteආණ්ඩුවෙන් ඔක්කොම කරනකං කට බලියාගෙන බලාගෙන ඉන්නේ නැතිව, දේශපාලන යාන්ත්‍රනේට හැමදාම දොස් කියන්නේ නැතිව මෙහෙම වැඩ කරන මිනිස්සු ඉන්නවනං පංකාදු පහයි!
ඔබට ස්තූතියි.
Deleteලියන්නෙ කවුරුන්දැයි බොහෝ අය දැන සිටියත් මට නම් අනුමානයක්වත් නැහැ.
ReplyDeleteදුයිෂෙන් අපේ තරුණ කාලේ පරමාදර්ශී චරිතයක්. ඔබටත් දේශපාලන බැඳීම් වලින් වියුක්තව නිදහසේ අදහස් පළ කරන්නට ධෛර්‍යය පතනවා.
ක්‍රි.පූ. 384 - 322 වකවානුවේ ජීවත් වූ මහා දාර්ශනිකයෙකු වූ ඇරිස්ටෝටල් ලිවූ ආචාර ධර්ම හා දේශපාලනය කෘතියේ මිනිසා දේශපාලන සත්වයෙකු බව පැහැදිලිව පවසයි. ඔබ දැක්වූ අදහසට බෙහෙවින් ස්තූතියි.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඔබ පාර්ලිමේන්තුවේ සිටිනු දක්නට කැමැත්තෙමි.....
ReplyDeleteස්තූතියි.
Deleteඅටමා තමා පාර කිව්වේ...... අපිටත් කවුරුන්දැයි සොයා ගැනීමට හදිසියක් නැහැ... ඔහොම යමු..... පළමු පියවරම ඉතා සාර්ථකයි........ ඔබේ බ්ලොගය ගැනත් සතුටුයි... ඊටත් වඩා සතුටු දැන් බ්ලොග් ලෝකයේ තියෙන මේ සහෝදරත්වය ගැනයි...... ජයවේවා
ReplyDeleteඔබ දැක්වූ අදහසට බෙහෙවින් ස්තූතියි.
Deleteපළමු ලියමනට සුබපැතුම්.දිගටම ලියන්නට වේලාව සහ ශක්තිය ලැබේවා.අවුරුදු විස්සකට කලින් ඇතිලිවැව මහආරගම විදුහලේ මා උගන්වපු කාලය සිහියට ආවා. ළමයින් පාසලට ගෙන්වා ගන්න අපිත් ඔය වගේ විශාල පරිශ්‍රමයක් දරපු හැටි තවම මතකයි. අද නම් ඒ විදුහල හුඟක් දියුණු වෙලා.
ReplyDeleteඔබ දැක්වූ අදහසට බෙහෙවින් ස්තූතියි.
Deleteමේ බ්ලොග් එක ලියන්නේ පක්සෙන් අවසර අරන්ද?
ReplyDeleteමේ පෝස්ට් එකේ පලවුනු වැදගත් ම කොමෙන්ට් එක!
Deleteඅකුරු අමුණලා එන විදිය තේරෙනවා. පිළිතුරු දුයිෂේන්ගේ ලිපියෙම තියනවා.Sa rasa කියන වැදගත් කමක් මට දැනෙන්නෙම නෑ. ස්තූතියි
Deleteඔබතුමා මා ඉතාම ගෞරව කරන මිනිසෙක්. ඔබගේ අදහස් බ්ලොග් සටහන් අතරේ කියවන්න ලැබිම ඉතාමත් සතුටට කාරණාවක්. මේ වගේ දුයිෂෙන් ගුරුවරුන් ගැන මා අසා තිබෙනවා. රටක පදනම රදා පවතින්නේ බුද්ධිමත් දරු පරම්පරාවක් මත. ඒත් ඒ දරුවන්ට ශක්තිමත් අත්තිවාරමක් දාන්න බුද්ධිමත් වැඩිහිටියෝ ඉන්නේ බොහොම අතළොස්සයි. ඒක තමයි කණගාටුවට කාරණේ.
ReplyDeleteඔබ දැක්වූ අදහසට බෙහෙවින් ස්තූතියි.
Deleteඅපි අයිත්මාතව් නිසාවෙන් කිර්ගීසියාවේ දුයිෂේන් ගැන දන්නවා...
ReplyDeleteලංකාවේ දුයිෂේන්ලා, ඔස්ත්‍රොව්ස්කිලා ගැන ලියන්න කෙනෙක් හරියකට හිටියෙ නෑ තවම.
අපේ දුයිෂේන් ඒ අඩුව පුරවාවි කියලා ඉත සිතින් බලාපොරොත්තු වෙනවා
ඔබ දැක්වූ අදහසට බෙහෙවින් ස්තූතියි.
Deleteලියන්නේ කවුරුන්දැයි දැන ගත් පසු සතුටක් වගේම දුකක්ද ඇති වුණා..
ReplyDeleteසතුට තමයි ඔබ වැනි දේශපාලකයෙක් බ්ලොග් හරහා සිය අදහස් ගෙන ඒම. කොහොමත් පුද්ගලයෙක් ලෙස ඔබේ අදහස් හා නිර්ව්‍යාජ මැදිහත්වීම් වලට මා කැමැතියි.
දුක තමයි ජ.වි.පෙ. පූර්ණකාලීනයෙක් හා හිටපු පාර්ලිමේන්තු මංත්‍රීවරයෙක් මෙන්ම නියෝජ්‍ය ඇමතිවරයෙක් විදිහට පක්ෂයේ අවසරයෙන් තොරව ඔබට අදහස් දක්වන්න බැරි වෙන එක. එතනදි ඔබ සීමාවක කොටු වෙන එක.
ඉස්සරහට බලමු. සුබපතමි.
හේන් කුඹුරු ආරක්ෂාවට ගොවියන් වැට කඩොළු බඳිති. ඒ අන් කාරණයක් නිසා නොව නිපදවන ආහාර එනම් අස්වැන්න වනසන සතුරන්ද සිටිනා බැවිනි. එසේම ගොවියා වගා කළ කුඹුරේ කුරුළු පාළුව නම් ලියද්දක් ඔවිට අද්දරට වන්න තබා ඇත්තේ අහිංසක සතුන් වෙනුවෙන්ද බව දක්වමි. අපිද වගා කරමු. ඒ රටේ දුක් විදින සියලු ජනයාගේ යහපත වෙනුවෙනි. එසේම එම වගාව එම ජනයා වෙනුවෙන්ම ආරක්ෂා කරමු. ඔබට බෙහෙවින් ස්තූතියි.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමගෙ පුන්චිකාලෙ මටත් දුයිශේන්ල ගොඩක් හම්බවෙලා තියෙනව. ඒ දුයිශේන්ලට පින්සිද්දවෙන්න වෙල් ඉපනැල්ලෙන් මතුවුන හේන් වල දැලි මතින් දුවපු මාත් එක්ක ඉගෙනගත්ත පොඩි එවුන් ගොඩක් අද ලොකු මිනිස්සු වෙලත් ඉන්නව. ඒ කතන්දර නවකතාවක් වගේ තාම මතකයේ තියෙනව. අද කාලයේ දුයිශෙන්ල නැතුවම නෙමෙයි. හැබැයි විරලයි. එහෙම වෙන්න හේතුව සහ ඒකට පිලියම නම් තාම ඔයාලවත් දන්නෙ නැහැ. මම තේරුම්ගත්ත විදිහට මගේ පුන්චිකාලෙ හිටපු ද්යිශෙන්ල බොහොමයක් බිහිකලේ දේශපාලන දර්ශණයකින් නෙමේ. ඊට එහා ගිය මානවදයාවාක් එයාල ජන්මයෙන් අරන් ඇවිල්ල තිබ්බ. පසුකාලයක ඒ මානවදයාවට දේශපාලනය මුහු කරන්න ගිය අය විසින් අනාගත දුයිශෙන්ලව ගබ්සා කලා.
ReplyDeleteමේ පවතින සමාජ ක්‍රමය මොරන්න මොරන්න යහපත් සියලු දේ විනාශ කර දමනවා. අධ්‍යාපනය විතරක් නෙවෙයි, පරිසරයද, සංස්කෘතියද, නිදහස් සෞඛ්‍යද මේ බොහොමයක් විනාශ කරමින් පවතින්නේ මේ පාලන ක්‍රමය මගින් බව කියන්න ඕන. ඒ වගේම මේ තත්ත්වය වෙනස් කරන්න සැබෑ රටට හිතැති පාලන ක්‍රමයක් එන්න ඕන. ගුරු ගීතයේ දුයිෂෙන් බිහිවුනෙත්, ඔහු ආදර්ශයක් කොටගෙන ලෝකයේ තවත් ගුරුවරු බිහිවූනෙත් සොවියට් දේශයේ සමාජවාදය බිහිවුනාට පසුව බව කාරුණිකව සිහිපත් කරමි.ඔබ දැක්වූ අදහසට බෙහෙවින් ස්තූතියි.
Deleteඔබට ස්තුතියි. මම ඔබ සමග වාදයකට යෑමට හෝ ඔබලාගේ උත්සාහය අවතක්සේරු කිරීමක් අදහස් කරන්නෙ නැහැ. ඒත් මම හිතනව මම කියනදේ ඔබ තේරුම්ගනී කියල. ඇත්ත. සොවීයට්දේශය බොහොමයක් සැබෑ මිනිස්සු බිහිකලා තමයි. ඒ වුනාට ඊට කලින් හිටපු ගොර්කිලාගෙ පරම්පරාව බිහිවුනේ සොවියට්දේශයට කලින්. අපේ රටේ අපි පුන්චිකාලෙ දුයිශෙන්ල හිටියෙ ගුරුවුර්තියෙ විතරක් නෙවෙයි. ගොඩාක් ශේශ්ත්‍ර වල එවාට අනන්ය වෙච්ච ද්යිශෙන්ල හිටිය ඒකාලෙ. එගොල්ලන්ගෙන් ගොඩක් අය ඔය කියන සමාජවාදය ගැන අහලවත් නැතුව ඇති.
Deleteමම කැමතියි තව දෙයක් මතු කරන්න. අපි පුන්චි කාලෙ පාවෙල්ල ගැන දුයිශෙන්ල ගැන, ඇලෙක්සේයිල ගැන ස්ටෙප්ස් බිමේ ලස්සන ගැන දැදිගම අපිට තේරෙන බාශාවෙන් කියල දුන්නෙ සමාජවාදී සෝවියට්දේශයෙ සුලඟ විඳගෙන.ඒත් ඊටපස්සෙ සමාජවාදී බිමක ඉඳගෙන මොන සහෝදරයද අපිට සමාජවාදය ගැන කියල දෙන්න ආවෙ? දැන් ඔය ගොඩක් සම්මජවාදය ගැන දෙසන බොහෝ දෙනෙක් විදින්නෙ දනවාදී යුරෝපයෙ හුලඟ නෙවෙයිද?
දුයිශේන් වගේ ගුරැවරැ කිහිප දෙනෙක් ඉගෙන ගත්ත ජීවිත කාලයට මුණ ගැහිලා තියෙනවා... ඔබේ ඒ උත්සහයට ගෞරවය පුද කරනවා.. දිගටම ලියන්න කියවන්න නොඉවසිල්ලෙන් ඉන්නවා ජය!
ReplyDeleteඔබ දැක්වූ අදහසට බෙහෙවින් ස්තූතියි.
Deleteහිතවත් සමන්ත. අපි මෙහෙම පටන් ගමු. ගුරුගීතයේ දුයිෂෙන්ට ඉස්කෝලයක් පටන් ගන්න බැරිවුනේ ඇයි. ඉතා අමාරු කැපකිරීමක් අවසානයේ උනත්! ඔහු ආවේ එළියෙන්. සෝවියට් සමුහ ආණ්ඩුවෙන්. ගමේ තිබ්බේ වැඩවසම් ශ්‍රමය වගුරවන ක්‍රමයක්. ඒකට දුයිෂෙන් ආවේ පිටින්. ආගන්තුකව ඉතිං fail උනා.
ReplyDeleteදැන් ගම්වල වෙන්නෙත් මේක නෙමේද ? ගම්වල ඉස්කෝලවලට ළමුන් එන්නේ නැත්තේ ගමේ ආර්ථික ක්රියාවලියට පිටින් තමයි ඉස්කෝල තියෙන්නේ. මටත් ඔය ගැන අත්දැකීමක් තියනවා. ගමේ ශ්‍රමය හිගයි. ඒක නිසා ළමුන්ට බල කරනවා ඉස්ස්කොලේ යන්නේ නැතිව කුබුරට යන්න. මේ සිස්ටම් එක ඇතුලේ ගමට වෙන විකල්පයක් නෑ ඉතා අවාසි සහගත කොන්දේසි තුල පවා නිෂ්පාදනයත් එක්ක ඉන්න ඔවුන්ට සිදු වෙනවා.
ඉතා යහපත් චේතනාවෙන් උනත් සමන්ත වගේ අය ළමයින්ව පාසැල් යැවීමට බිමේ වැඩ කරනව. එය මානුෂිය වැඩක්. ඒත් පාසල බිහි කරන්නේ සේවා ආර්ථිකයට අවශ්‍ය ශ්‍රමිකයෙක්. ගම්වල තරුණයින්ට ටයි පටි අන්දලා සේවා ආර්ථිකයේ සේල්ස් රෙප්ලා කරලා නන්නත්තාර චක්‍රයේ කොටස්කාරයින් කරන්න අපි හැමෝම දායක වෙනවා. අපි නොදනිම.
මේ බෝලොගය් කමෙන්ට්ස් දාන හැමෝම ඔබේ යහපත් ක්‍රියාව අගේකරනවා. ඒත් දුෂ්යෙන්ටත් වැරදුනේ මෙතන නේද ? දුයිෂෙන් අලුතෙන් කියවමු.
සරද වැරදුනේ දුයිෂෙන් අනුගමනය කරන්නට ගිය අයට මිස දුයිශේන්ට නොවේ.
Deleteදුයිශ්න්ටත් වැරදුන. ගමේ ආර්ථිකයට පිටින් කඩා පත්වෙන්න ගිහින්. ඒක වෙනස් නොකර. දැන් වෙනවා වගේ
Delete"මේ දුයිෂෙන් ගේ තියෙන ගමේ සම්බන්ධ කම් ඔය පොතේ දුයිෂෙන් කෙනෙකුට ආවනම් එයත් ගමට බහින්න ඕනේ.."
Deleteදුයිෂෙන්ට වැරදුනේ නැත. එසේවුවානම් අද අල්තිනායි මහචාර්‍යවරියක් නොවේ.
Deleteපළමු කාරණය දූයිෂෙන් සාර්ථක ලෙස පාසලක් ආරම්භ කළා. ඒ වගේම ඔහු සාර්ථක ගුරුවරයෙක්ද වුනා. දුයිෂෙන් ගුරුවරයෙක් වුනේ ඉගැන්වීමෙන් පමනක් නෙවෙයි. ඔහුගේ භුමිකාව ඉතා ගැඹුරුයි. මම මීට උඩින් උත්තරයක ලිව්වා මට දුයිෂෙන්ට හොදටම කිට්ටු වෙන්න බැරි වුණා කියලා. ඔහු පුළුල් අරමුණක් සහිතව කැප කිරීම් මධ්‍යයේ ඉලක්කයට ගමන් කළ මිනිහෙක්. අල්තිනායි මහාචාර්යවරියක් වෙලා ගමට එන දවසේ ඔහු කළ රාජකාරිය ලියුම් බෙදීමයි. එදත් ඔහු පාසලට ලියුම් දිලා උත්සවයට සහභාගි නොවී තම රාජකාරියට පිටත්වෙලා ගියා.
Deleteරටක ඉදිරි ගමනට සේවාව වගේම නිෂ්පාදන ආර්ථිකයක් අවශ්‍යයි. ඔබ හඟින අධ‍්‍යාපනයේ ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාවය අපි පිළිගන්නවා. එය පුළුල් ක්‍රියාවලියක් ඇතුලේ සිදුකළ යුතුයි. දුයිෂෙන්ට වැරදුනේ නැත.ඔබ දැක්වූ අදහසට බෙහෙවින් ස්තූතියි.
Adambarai
ReplyDeleteAdambarai
ReplyDeleteමට මේක කියවපු අවස්ථාවේ ආපු ගැටළුව තමයි, ඔබ ගුරු ගීතය කියෙව්වේ නැතිනම්, මේ කැපවීම නොකරන්නේද ? යන්න. ඒකෙන් ඔබ තුල සොඳුරු මිනිසෙක් නැතිදෝ කියා කුකුසක් ඇති වෙන්න පුළුවන් පාඨකයාගේ. මේකට දුයිශේන්ගේ අඩවිය කියලා නම් කරන්න ඔබට සම්පූර්ණ අයිතිය තියෙනවා. නමුත් ඔබට ඒ නම ඔබම කියා ගන්නා එක හොඳ නෑ, කියන එකයි මගේ විශ්වාසය. හොඳ උදාහරණයකට ක්‍රිකට් පිස්සෙක් වෙච්ච මට මගේ මිතුරෝ කිහිප පළක්ම සචින් යනුවෙන් ආමන්ත්‍රණය කරනවා. මම ඒක මෙතන කිව්වානම් මම විහිලුවකට ලක් වෙනවා. එක්කෝ මට හිතෙනවා ඔබ වෙනුවෙන් වෙනත් කෙනෙකු මේ බ්ලොග් අඩවිය මොඩරේට් කරනවද ? කියලා. එහෙම වුණොත් එයා ඔබට කියන නමනේ මෙතැන වැටෙන්නේ. මම පුද්ගලිකව පොතක එන මනඃකල්පිත චරිතයකට වඩා, ලංකාවේ භූමියේ දේශපාලනය කරන සමන්ත විද්යාරත්නට කැමතියි.
ReplyDeleteඉස්සෙල්ලා අවේ කිකිළිද ඉස්සෙල්ලා අවේ බිත්තරයද
Deleteඅදාල නෑ නේ............
පෙනුම ගැන එතරම් වටිනාකම් දෙමින් නොබලමු. හරය සම්බන්ධයෙන් වැඩි බරක් තියා ගණන් හදමු. ඔබ බෙහෙවින් ස්තූතියි.
බ්ලොග් අවකාශයට ඔබේ ආගමනය බොහොම වටිනවා.
ReplyDeleteදේශපාලනය තියෙන; නමුත් දේශපාලනය “කියන“ ලියවිලිවලට වැඩිය කවුරුත් ඇලුම් කරන එකක් නෑ.
කෙසේ වෙතත් ලිවීමේ නිදහස ඔබ සතුයි; අප පාඨකයන් පමණයි.
දේශපාලනයෙන් තොර අකුරු සෙවියමුත් හමු නොවුණි. දේශපාලනයෙන් තොර කෑම සෙවියමුත් හමු නොවුණි. දේශපාලනයෙන් තොරව හුස්ම ගැනීමට තැනක් සෙවියමුත් හමු නොවුණි. ඔබ දැක්වූ අදහසට බෙහෙවින් ස්තූතියි.
Deleteමමත් ආසාවෙන්ම කියවපු හොදම නවකතාවක්.. ආදර්ශමත් ගුරුවරයෙක් සහ ශිෂ්‍යාවක්.. මෙම පොත මම ත්‍යාග ලෙස පොත් 10 ක් 15ක් තරුණ දු දරුවන්ට ලබා දීලත් තියෙනවා . ඔබත් එවැනිම අපේම ලාංකීය භුමියේ ඉපදුන තවත් දුන්ස්හෙයින් කෙනෙක් කියල හිතෙනවා. පළමුව ඔබට හදපිරි ප්‍රණාමය පුද කරනවා.. ඔබ වැනිම දුන්ශේයින්ලා සියගණනක්.. ලංකා පොලව මත හොයාගන්න පුළුවන්.. නමුත් ඔබ සැමගේ පරමාර්ථය සාක්ෂාත් කර ගන්න මෙම දේශපාලන ආර්ථික ක්‍රමය වෙනස්කල යුතුම වෙනවා... ඒ සදහා දුරු රටක සේවය කරමින් උවද මම ද උපරිම සහය ලබා දෙනවා... මම ඒ සදහා තොර ගත්තේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ක්‍රියා මාර්ගයයි... මම දන්නේ නැහැ ඔබ එකගද නැද්ද කියල... නමුත් අපි මතුයම් දවසක එකතු වී අපේ මුළු ලාංකීය පොලොව මත සිටින දු දරුවන්ට හොදම දේ ලබා දී දෙනෙත් පියා ගමු.. එය කල හැකි වග මා විශ්වාස කරනවා... සහෝදරයා ඔබට තව තවත් දු දරුවන්ගේ නෙත් පැදීමට දිරිය හා ශක්තිය සමග ජය පතමි....
ReplyDeleteඔබ දැක්වූ අදහසට බෙහෙවින් ස්තූතියි.
Deleteගුරුතුමනි ,
ReplyDeleteබ්ලොග් පිටුවකට කරන පළමුවෙනි කොමෙන්ටුව ඔබතුමාගේ පිටුව වෙනුවෙන් කරන්න ලැබීම ගැන මම ප්‍රථමයෙන් සතුටු වෙමි. ඔබ වැනි මිනිසුන් දහස් ගණනක් මේ ශ්‍රී ලංකා මාතෘ භුමියට අවශ්‍ය කාලයක් උදා වෙලා තියෙන්නේ. රටේ කුහක දේශපාලුවන්(හොඳ මිනිසුන් හැරුණකොට) මේ රටට වැඩක් කරනකම් බල සිටියහොත් අපි මේ රටේ ජාතක වී මේ රටට කිසිම වැඩක් නොකර නිකරුනේ මියැදීම මේ මාතෘ භූමියට කරන ලොකුම අගෞරවයක් වනවා නොඅනුමානය.ඔබතුම ගැන මම පැහැදුනේ ඔබතුමා ඉමහත් වීර්යයක් මේ රටේ අහිංසක, දුප්පත් ජනතාව වෙනුවෙන් , අව්‍යාජව දරන නිසයි.
දුප්පතා දරුවෙකුට දෙන්න පුළුවන් උසස්ම ත්‍යාගය නම් , අධ්‍යාපනයයි. ඒ වෙනුවෙන් ඔබතුමාගේ උත්සාහයට මගේ ප්‍රණාමය. භෞතික සම්පත් සපයා ගැනීමට උදව් දීමට කැමැත්තෙන් සිටිමි.
ඔබතුමාගේ ධෛර්යමත්, අවංක උත්සාහය සාර්ථකත්වයෙන් වඩ වඩාත් සාර්ථකත්වයට පත්වේවා !!! සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ආශීර්වාදය මේ වෙනුවෙන්...
ඔබ දැක්වූ අදහසට බෙහෙවින් ස්තූතියි.
Deleteමැතිවරණ ප්‍රතිපල අහන විට මුලටම හිට්යේ ඔබ. ඒත් ඔබගේ නම නැති උනාම සිල්ලම එපා උනා.මෙන්න මෙ කොටස වැදගත් "මගේ අත්දැකීමට අනුව, ඕනෑම හොඳ පුද්ගලයෙකු පක්‍ෂයකට බැඳුණු පසු තමන් ගේ හෘද සාක්‍ෂිය පාවා දෙන්න වෙනවා. පක්‍ෂයේ මතය වෙනුවෙන් පෙනී සිටින්නට වෙනවා. ඔහු හෝ ඇයට තව දුරටත් තමන්ගේ ම හෘද සාක්‍ෂියක් නැතුව යනවා." ඉතින් ඔබේ නිර්ව්‍යාජ මනුස්සත්වය සදාකල්හිම රැදේවා.
ReplyDelete/* "මගේ අත්දැකීමට අනුව, ඕනෑම හොඳ පුද්ගලයෙකු පක්‍ෂයකට බැඳුණු පසු තමන් ගේ හෘද සාක්‍ෂිය පාවා දෙන්න වෙනවා. පක්‍ෂයේ මතය වෙනුවෙන් පෙනී සිටින්නට වෙනවා. ඔහු හෝ ඇයට තව දුරටත් තමන්ගේ ම හෘද සාක්‍ෂියක් නැතුව යනවා." */
Delete@ Punchi Bandara Herath,
මා ඉහත දැක්වූ අදහස අනුමත කරමින්, නැවත උපුටා දකවමින් එය නුතන දුයිෂෙන් ගේ අවධානයට නැවත යොමු කිරීම ගැන ඔබට ස්තුතියි.
මා දුයිෂෙන් ගේ අඩවිය ගැන ලිපි දෙකක් ම ලීවා.
1. දුයිෂෙන්ලාට වැරදෙන තැන - Just my opinion
http://rasikalogy.blogspot.com/2016/05/just-my-opinion.html
2. අපේ කාලයේ දුයිෂෙන්ට මොකද වුනේ? - One step forward, two steps backward? -
http://rasikalogy.blogspot.com/2016/09/one-step-forward-two-steps-backward.html